slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2024
ෆ්ලෙචර් – ශකීබ් ගෝල් මාවල්ස්ට පළමු ජය රැගෙන එති

sinhala editor

පන්දු 25 කදී ලකුණු 66 ක වේගවත් ඉනිමක් දියත් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුවත් සෙසු පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සහයෝගය නොමැතිවීම නිසා ලංකා ටී-10 තරගාවලිය යටතේ අද (11 දා) පැවැති දෙවැනි තරගයෙන් ගෝල් මාවල්ස් හමුවේ කඩුලු 7 ක පරාජයක් අත්විඳීමට කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායමට සිදුවිය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දෙවැනි තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි බෝල්ට්ස් පන්දුවාර 10 අවසනදී කඩුලු 5 ක් දැවී රැස් කරගනු ලැබුවේ ලකුණු 100 ක් පමණි. මෙහිදී චන්දිමාල් හැර පන්දුවට පහර දීමට පැමිණි පිතිකරුවන් 6 දෙනා අතුරින් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූයේ නායක තිසර පෙරේරා (10) පමණි. වේගවත් ඉනිමක් දියත් කළ චන්දිමාල් සිය ලකුණු 66 ක ඉනිම සඳහා හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් එල්ල කළේය. පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු තම පන්දුවාර 2 දී ලකුණු 9 ක් පමණක් ලබා දී ප්‍රතිවාදී කඩුලු 3 ක් දවා ගනිමින් කණ්ඩායම අඩපමණ කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ගෝල් මාවල්ස් කණ්ඩායම පන්දුවාර 7.4 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය රැස් කර ගැනීමට සමත්වූවේය. මාවල්ස් ජයග්‍රහණය සනිටුහන් වන විටත් ඇන්ඩ්‍රෙ ෆ්ලචෙර් හයේ  පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 21 කදී ලකුණු 41 ක් ද ශකීබ් අල් හසන් පන්දු 08 කදී ලකුණු 20 ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

මාවල්ස් වෙනුවෙන් ඉනිම ඇරැඹි සඳුන් වීරක්කොඩි (13) සහ ඇලෙක්ස් හේල්ස් දෙදෙනාම ලකුණු 38 ක් ඇතුළතදී දැවී ගිය අතර අනතුරුව පැමිණි භානුක රාජපක්ෂද දුවද්දී දැවී යෑමකට හසුව පිටියෙන් ඉවත් වන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට ලකුණු 39 ක් වශයෙනි. කෙසේ වෙතත් සිව්වැනි කඩුල්ලට එක් වුණු ෆ්ලෙචර් සහ අල් හසන් යුගල පන්දු 27 කදී වේගවත් ලකුණු 63 ක නොබිඳිණු සම්බන්ධතාවත් පවත්වමින් ගෝල් මාවල්ස් කඩුලු 7 ක ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ.

මේ අතර පස්වරුවේ පැවැති නුවරඑළිය කිංග්ස් සහ කලම්බු ජැගුවර්ස් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව නිමාවට පත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් නුවරඑළිය කිංග්ස් කන්ඩායම පන්දුවාර 6 ක් අවසානයේ කඩුලු 1 කට ලකුණු 79 ක් ලබා සිටියේය. මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 18 කදී ලකුණු 50 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේ ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් ද ඇතුළත් කර ගනිමිනි.

කැන්ඩි බෝල්ට්ස් පන්දුවාර 10 කදී කඩුලු 5 ට ලකුණු 100 යි – (දිනේෂ් චන්දිමාල් 66, තිසර පෙරේරා 10, බිනුර ප්‍රනාන්දු 09/3, මහීෂ් තීක්ෂණ 25/1, ජෙෆ්රි වැන්ඩර්සි 22/1)

ගෝල් මාවල්ස් පන්දුවාර 7.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණඅ 102 යි – ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් 41*, ශකීබ් අල් හසන් 20*, සඳුන් වීරක්කොඩි 13, ඇලෙක්ස් හේල්ස් 23, ඉමාද් සීම් 21/2)

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee