slc
logo
Home   |    News
පෙබරවාරි 3, 2025
ඒස් කැපිටල්, ටැමිල් යුනියන් සහ හලාවත මේරියන්ස් ජයග්‍රහණ වාර්තා කරති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දී ඒස් කැපිටල් , ටැමිල් යුනියන් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.ඒස් කැපිටල් ලකුණු 274කින් මීගමුව ක්‍රීඩා සමාජයත්  ටැමිල් යුනියන් ලකුණු 169කින් බී.ආර්.සී. කණ්ඩායමත් හලාවත මේරියන්ස් කඩුලු දහයකින් පාණදුර ක්‍රීඩා සමාජයත් පරාජයට පත් කළහ. තවත් තරග හතරක්ම අද (02) නිමාවට පත් වුයේ ජය පැරැදුමකින් තොරවය.

 ඒස් කැපිටල් සහ මීගමුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ඒස් කැපිටල් දෙවන ඉනිමේ දී අද (02) කඩුලු පහකට ලකුණු 327ක් රැස් කර ඉනිම නිමා කළ අතර එහි වැඩිම ලකුණු ලාභියා වු ෂම්මු අෂාන් පන්දු 83ක දී හතරේ හතරක් හයේ හතරක් සමග ලකුණු 69ක් ලැබීය. මීගමුව දෙවන ඉනිමේ දී සියල්ල දැවී රැස් කළේ ලකුණු 148කි. එහිදී මෙලන් හංසක ලකුණු 55කට කඩුලු පහක් දවාලුවේය.

 ටැමිල් යුනියන් සහ බී.ආර්.සී. අතර තරගයේ දී ටැමිල් යුනියන් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ප්‍රථම ඉනිමේ ලකුණු 24ක් ද දෙවන ඉනිමේ ලකුණු 98ක් ද රැස් කර පන්දු යැවීමේ දී දෙවන ඉනිමේ දී ලකුණු 18කට කඩුලු හයක් දවා තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය. ටැමිල් යුනියන් කණ්ඩායමේ තරිඳු රත්නායක ඉනිම දෙකේ දී කඩුලු 13ක් දවාලීමට ද සමත් විය.

 හලාවත මේරියන්ස් සහ පාණදුර අතර තරගයේ දී පාණදුර කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ දී ලකුණු 160ක් අවශ්‍ය වු අතර ඔවුන් ලකුණු 174ක් ලබා ඉන් ගැලවුණත් පසුව කඩුලු දහයක පරාජයට ලක්විය.

 දෙවන ඉනිමේ දී හලාවත මේරියන්ස් කණ්ඩායමේ දුවිඳු තිලකරත්න ලකුණු 53කට පාණදුර කණ්ඩායමේ කඩුලු හතරක් බිඳ දැමීය.

 සී.සී.සී. සමග තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ සහන් ආරච්චි (125) කමිල් මිෂාර (119) සහ කෙවින් බණ්ඩාර (නොදැවී 110) පිතිකරුවන් තිදෙනාම ශතක රැස් කිරීමෙන් එන්.සී.සී. පිලට පළමු ඉනිමේ දී ඉදිරියෙන් සිටීමට අවස්ථාව සැළසිණි.

 මුවර්ස් – එස්.එස්.සී. තරගයේ අද (02) එස්.එස්.සී. දෙවන ඉනිමේ දී දසුන් ශානක 123ක් ද (පන්දු 87යි හතරේ දහයයි හයේ අටයි) සහ චරිත් අසලංක ලකුණු 66ක් ද (පන්දු 110යි හතරේ පහයි හයේ දෙකයි) හයවන කඩුල්ලට ලකුණු 178ක සබඳතාවයක් තබා ගත්හ. මෙම ඉනිමත් සමඟම දසන් ශානක සිය පළමු පෙළ තරග දිවියේ ලකුණු 4000 කඩ ඉම ඉක්මවාලීමට සමත්විය.

පන්දු යැවීමේදී පළමු ඉනිමේදී කඩුලු 9 ක් දවා ගත් ටැමිල් යුනියන් කණ්ඩායමේ තරිඳු රත්නායක දෙවැනි ඉනිමේදීද ලකුණු 85 කට කඩුලු 4 ක් දවාලමින් සමස්ථ තරගයේදී ලකුණු 150 කට කඩුලු 13 ක් දවාලීමට සමත්වූවේය. ඊට අමතරව නුගේගොඩ නායක ටී.එන්. සම්පත් කඩුලු 10 ක්ද සහ මුවර්ස් ක්‍රීඩා සමාජයේ චානුක ඩිල්ෂාන් ලකුණු 95 කට කඩුලු 6 ක් ද දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

  • ඒස් කැපිටල් – මීගමුව  (ඒස් කැපිටල් ලකුණු 274කින් ජය ගනී)

 මීගමුව කණ්ඩායමට මේ තරගයෙන් ජය ලැබීමට දෙවන ඉනිමේ දී ලකුණු 423ක ඉලක්කයක් ඒස් කැපිටල් විසින් ලබා දුන්නත් මීගමුව දෙවන ඉනිමේ දී ද දැවී ගියේ ලකුණු 148කටය. ඒස් කැපිටල් ලකුණු 274කින් තරගය පහසුවෙන් ජය ගත්තේ දිනයේ අඩක්ම ඉතිරිව තිබියදීය.

 අද (02) ඒස් කැපිටල් දෙවන ඉනිම වෙනුවෙන් ෂම්මු අෂාන් ලකුණු 69ක් රැස් කළේ පන්දු 88ක දී හතරේ හතරක් සහ හයේ හතරක් සමගය. මීගමුව දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී ඒස් කැපිටල් කණ්ඩායමේ මෙලාන් හංසක ලකුණු 55කට කඩුලු පහක් දවාලුවේය.

 ඒස් කැපිටල් පළමු ඉනිම සියල්ල දැවී 228යි – (රවිඳු රත්නායක 59, උදයවංශ පරාක්‍රම 55, වනුජ සහන් 44, රොෂාන් ජයතිස්ස 36, සකුන ලියනගේ 19, උපුල් ඉන්ද්‍රසිරි 44/4, ෂෙෂාන් ප්‍රනාන්දු 39/3, මාධව වර්ණපුර 41/2)

 මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 153යි – (උමේෂ් ලක්ෂාන් නොදැවී 29, ෂෙෂාන් ප්‍රනාන්දු 26, දිල්ෂාන් මුණවීර 21, හිමාෂ ලියනගේ 20, ඇන්ජලෝ ජයසිංහ 16, වනුජ සහන් 62/5, රොෂාන් ජයතිස්ස 21/3, නිම්සර අතරගල්ල 38/2)

ඒස් කැපිටල් දෙවන ඉනිම කඩුලු 5ට 327යි – (පවන්ත වීරසිංහ 101, ෂම්මු අෂාන් 69, තනුක දාබරේ 60, රවීන් ද සිල්වා 42, උදයවංශ පරාක්‍රම 26, රවිඳු රත්නායක නොදැවී 13, උපුල් ඉන්ද්‍රසිරි 104/2, ධනුෂ්ක සඳරුවන් 45/2)

මීගමුව දෙවන ඉනිම සියල්ල දැවී 148යි – (උමේෂ් ලක්ෂාන් 27, ෂෙෂාන් ප්‍රනාන්දු 27, දිල්ෂාන් මුණවීර 25,  පසිඳු ලක්ෂාන් 22, මාධව වර්ණපුර 19, මෙලාන් හංසක 55/5, රොෂාන් ජයතිස්ස 31/3, වනුජ සහන් 36/2)

  • ටැමිල් යුනියන් – බී.ආර්.සී. (ටැමිල් යුනියන් ලකුණු 169කින් ජය ගනී)

 ටැමිල් යුනියන් කණ්ඩායමට ලකුණු 169ක පහසු ජයග්‍රහණයක් අත්කර දීමට ප්‍රබල පන්දු යැවීමක නිරත වු තරිඳු රත්නායක ප්‍රථම ඉනිමේ දී ලකුණු 65කට කඩුලු 9ක් ද දෙවන ඉනිමේ දී ලකුණු 85කට කඩුලු හතරක් ද දවා සම්පූර්ණ තරගයේ දී ලකුණු 150කට කඩුලු 13ක් බිඳ දැමීමට සමත් විය.

 තරිඳු රත්නායකට අමතරව ටැමිල් යුනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන දෙවන ඉනිමේ දී ලකුණු 18කට කඩුලු හයක් දවාලමින් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීමට සමත් විය.

 ටැමිල් යුනියන් පළමු ඉනිමේ දී ලකුණු 24ක් රැස් කළ නවෝද් පරණවිතාන දෙවන ඉනිමේ දී පන්දු 169ක දී හතරේ හතක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 98ක් රැස් කර ආරම්භක පිතිකරුගේ කාර්යයභාර්ය ද මනාව ඉටු කළේය.

ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 224යි – (සිනෙත් ජයවර්ධන 72, ළහිරු සමරකෝන් නොදැවී 49, නවෝද් පරණවිතාන 24, මොහමඩ් ෂමාෂ් 20, අයන සිරිවර්ධන 20, මොහමඩ් ශිරාෂ් 63/5, මාලින්ද පුෂ්පකුමාර 123/5)

 බී.ආර්.සී. පළමු ඉනිම 202යි – (රොෂේන් සිල්වා 67, දිල්ෂාන් ද සොයිසා 35, මාලින්ද පුෂ්පකුමාර නොදැවී 22, නවිඳු විතානගේ 16, තරිඳු රත්නායක 65/9)

ටැමිල් යුනියන් දෙවන ඉනිම සියල්ල දැවී 269යි – (නවෝද් පරණවිතාන 98, තරිඳු රත්නායක 81, සඳුන් වීරක්කොඩි 22, අයන සිරිවර්ධන 17, ළහිරු සමරකෝන් 13, මාලින්ද පුෂ්පකුමාර 93/6, මොවින් සුබසිංහ 86/3)

බී.ආර්.සී. දෙවන ඉනිම සියල්ල දැවී 112යි – (මොවින් සුබසිංහ නොදැවී 36, රවිජ සඳරුවන් 30, දිනුරු අබේවික්‍රම 17, නවෝද් පරණවිතාන 18/6, තරිඳු රත්නායක 85/4)

  • හලාවත මේරියන්ස් – පාණදුර (හලාවත මේරියන්ස් කඩුලු 10කින් ජය ගනී)

 ඉනිමක පරාජයෙන් බේරීමට පාණදුරට දෙවන ඉනිමේ දී ලකුණු159ක් අවශ්‍ය වු අතර ඔවුන් එහිදී ලකුණු 174ක් ලැබීය. පසුව හලාවත මේරියන්ස් දෙවන ඉනිමේ කිසිවකු නොදැවී ලකුණු 19ක් ලබා කඩුලු 10ක ජයක් වාර්තා කළේය. පාණදුර වැඩිම ලකුණු ලාභියා වු ඉම්තියාස් ස්ලාසා ලකුණු 25ක් රැස් කළේය. 

 දුවිඳු තිලකරත්න පාණදුර දෙවන ඉනිමේ දී ලකුණු 53කට කඩුලු හතරක් ද හෙෂාන් හෙට්ටිආරච්චි ලකුණු 15කට කඩුලු හතරක් ද දවාලුහ.

හලාවත මේරියන්ස් පළමු ඉනිම සියල්ල දැවී 303යි – (ෂෙහාන් ජයසූරිය 130, රවීන් යසස් 36, ලසිත් ලක්ෂාන් 32, තීක්ෂල ද සිල්වා 32, අයොන් ප්‍රනාන්දු 16, නිමේෂ් විමුක්ති 85/5, සහන් මිහිර 61/2)

 පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 146යි – (ඉරෝෂ් සමරසූරිය 32, රනිත ලියනආරච්චි 26, නිමේෂ් විමුක්ති 16, සහන් මිහිර 16, සුමිඳ ලක්ෂාන් 32/4, දුෂාන් විමුක්ති 53/4, දුවිඳු තිලකරත්න 23/2)

 පාණදුර දෙවන ඉනිම සියල්ල දැවී 174 – (ඉම්තියාස් ස්ලාසා 25, කේසර නුවන්ත 18, රමිඳ විජේසූරිය 18, ඉරෝෂ් සමරසූරිය 17, කාංචන ඩි ලිවේරා 17, දුවිඳු තිලකරත්න 53/4, හෙෂාන් හෙට්ටිආරච්චි 15/3, සුමිඳ ලක්ෂාන් 56/2)

හලාවත මේරියන්ස් දෙවන ඉනිම කිසිවකු නොදැවී 19

  • රාගම – කෝල්ට්ස්  (ජය පරාජයෙන් තොරව නිම වේ)

 කෝල්ට්ස් පළමු ඉනිමේ කඩුලු 6ට රැස් කළ ලකුණු 506ට පිළිතුරු ලෙස රාගම පළමු ඉනිමේ සියල්ල දැවී ගියේ ලකුණු 292කටය. රාගම ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 214ක් අවශ්‍යව නැවත වරක් දෙවන ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසියේය.

 කෝල්ට්ස් පළමු ඉනිම කඩුලු 6ට 506යි – (ධනංජය ලක්ෂාන් 150, මුදිත ලක්ෂාන් නොදැවී 117, සනෝජ් දර්ශික 101, කවිශ්ක අංජුල 31, ශෂික දුල්ෂාන් 106/2)

 රාගම පළමු ඉනිම සියල්ල දැවී 292යි – (ගුලිත කොටුවේගොඩ 76, ජනිත් ලියනගේ 67, විනුර දුල්සර 40, රවිඳු සෙම්බුකුට්ටි 34, සංතූෂ් ගුණතිලක 15, ශෂික දුල්ෂාන් නොදැවී 13,  තරණ විමලධර්ම 57/3, මුදිත ලක්ෂාන් 62/3, උදිත් මධුෂාන් 36/2)

රාගම දෙවන ඉනිම කඩුලු 6ට 191යි – (සංතූෂ් ගුණතිලක 67, දිනෙත් තිමෝද්‍ය 47, රුසඳ ගමගේ 19, රවිඳු සෙම්බුකුට්ටි 15, මුදිත ලක්ෂාන් 67/2, තරණ විමලධර්ම 67/1)

  • නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය – කුරුණෑගල තරුණ කණ්ඩායම තරගයේ විසඳුමක් නෑ

 කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය මේ තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 98කින් ඉදිරියෙන් සිටීමට සමත් විය.

 කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී අංක හතර පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ පන්දු 148ක දී හතරේ පහර දහයක් සහ හයේ හතරක් සමග ලකුණු 95ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අහිමිව ගියේ පෙනි පෙනී තිබු ශතකයකි.

කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය සියල්ල දැවී 277යි – (ගයාන් මනීෂාන් 112, ලක්ෂාන් එදිරිසිංහ 42, දිල්හාර පොල්ගම්පළ 32, දිනුෂ්ක මාලන් 31, සමීර සඳමල් 20, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 18, තිලකරත්න සම්පත් 48/6, චාමිකර එදිරිසිංහ 100/2)

නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම සියල්ල දැවී 179යි – (ලක්ෂාන් ගමගේ 46, අක්රම් මුතාලිබ් නොදැවී 34, තිලකරත්න සම්පත් 31, ඇන්ජලෝ පෙරේරා 15, දිනුෂ්ක මලන් 33/3, කවික දිල්ෂාන් 71/3, ළහිරු ජයරත්න 74/2)           

කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 8ට 226යි – (ලක්ෂාන් එදිරිසිංහ 95, රශ්මික මධුශංක 36, දිනුෂ්ක මලන් 33, අසන්ත බස්නායක නොදැවී 19, ගයාන් මනීෂාන් 14, සමීර සඳමල් 14, තිලකරත්න සම්පත් 53/4, මධුක ලියනපතිරණගේ 17/2, චාමික එදිරිසිංහ 78/2)

නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය දෙවන ඉනිම 1/2යි

කවික දිල්ෂාන් 1/2 යි

  • සී.සී.සී. – එන්.සී.සී. (එන්.සී.සී. පළමු ඉනිමේ දී ඉදිරියෙන්)

 සී.සී.සී. පළමු ඉනිමේ රැස් කළ ලකුණු 474ට පිළිතුරු ලෙස එන්.සී.සී. පළමු ඉනිමේ පන්දුවට පහර දෙද්දී සහන් ආරච්චි ලකුණු 125ක් ද (පන්දු 231යි හතරේ නවයයි හයේ දෙකයි) කමිල් මිෂාර ලකුණු 119ක් ද (පන්දු 254යි හතරේ 10යි) සහ කෙවින් බණ්ඩාර නොදැවී ලකුණු 110ක් ද (පන්දු 113යි හතරේ 11යි හයේ පහරයි) යන පිතිකරුවන් තිදෙනාම ශතක රැස් කිරීමෙන් එන්.සී.සී. ට පළමු ඉනිමේ දී ඉදිරියෙන් සිටීමට අවස්ථාව උදා විණි.

 සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 474 – (පවන් රත්නායක 194, ලසිත් කෘෘස්පුල්ලේ 128, අන්ජල බණ්ඩාර 85, චාමික කරුණාරත්න 76/3, අසෙල් සිගේරා 52/2, ලසිත් ඇඹුල්දෙණිය 111/2යි)

එන්.සී.සී. පළමු ඉනිම කඩුලු 6ට 476යි – (සහන් ආරච්චිගේ 125, කමිල් මිෂාර 119, කෙවින් බණ්ඩාර නොදැවී 110, අෂේන් ඩැනියල් නොදැවී 63, චතුරංග ද සිල්වා 94/3, ඉසුරු උදාන 32/1)                 

  • එස්.එස්.සී. – මුවර්ස් (ජය පරාජ නෑ)

 මේ තරගයේ දී එස්.එස්.සී. පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 87ක දී හතරේ දහයක් හයේ අටක් සමග ලකුණු 123ක් ද වත්මන් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 නායක චරිත් අසලංක පන්දු 110ක දී හතරේ පහක් හයේ දෙකක් සමග ලකුණු 66ක් ද රැස් කළහ.

 මොවුන් දෙදෙනා හයවන කඩුල්ලට ලකුණු 178ක සබඳතාවයක් තබා ගැනීමට ද සමත් විය.

මුවර්ස් පළමු ඉනිම කඩුලු 9ට 412යි – (ජනිෂ්ක පෙරේරා 87, පසිඳු සූරියබණ්ඩාර 85, ලසිත් අබේරත්න 83, දිනුක් දිල්ෂාන් 42, ෂොහාන් ඩි ලිවේරා 36, රමේෂ් මෙන්ඩිස් 33,  ප්‍රමෝද් මධුෂාන් 69/4, කවිඳු නදීෂාන් 51/2)

එස්.එස්.සී පළමු ඉනිම සියල්ල දැවී 275යි   (දසුන් ශානක 123, චරිත් අසලංක 66, ක්‍රිෂාන් සංජුල 32, ෂෙවොන් ඩැනියල් 20, චානුක දිල්ෂාන් 95/6, රමේෂ් මෙන්ඩිස් 62/2)

මුවර්ස් දෙවන ඉනිම කඩුලු 6ට 171යි – (පසිඳු සූරියබණ්ඩාර 61, රමේෂ් මෙන්ඩිස් නොදැවී 50, ෂොහාන් ඩි ලිවේරා 29, නිම්නක ජයතිලක 50/3, චරිත් අසලංක 45/2)

එස්.එස්.සී. දෙවන ඉනිම කඩුලු 1ට 105යි – (ෂෙවෝන් ඩැනියල් නොදැවී 54, ක්‍රිෂාන් සංජුල නොදැවී 28, නිපුන් ධනංජය 21, රමේෂ් මෙන්ඩිස් 46/1)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee