slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2024
තෙවැනි තරගය වැස්සට සේදෙයි

sinhala editor

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවරුන්ට සිදුවිය. පන්දුවාර 21 ක් අවසානයේ හෙවත් ප.ව. 4.00 වන විට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී කුණු 112 ක් ලබා සිටියහ. මෙම තරගය වර්ෂාවට සේදී යෑම නිසා තරගාවලියේ පළමු තරග 2 ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක් ලෙසින් තරගාවලියේ ජය හිමිවිය. මෙම තරගාවලි ජය මෙවර වසරේදී ශ්‍රී ලංකාව ලද පස්වැනි එක්දින තරගාවලි ජය වශයෙන් සනිටුහන් විය.

විටින් විට තරගයට වර්ෂාවෙන් බාධා පැමිනුණු නමුත්, තරගය කොයි මොහොතක හෝ ආරම්භ කිරීමේ සූදානමින් ක්‍රීඩාංගණ සේවක පිරිස අපමණ උත්සාහයක නිරත වූ නමුත් රාත්‍රී 7.45 පමණ වන විට තරගය අත්හැර දැමුණු තරගයක් බවට පත් කිරීමට කටයුතු කළ බව විනිසුරුවරු නිවේදනය කර සිටියහ.

දැවී ගිය එකම පිතිකරුවා වූ ටිම් රොබින්සන්ගේ කඩුල්ල මොහොමඩ් ශිරාස් විසින් දවා ගත්තේ චරිත් අසලංකගේ විශිෂ්ඨ උඩ  පන්දු රැකීමත් සමඟිනි. තම දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කරන ලද ශිරාස් අද දවා ගනු ලැබුවේ සිය එක්දින තරග දිවියේ මංගල කඩුල්ලය.

තරගය නතර කර දමනා විට පන්දුවට පහර දෙමින් සිටි විල් යංග් පන්දු 68 කදී ලකුණු 56 ක්ද හෙන්රි නිකොල්ස් පන්දු 51 කදී ලකුණු 46 ක්ද ලබා සිටියහ.

ක්‍රීඩාංගණ සේවක පිරිසගේ අපමණ මහන්සිය සහ කැපවීම මත තරගය යළි ආරම්භ කිරීම වෙනුවෙන් ප.ව. 6.00 ට ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමට නියමිතව තිබුණද නැවතත් වර්ෂාව පැමිණීම නිසා තරග ආරම්භය තවදුරටත් ප්‍රමාද විය. කෙසේ වෙතත් යළිත් වර්ෂාවේ බාධාව දිගින් දිගටම පැමිණී නිසා තරගය අතහැරු දැමුණු තරගයක් ලෙසින් විනිසුරුවරු නිවේදනය කර සිටියහ.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය තමන් සතු කරගත් නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගාවලියේ පළමු තරග 2ම ජය ගනිමින් ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස මේ වන විට තරගාවලිය ජය ගෙන තිබෙන නමුත්, ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා නවසීලන්ත කණ්ඩායමට මෙම තරගයේ ජය අතිශයින්ම තීරණාත්මක විය.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ එක්දින වරම් හිමිකර ගැනීමට සමත්වූවේය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගනු ලැබූ 215 වැනි ක්‍රීඩකයා විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා විසින් චමිඳු වික්‍රමසිංහට එක්දින වරම් පිරිනැමීම වෙනුවෙන් වූ හිස් වැස්ම ප්‍රධානය කළේය.

චමිඳුගේ ඇතුළත්වීම හැරුණු කොට දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමෙන් වෙනස්කම් 5 ක් සමඟින් මෙම තරගයට ශ්‍රී ලංකාව අවතීර්ණවීම කැපි පෙනුණි. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුව කණ්ඩායමෙන් තරගාවලියෙන් නිදහස් කිරීමට පියවර ගැනීම නිසාත්, නවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබාදීම සඳහාත් ශ්‍රී ලංකා කලමනාකාරීත්වය මෙම තරගය අවස්ථාවක් කර ගෙන තිබේ. ඒ අනුව සංචිතයේ සිටි නිශාන් මදුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, මොහොමඩ් ෂිරාස් සහ ඩිල්ෂාන් මධුශංකට අද තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාව තිබේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායම අද තරගයේදී වෙනස්කම් දෙකක් සිදු කරමින් අවතීර්ණ වූයේ දෙවැනි තරගයට ක්‍රීඩා කළ නේදන් ස්මිත් සහ ජෙකොබ් ඩෆී වෙනුවට සැකරි ෆෝල්ක්ස් සහ ඇඩම් ම්ලින් කණ්ඩායමට කැඳවමිනි.

නවසීලන්ත පන්දුවාර 21 කදී කඩුලු 1 ක් දැවී ලකුණු 112 යි – විල් යංග් 56*, ටිම් රොබින්සන් 09, හෙන්රි නිකොල්ස් 46*, මොහොමඩ් ශිරාස් 23/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යෞවනයෝ අභියෝගය භාර ගනිති
    ඉ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු […]
  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee