slc
logo
Home   |    News
ජනවාරි 16, 2025
එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි තැන මහීෂ් තීක්ෂණට

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කරන ලද නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එහි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලියට පෙර එම 7 වැනි ස්ථානයේ රැදී සිටි තීක්ෂණ එම තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් ස්ථාන 4 ක් ඉදිරියට පැමිණෙමින් ලොව තෙවැනි හොඳම  පන්දු යවන්නාගේ ස්ථානයට පැමිිණ සිටියි.

නවසීලන්තයට එරෙහිව නිමාවට පත් වුණු එක්දින තරගාවලියේදී කඩුලු ත්‍රිත්වයක්ද සමඟින් කඩුලු 7 ක් බිඳ හෙළීමට සමත්වීමත් සමඟ තීක්ෂණ ප්‍රසාද ලකුණු 663 ක් ලබා සිටින්නේ එහි පළමු ස්ථානයේ රැදීසිටින ඇෆ්ගනිස්තානු පිලේ රෂීඩ් ඛාන්ට වඩා ලකුණු 6 ක් පිටුපසිනි. රශීඩ් ඛාන් ලකුණු 669 ක් ලබා සිටින අතර දෙවැනි ස්ථානයේ රැඳී සිටින කුල්දීප් යාදව් (665) ක් තීක්ෂණට ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 02 කිනි. මේ අතර පිතිකරුවන් අතර පැතුම් නිස්සංක ප්‍රසාද ලකුණු 666 ක් ලබා 10 වැනි ස්ථානයේ රැදී සිටින්නේය. මෙම තරගාවලියට පෙර 13 වැනි ස්ථානයේ රැදී සිටි නායක චරිත් අසලංක තරගාවලියේදී දක්වන ලද අසාර්ථක භාවය හේතුවෙන් එම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 5 කින් හෙවත් 18 වැනි ස්ථානය දක්වා පහත බැස තිබේ. කුසල් මෙන්ඩිස් එම ශ්‍රේණිගත කිරීමේ 27 වැනි ස්ථානයේ රැදී සිටින්නේය.

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee