slc
logo
Home   |    News
පෙබරවාරි 8, 2025
බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල තරුණ කණ්ඩායම දිනයේ තරගය නිම වන විට කඩුලු එකකට ලකුණු 111ක් ලබා ප්‍රබලම තත්ත්වයක පසුවිය. හලාවත මේරියන්ස් සහ බදුරලිය අතර තරගයේ දී බදුරලිය ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිමේ දී හලාවත මේරියන්ස් ලකුණු 131කට දවලූ අතර දිනය නිම වන විට කඩුලු පහකට ලකුණු 126ක් ලබා පළමු ඉනිමේ ජයග්‍රහණය වාර්තා කිරීමට ආසන්නව සිටියේය.

සී.සී.සී. පන්දුවට පහර දෙද්දී කුරුණෑගල තරුණ කණ්ඩායමේ කවීෂ දිල්ෂාන් ලකුණු 121කට කඩුලු හයක් දවාලීමත් කුරුණෑගල කණ්ඩායම  පන්දුවට පහර දෙද්දී ගයාන් මනීෂාන් නොදැවී ලකුණු 68ක් ලැබීමත් කුරුණෑගල තරුණ කණ්ඩායමට ප්‍රබලම තත්ත්වයකට ඒමට උපකාරි විණි.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය සහ කැන්ඩි කස්ටම් අතර තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජ කණ්ඩායමේ අවිශ්ක පෙරේරා ලකුණු 109ක් ද රොෂාන් විජේනායක ලකුණු 103ක් ද ලැබීමෙන් නුගේගොඩ කණ්ඩායමට ප්‍රථම දින නිම වන විට කඩුලු 3කට ලකුණු 308ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.

මොවුන් දෙදෙනාට අමතරව මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිදු සූරියබණ්ඩාරද පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් වාර්තා කිරීමට සමත්වූවේය. ඔහු එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව පන්දු 227 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තේය. මෙය ඔහුගේ 10 වැනි පළමු පෙළ ශතකය ලෙසින් සනිටුහන් විය.

පන්දු යවන්නන් අතරින් කුරුනෑගල තරුණ කණ්ඩායමේ 24 හැවිරිදි කවික ඩිල්ෂාන් අද දිනයේදී පළමු පෙළ කඩුලු 100 කඩඉම පසු කිරීමට සමත්වීම කැපී පෙනිණ. සී. සී. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 121 කට කඩුලු 6 ක් දවා ගැනීමට කවික සමත්වූවේය.

මීට අමතරව එස්. එස්. සී. කණ්ඩායමේ චරිත් අසලංක අද දිනයේදී සිය පළමු පෙළ හොදම පන්දු යැවීම වාර්තා කරමින් ටැමිල් යුනියන් කණ්ඩායමට එරෙහිව ලකුණු 112 කට කඩුලු 6 ක් ද ඒස් කැපිටල් කණ්ඩඩායමේ මෙලන් හංසක සහ පානදුර ක්‍රීඩා සමාජයේ මොහොමඩ් ඩිල්ෂාන් කඩුලු 5 බැගින් දවා ලමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

  • එස්.එස්.සී. – ටැමිල් යුනියන්

 එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී කාසියේ වාසිය දිනු එස්.එස්.සී. තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.

 එස්.එස්.සී. පිතිකරුවන් තිදෙනකුම මෙහිදී අර්ධ ශතක රැස් කිරීම විශේෂත්වයකි. වැඩිම ලකුණු ලාභියා වු තුලින දිල්ෂාන් ලකුණු 66ක් ද (පන්දු 131යි හතරේ පහර අටයි) රමිත් උපමල් ලකුණු 60ක් ද (පන්දු 114යි හතරේ හතයි හයේ පහරයි) සහ තරිඳු රත්නායක ලකුණු 50ක් ද (පන්දු 45යි හතරේ හයයි හයේ දෙකයි) අර්ධ ශතක රැස් කළ පිතිකරුවෝය.

 දක්ෂ පන්දු යැවීමක නිරත වු චරිත් අසලංක කඩුලු හයක් දවාලුවේ ලකුණු 112ක් දෙමිනි.

 ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 320යි – (තුලින දිල්ෂාන් 66, රමිත උපමල් 60, තරිඳු රත්නායක 50, කළණ පෙරේරා 46, තරිඳු හර්ෂණ 29, සිනෙත් ජයවර්ධන 24, ළහිරු සමරකෝන් 21, චරිත් අසලංක 112/6, චමිඳු වික්‍රමසිංහ 19/1)

  • කෝල්ට්ස් – පොලීසිය

 බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී කෝල්ට්ස් තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටය.

 පොලීසියේ දිලුම් සුධීර ලකුණු 98කට කෝල්ට්ස් පිතිකරුවන් හයදෙනකුම දවාලීමෙන් කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 246කට සීමා විණි.

 කෝල්ට්ස් පළමු ඉනිමේ දී ධනංජය ලක්ෂාන් පන්දු 71ක දී හතරේ හතරක් හයේ තුනක් සමග ලකුණු 63ක් ද මුදිත ලක්ෂාන් පන්දු 55ක දී හතරේ තුනක් හයේ තුනක් සමග ලකුණු 54ක් ද ලබා අර්ධ ශතක ලැබුහ.

 කෝල්ට් පළමු ඉනිම සියල්ල දැවී 246 – (ධනංජය ලක්ෂාන් 63, මුදිත ලක්ෂාන් 54, අකිල ධනංජය 41, සනෝජ් දර්ශික 40, කවිෂ්ක අංජුල 11, දිලුම් සුධීර 96/6, නලින් ප්‍රියදර්ශන 75/3)

පොලීසිය පළමු ඉනිම ප්‍රථම දිනය නිම වන විට කඩුලු 2ට 59යි – (අවිශ්ක තරිඳු නොදැවී 28, විෂාඩ් රන්දික නොදැවී 12, ධනංජය ලක්ෂාන් 7/1, කවිෂ්ක අංජුල 11/1)

  • බ්ලුම්ෆීල්ඩ් – ඒස් කැපිටල්

 වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී බ්ලුම්ෆීල්ඩ් කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය.

 බ්ලුම්ෆීල්ඩ් අංක හත පිතිකරු පන්දු 146ක දී හතරේ හතක් හයේ පහරක් සමග ලකුණු 94ක් ලබා සිටිය දී ලකුණු 94කට දැවී ගියේ ශතකයට ලකුණු හයක් පමණක් අඩුවෙන් සිටියදීය. ඒස් කැපිටල් කණ්ඩායමේ මෙලන් හංසක ලකුණු 92කට මෙදින කඩුලු පහක් දවාලුවේය.

 බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම  සියල්ල දැවී 308 – (රවිඳු ප්‍රනාන්දු 94, අසිත වන්නිනායක 52, කසුන් අබේරත්න 40, තරිඳ ගුරුගේ 34, ඉසිත විජේසුන්දර 18, යොහාන් ද සිල්වා 22, මෙලන් හංසක 92/5, රොහාන් ජයතිස්ස 77/2යි)

  • මීගමුව – පාණදුර

 කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී පාණදුර කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.

 මීගමුව කණ්ඩායමේ හිමාෂ ලියනගේ පන්දු 173කට මුහුණ දී හතරේ තුනක් හයේ පහරක් සමග ලකුණු 73ක් රැස් කර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පාණදුර කණ්ඩායමේ මොහමඩ් ඩිල්ෂාඩ් කඩුලු පහක් දවාලුවේ ලකුණු 37ක් පමණක් ලබා දීමෙනි.

 මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 240 – (හිමාෂ ලියනගේ 73, උමේෂ් ලක්ෂාන් නොදැවී 35, ඇන්ජලෝ ජයසිංහ 32, පසිඳු ලක්ශංක 17, ප්‍රමෝද් මධුවන්ත 16, මාධව වර්ණපුර 15, මොහමඩ් දිල්ෂාඩ් 37/5, දුෂාන් හේමන්ත 68/3යි)

 පාණදුර පළමු ඉනිම තරගය නතර කරන විට කඩුලු 1ට 31යි – (ඕෂද ප්‍රනාන්දු නොදැවී 24, උපුල් ඉන්ද්‍රසිරි 0/1යි)

  • හලාවත මේරියන්ස් – බදුරලිය

 මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී හලාවත මේරියන්ස් කාසියේ වාසිය දිනා තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටය.

 බදුරලිය කණ්ඩායමේ චානක කොමසාරු ලකුණු 45කට කඩුලු හතරක් ද චානක රුවන්සිරි ලකුණු 59කට කඩුලු හතරක් ද දවාලීමෙන් හලාවත මේරියන්ස් පළමු ඉනිම ලකුණු 131කට (පන්දුවාර 48.1යි) සීමා විණි.

 මේරියන්ස් කණ්ඩායමේ තීක්ෂණ ද සිල්වා පන්දු 72ක දී හතරේ හතරක් හයේ පහරක් සමග ලකුණු 54ක් ලැබීය. බදුරලිය කණ්ඩායමේ රමේෂ් සිල්වා නොදැවී ලකුණු 43ක් ලබා සිටීමට සමත් විය.

 හලාවත මේරියන්ස් පළමු ඉනිම සියල්ල දැවී 131යි – (තීක්ෂණ ද සිල්වා 54, දුෂාන් විමුක්ති 20, දුවිඳු තිලකරත්න 17, චානක කොමසාරු 45/4, චානක රුවන්සිරි 59/4)

 බදුරලිය පළමු ඉනිම කඩුලු 5ට 126යි – (දුනිත් ජයතුංග 38, රනේෂ් සිල්වා නොදැවී 43, ගීත් කුමාර 17, දුෂාන් විමුක්ති 41/3)

  • එන්.සී.සී. – මුවර්ස්

 මොරටුවේ පැවැත්වෙන මේ තරගයේ දී කාසියේ වාසිය දිනු මුවර්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

 ප්‍රථම දින තරගය නිම වන විට මුවර්ස් කඩුලු නවයක් දැවී ලබා සිටියේ ලකුණු 243කි. මුවර්ස් අංක පහ පිතිකරු පසිඳු සූරියබණ්ඩාර පන්දු 227ක දී  හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු සියයක් ලැබීය.

 මුවර්ස් ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 9ට 243යි – (පසිඳු සූරියබණ්ඩාර නොදැවී 100, ජනිෂ්ක පෙරේරා 52, මිලාන් රත්නායක 31, යේසිත් රූපසිංහ 29, අෂේන් ඩැනියල් 61/4, චාමික කරුණාරත්න 28/2, චමිඳු කොළඹගේ 37/2යි)

  • සී.සී.සී. – කුරුණෑගල තරුණ

 සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ කාසියේ වාසිය දිනු කුරුණෑගල තරුණ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

 කුරුණෑගල තරුණ කණ්ඩායමේ කවික දිල්ෂාන් ලකුණු 121කට කඩුලු හයක් දවාලීමෙන් සහ ඔවුනගේ ආරම්භක පිතිකරු ගයාන් මනීෂාන් පන්දු 69ක දී හතරේ හතක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 68ක් ලැබීමෙන් කුරුණෑගල තරුණ කණ්ඩායමට ප්‍රථම දින නිම වන විට ප්‍රබලම තත්ත්වයකට පත්වීමට අවස්ථාව ලැබීය.

 සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 262යි – (මිනෝද් භානුක 80, නිමේෂ ගුණසිංහ 47, අංජල බණ්ඩාර 32, ඉනුක කරන්නාගොඩ 23, චමිඳු විජේසිංහ 15, කවික දිල්ෂාන් 121/6, ළහිරු ජයරත්න 38/3)

 කුරුණෑගල ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 1ට 111යි  – (ගයාන් මනීෂාන් නොදැවී 68, ගයන වීරසිංහ නොදැවී 33, චමිඳු විජේසිංහ 8/1යි)

  • නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය – කැන්ඩි කස්ටම්

 කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනු නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජයේ අවිශ්ක පෙරේරා ලකුණු 109ක් ද (පන්දු 181යි හතරේ 15යි) සහ රොෂාන් විජේනායක ලකුණු 103ක් ද (පන්දු 213යි හතරේ නවයයි හයේ පහරයි) රැස් කිරීමෙන් ප්‍රථම දිනය නිම වන විට ඔවුනට කඩුලු පහකට ලකුණු 308ක් ලැබ ප්‍රබල තත්ත්වයක පසුවීමට අවස්ථාව ලැබිණි.

 අවිශ්ක සහ රොෂාන් දෙවන කඩුල්ලට ලකුණු 179ක් රැස් කිරීමට සමත් විණි.

 නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 5ට 308යි – (අවිශ්ක පෙරේරා 109, රොෂාන් විජේනායක 103, අක්රම් මුතාලිබ් නොදැවී 40, තිලකරත්න සම්පත් 20, සහන් අදීෂ 69/2)

Active filters

Recent Posts

  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]
  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee