slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2024
17 න් පහළ පිලේ නායකත්වය කිත්මට

sinhala editor

එක්දින තරග 3 කට සහ තුන්දින තරග 2 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ වයස අවුරුදු 17 ් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි නායකත්වය කොළඹ ආනන්ද විදුහලේ කිත්ම විදානපතිරණට හිමිව තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමට යාපනයෙන් ප්‍රෙද්ශයෙන් ක්‍රීඩකයෙක් තේරීපත්වී තිබීමද කැපී පෙනෙන්නකි. වී. ආකාෂ් යාපනය විදුහල නියෝජනය කරමින් කණ්ඩායමට පැමිණ සිටින ක්‍රීඩකයා වේ.

නම් කරන ලද කණ්ඩායම පළමු එක්දින තරග 2 සඳහා පමණක් වලංගු වේ.

මෙම තරගාවලියේ පළමු තරගය මේ මස 24, 26 සහ 28 යන දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළමු තුන්දින තරගය දෙසැම්බර් මස 01 වැනිදා ද දෙවැනි තරගය දෙසැම්බර් 06 වැනිදා ද පැවැත්වේ.

රෙහාන් පීරිස් (කොළඹ රාජකිය), දුල්සිත් දර්ශන (ගාල්ල මහින්ද), ජනිඳු රණසිංහ (ඩී.එස්. සේනානායක), සෙනුජ වෙකුණගොඩ (මරදාන ශාන්ත ජෝෂප්), කිත්ම විතානපතිරණ (නායක – කොළඹ ආනන්ද), ජේසන් ප්‍රනාන්දු (බම්බලපිටිය ශාන්ත පීතර), ජොෂුවා සෙබස්තියන් (බම්බලපිටිය ශාන්ත පීතර), සෙත්මික සෙනෙවිරත්න (මහනුවර ත්‍රිත්ව), චලන දිනෙත් (පානදුර රාජකීය), රජිත නවෝද්‍ය (කුරුණෑගල මලියදේව), වී. ආකාෂ් (යාපනය හාර්ට්ලි), කෙනුල පිහිලිංග (මහනුවර කිංග්ස්වුඩ්), රයන් ග්‍රෙගරි (කටුගස්තොට ශාන්ත අන්තෝනි), රසිත නිම්සර (වත්තල ලයිසියම්), ඔසඳ පමුදිත (නාලන්දා විදුහල)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar