slc
logo
Home   |    News
දෙසැම්බර් 13, 2024
තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා

sinhala editor

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. 4.25 ට පමණ ඇද හැළුණු වර්ෂාව රාත්‍රී 8.45 වන තෙක්ම පැවැතීම නිසා පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ජැෆ්නා ටයිටෑන්ස් සහ කැන්ඩි බෝල්ට්ස් තරගය සහ රාත්‍රී කාලයේ පැවැත්වීමට නියමිතව තිබූ හම්බන්තොට බංග්ලා ටයිරග්ස් සහ කලම්බු ජැගුවර්ස් තරගයද එකම පන්දුවක් හෝ  යැවීමට නොහැකිව අතහැර දැමුණි.

ප.ව. 4.00 ට ආරම්භ වුණු තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් කණ්ඩාය වර්ෂාව හේතුවෙන් තරගය නතර කර දමන විට කඩුලු 4 කට ලකුණු 53 ක් රැස් කරගෙන සිටියේය. භානුක රාජපක්ෂ පන්දු 04 කදී ලකුණු 12 ක් වාර්තා කිරීමත් තරග තහනමකින් පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල රැස් කර තිබූ ලකුණු 13 ත් හැරුණු කොට වෙනත් කැපී පෙනීමට දෙයක් තිබුණේ ප්‍රතිවාදී පිලේ දුෂාන් හේමත් ලකුණු 07 ක් ඇතුළත දවා ගන්නා ලද කඩුලු 2  පමණි.

ගෝල් මාවල්ස් පන්දුවාර 5.5 කදී කඩුලු 4 කට ලකුණු 54 යි – (භානුක රාජපක්ෂ 12*, නිරෝෂන් දික්වැල්ල 13, දුෂාන් හේමන්ත 07/2, බෙනී හොවෙල් 07/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee