slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2024
චමිඳු වික්‍රමසිංහට එක්දින වරම්

sinhala editor

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලියේ පළමු තරග 2ම ජය ගනිමින් ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස මේ වන විට තරගාවලිය ජය ගෙන තිබෙන නමුත්, ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා නවසීලන්ත කණ්ඩායමට මෙම තරගයේ ජය අතිශයින්ම තීරණාත්මක වේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ එක්දින වරම් හිමිකර ගැනීමට සමත්වූවේය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගනු ලැබූ 215 වැනි ක්‍රීඩකයා වන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා විසින් චමිඳු වික්‍රමසිංහට එක්දින වරම් පිරිනැමීම වෙනුවෙන් වූ හිස් වැස්ම ප්‍රධානය කළේය.

චමිඳුගේ ඇතුළත්වීම හැරුණු කොට දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමෙන් වෙනස්කම් 5 ක් සමඟින් මෙම තරගයට ශ්‍රී ලංකාව අවතීර්ණවීම කැපි පෙනෙයි. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුව කණ්ඩායමෙන් තරගාවලියෙන් නිදහස් කිරීමට පියවර ගැනීම නිසාත්, නවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබාදීම සඳහාත් ශ්‍රී ලංකා කලමනාකාරීත්වය මෙම තරගය අවස්ථාවක් කර ගෙන තිබේ. ඒ අනුව සංචිතයේ සිටි නිශාන් මදුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, මොහොමඩ් ෂිරාස් සහ ඩිල්ෂාන් මධුශංකට අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාව තිබේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායම අද තරගයේදී වෙනස්කම් දෙකක් සිදු කරමින් අවතීර්ණව සිටිති. දෙවැනි තරගයට ක්‍රීඩා කළ නේදන් ස්මිත් සහ ජෙකොබ් ඩෆී වෙනුවට සැකරි ෆෝල්ක්ස් සහ ඇඩම් ම්ලින් කණ්ඩායමට කැඳවා තිබේ.  

ශ්‍රී ලංකාව – නිශාන් මදුශ්ක, අවිශ්ක  ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, චරිත් අසලංක (නායක), චමිදු වික්‍රමසිංහ, ජනිත් ලියනගේ, මොහොමඩ් ශිරාස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ඩිල්ෂාන් මදුශංක.

නවසීලන්තය – ටිම් රොබින්සන්, යිල් යංග්, හෙන්රි නිකල්ස්, මාක් චැප්මන්, ග්ලෙන් පිලිප්ස්, මිචෙල් හේ, මයිකල් බ්‍රේස්වෙල්, මිචෙල් සැන්ට්නර් (නායක), සැකරි ෆෝල්ක්ස්, ඉස් සෝධි, ඇඩම් ම්ලින්.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

USD United States (US) dollar