slc
logo
Home   |    News
නොවැම්බර් 10, 2024
පළමු විස්සයි20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට ජය

sinhala editor

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකා පිල හිමිකර ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, දුනිත් වෙල්ලාලගේ 3 වැනි ඕවරයේදී පන්දුව අතට ගැනීමත් සමඟ නවසීලන්තයේ අපේක්ෂා බිඳ වැටෙන්නට පටන් ගත්තේය. ඒ අනුව නවසීලන්තය ඕවර් 20 තුලදී ලකුණු 135ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් බිඳ වැටී තවත් ඕවරයක් ඉතිරිව තිබියදීම ලකුණු 140ක් ලබා ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 67ක් තුළ බිඳ වැටුණු අතර, සකාරි ෆෝක්ස් පන්දු 16ක් තුළදී හයේ පහරක් හා හතරේ පහරක් සමඟ ලකුණු 27ක් ලබා ගනිමින් නවසීලන්තයට යම් ගෞරවාන්විත තත්ත්වයක් උදා කළේය. 9 වන කඩුල්ල සඳහා ලකුණු 39ක සබඳතාවක් පවත්වා ගනිමින් ඉදිරියට යෑමට නවසීලන්තය පසුපෙළ පිතිකරුවන් සමත්වීම කැපී පෙණුනි.

ආරම්භක පිතිකරු ටිම් රොබින්සනගේ කඩුල්ල දවාගත් දුනිත් වෙල්ලාලගේ නවසීලන්ත පිල නොසිතූ ආකාරයට අමාරවේ දැමූ අතර, නුවන් තුෂාර, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට යොමු කළහ. වෙල්ලාලගේ ඕවර් 3.3 ක් තුළදී ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, වනිඳු, තුෂාර හා මතීෂ කඩුලු 2 බැගින් බිඳහෙලා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියද, පැතුම් නිස්සංක ලකුණු 19ක් ලබා සිටියදී දෙවන කඩුල්ල ලෙස දැවී ගියේය. කලකට පසු යළිත් එක්වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 17කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 23 ක් ලබා සිටියදී තුන්වන කඩුල්ල ලෙස දැවී ගියේය. සිව්වැනි කඩුල්ල සඳහා නායක චරිත් අසලංක හා කමිඳු මෙන්ඩිස් ලකුණු 33ක සබඳතාවක් ගොඩනැගූ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 23ක් ලබා සිටියදී දැවී ගිය අතර, චරිත් අසලංක නායකත්වයේ ක්‍රීඩා කොට පන්දු 28කදී හයේ 2ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 35 ක් ලබා ගත්තේය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණට පැමිණියේය.

නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 135 (ඕවර් 19.3)
විල් යංග් 19, ග්‍ලේන් පිලිප්ස් 13, මයිකල් බ්‍රේස්වෙල් 27, මිචෙල් සැන්ටර් 16, සකාරි ෆෝක්ස් නොදැවී 27, ඉෂ්සෝධි 10, අතිරේක 16 ( මහීෂ් තීක්ෂණ 21/1, නුවන් තුෂාර 14/2, වනිඳු හසරංග 20/2, මතීෂ පතිරණ 25/2)

ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 140 (ඕවර් 19)
පැතුම් නිස්සංක 19, කුසල් ජනිත් පෙරේරා 23, චරිත් අසලංක නොදැවී 35, කමිඳු මෙන්ඩිස් 23, වනිඳු හසරංග 22 (සකාරි ෆෝක්ස් 20/3)

Active filters

Recent Posts

  • ඉන්දීය යෞවනයෝ අභියෝගය භාර ගනිති
    ඉ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු […]
  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee