slc
logo
Home   |    News
දෙසැම්බර් 18, 2024
ගෝල් මාවල්ස් අවසන් මහ තරගයට යළිත් කිට්ටු කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ලංකා ටි-10 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක මහනුවර බෝල්ට්ස් සහ ගෝල් මාවල්ස් අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පරාජිතයින් ඉවත් කිරීමේ තරගය හෙවත් එලිමිනේටර් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ ගෝල් මාවල්ස් කණ්ඩායම තරගාවලියේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද පස්වරුවේදී සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 121 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් මාවල්ස් පිතිකරුවෝ එය පන්දුවාර 8.4 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී සපුරා ගත්හ. වේගවත් පිතිහරඹයක නිරත වූ ශකීබ් අල් හසන් පන්දු 8 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් නොදැවී ලකුණු 29 ක් රැස් කරමින් ගෝල් මාවල්ස් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

භානුක රාජපක්ෂ ක්‍රීඩා කළ ඉනිමද අමතක කළ නොහැක. ලකුණු 26 ට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී ළහිරු උදාරට එක්වූ භානුක තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 56 ක සම්බන්ධතාවත් පැවැත්වූවේය. ශකීබ්ට පෙර ගෝල් පිල වෙනුවෙන් වැඩි මෙහෙවරක් ඉටු කළ භානුක රාජපක්ෂ පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ තරේ පහර 4 ක් සමඟ ලකුණු 42 ක් රැස් කළේය.

මුලින්ම පන්දුවට පහරදුන් කැන්ඩි බෝල්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසවනදී කඩුලු 4 කට ලකුණු 120 ක් ලබා ගත්තේය. ඒ වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ ජෝර්ජ් මන්සේ පන්දු 27 කින් ලකුනු 6 1ක් රැස් කළේය. ඒ ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් එල්ල කරමිනි. මෙහිදී හොඳින් පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් උරහිසේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් නොවන්නට මිට වඩා ලකුණු සංඛ්‍යාවකට යෑමට බෝල්ට්ස් පිලට අවස්ථාව තිබිණ. පිටියෙන් ඉවත් වන විට චන්දිමාල් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 30 ක් ලබා සිටියේය.

කැන්ඩි බෝල්ට්ස් පන්දුවාර 10 කදී කඩුලු 4 ට ලකුණු 120 යි – පැතුම් නිස්සංක 15, දිනේෂ් චන්දිමාල් 30, ජෝර්ජ් මාන්සි 61

ගෝල් මාවල්ස් පන්දුවාර 8.4 කදී කඩුලු 4 ට ලකුණු 124 යි – ඇලෙක්ස් හේල්ස් 16, භානුක රාජපක්ෂ 42, ළහිරු උදාර 19, හකීබ් අල් හසන් 29*, චමිඳු වික්‍රමසිංහ 09*, චතුරංග ද සිල්වා 06/2, චාමික ගුණසේකර 18/1, ඉමාද් වසීම් 15/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee