slc
logo
Home   |    News
ජනවාරි 24, 2025
හිටපු පරිපාලක නීල් පෙරේරා මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළ කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්තිමත් පරිපාලකයකු ලෙසින් කටයුතු කරන ලද නීල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි. ශ්‍රී ලාංයෙ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිරයෙන් පිටුපස දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළ පෙරේරා මහතා සිය දිවියට සමුදෙන විට 95 වැනි වියේ පසුවූවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයකු ලෙස කටයුතු කරන ලද පෙරේරා මහතා එහි උප සභාපතිවරයකු ලෙසද කටයුතු කර තිබේ. ක්‍රිකට් පරිපාලකවරයකු ලෙස ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් පෙරේරා මහතා ලබා දුන් දායකත්වය ක්‍රිකට් ලෝලීන්ගේ මතකයේ සදා නොමැකෙනු ඇත.

මේ හෝක ජනක අවස්ථාවේදී ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් පෙරේරා මහතාගේ පවුලේ අයට, මිතුරන්ට සහ ඥාතීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි. පෙරේරා මහතාගේ අවසන් කටයුතු ජනවාරි මස 26 වැනි ඉරු දින ප.ව. 3.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී (පැරණි) සිදුකෙරේ. පෙරේරා මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය, 25 වැනි සෙනසුරාදා දින පෙ.ව. 10.00 සිට රාත්‍රී 10 තෙක් සහ 26 වැනි ඉරු දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා කොළඹ, බොරැල්ල, ජයරත්න ප්‍රභූ මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee