ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (24) බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු එස්.එස්.සී. – බී.ආර්.සී. තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායමේ මාලින්ද පුප්ෂකුමාර ලකුණු 35කට කඩුලු හතක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූවේය. ඔහුගේ මේ සුවිශේෂී පන්දු යැවීම නිසා එස්.එස්.සී. කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 116 කට සීමාවිය.
මෙදින තරග සියල්ලටම වර්ෂාවෙන් බාධා ඇති විණි. එන්.සී.සී. සහ නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ සම්පත් නිශ්ශංක ලකුණු 20කට කඩුලු හතරක් දවාලීමෙන් වර්ෂාව මත තරගය නතර කරන විට නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය රැස් කර සිටියේ කඩුලු හතකට ලකුණු 85කි.
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු මුවර්ස් – සී.සී.සී. තරගයේ දී පළමුව පන්දුවට පහර දෙන සී.සී.සී. කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු තුනකට ලකුණු 100ක් ලබා සිටියේය.
සී.සී.සී. වෙනුවෙන් ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ (ලකුණු 32) සහ අංක තුන පිතිකරු මිනෝද් භානුක (නොදැවී ලකුණු 30යි) දෙවන කඩුල්ලට පන්දුවාර 13ක දී ලකුණු 48ක සබඳතාවයක් තබා ගත්හ.
- නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය – එන්.සී.සී.
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු එන්.සී.සී. කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.
එන්.සී.සී. කණ්ඩායමේ සම්පත් නිශ්ශංක දක්ෂ ලෙස පන්දු යවමින් ලකුණු 20කට කඩුලු හතරක් දවාලමින් පෙන් වු කුසලතා මත නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම වර්ෂාව මත තරගය නතර කරන විට රැස්කර ගෙන සිටියේ කඩුලු හතක් දැවී ලකුණු 85ක් පමණකි. මෙදින යැවීමට හැකි වුයේ පන්දුවාර 23ක් පමණකි.
නුගේගොඩ කණ්ඩායමේ කැපී පෙනුණු පිතිකරුවා වු චාමික එදිරිසිංහ පන්දු 26කට මුහුණ දී හතරේ පහක් සමග නොදැවී ලකුණු 22ක් ලබා සිටියේය.
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම කඩුලු 7ට 85යි – (චාමික එදිරිසිංහ නොදැවී 22, ඇන්ජලෝ පෙරේරා 22, අවිශ්ක පෙරේරා 15, සම්පත් නිශ්ශංක 20/4, චාමික කරුණාරත්න 23/2)
- එස්.එස්.සී. – බී.ආර්.සී.
බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු මේ තරගයේ දී කාසියේ වාසිය දිනු බී.ආර්.සී. තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.
බී.ආර්.සී. කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35කට එස්.එස්.සී. පිතිකරුවන් හත් දෙනකුම දවාලීමෙන් එස්.එස්.සී. කණ්ඩායමට පළමු ඉනිමේ රැස් කර ගත හැකි වුයේ සියල්ල දැවී ලකුණු 116ක් පමණකි.
එස්.එස්.සී. කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු සසිඳු මල්ෂාන් ලකුණු 32ක් රැස් කළේ පන්දු 39කට මුහුණ දී හතරේ පහර තුනක් සමගය. වර්ෂාව මත මෙදින යැවීමට හැකි වුයේ පන්දුවාර 36.3ක් පමණකි.
එස්.එස්.සී. පළමු ඉනිම සියල්ල දැවී 116යි – (සසිඳු මල්ෂාන් 32, ලක්ෂිත මානසිංහ 17, නිසල තාරක 14, ෂෙවෝන් ඩැනියල් 12, මනෝජ් සරත්චන්ද්‍ර 12, මාලින්ද පුෂ්පකුමාර 35/7, මොවින් සුබසිංහ 35/2)
බී.ආර්.සී. පළමු ඉනිම වර්ෂාව මත තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 06
- මුවර්ස් – සී.සී.සී.
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී කාසියේ වාසිය දිනු සී.සී.සී. කණ්ඩායම තීරණය කළේ මුලින්ම පන්දුවට පහරදීමටය.
වර්ෂාව මත මෙදින පන්දුවාර 25.1ක් පමණක් යැවිය හැකි වු අතර තරගය නතර කරන විට සී.සී.සී. කඩුලු 3කට ලකුණු 100ක් ලබා සිටියේය. වැඩිම ලකුණු ලාභින් වු ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 64කට මුහුණ දී හතරේ පහර තුනක් සමග ලකුණ 32ක් ද අංක තුන පිතිකරු මිනෝද් භානුක පන්දු 45ක දී හතරේ පහක් සමග නොදැවී ලකුණු 30ක් ද රැස් කළහ. මොවුන් දෙදෙනාගේ දෙවන කඩුල්ලේ සබඳතාවය 48කි. (පන්දුවාර 13යි)
සී.සී.සී. පළමු ඉනිම වර්ෂා මත තරගය නතර කරන විට කඩුලු 3ට 100යි – (ලසිත් කෘෘස්පුල්ලේ 32, මිනෝද් භානුක නොදැවී 30, නිශාන් මධුෂ්ක 13, රමේෂ් මෙන්ඩිස් 24/2)
- බ්ලුම්ෆීල්ඩ් – මීගමුව
බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු මීගමුව පිල තීරණය කළේ පළමුව පන්දු රැකීමටය.
බ්ලුම්ෆීල්ඩ් කිසිදු පිතිකරුවකුට ලකුණු 17ක් ඉක්ම විය නොහැකි විය. බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායමේ මාධව වර්ණපුර සහ දිල්ෂාන් මුණවීර කඩුලු දෙක බැගින් දවාලුහ.
බ්ලුම්ෆීල්ඩ් කඩුලු 5ට 63යි – (යොහාන් ද සිල්වා 17, හසිත බෝයගොඩ 16, කසුන් අබේරත්න 09, මාධව වර්ණපුර 14/2, දිල්ෂාන් මුණවීර 12/2)
- පොලීසිය – රාගම
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු රාගම කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටය. අයහපත් කාලගුණය මත මෙදින යැවීමට හැකි වුයේ පන්දුවාර පහක් පමණකි. තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු නවයක් ලබා සිටියේය.
- බදුරලිය – කෝල්ට්ස්
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී කෝල්ට්ස් කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.
ප්‍රථම පන්දුවාරයේ පන්දු හතරක් පමණක් යවා තිබිය දී (බදුරලිය කිසිවකු නොදැවී 05යි) අයහපත් කාලගුණය මත තරගය නතර කැරිණි.