ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ දී හතරේ පහර 21ක් සහ හයේ පහර පහක් සමග අද (08) ලකුණු 206ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වියත ඔහුට අමතරව මීගමුව ක්‍රීඩා සමාජයේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක උපුල් ඉන්ද්‍රසිරි කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්විය.
ළහිරු උදාර සමග නිරෝෂන් දික්වැල්ල (69) එන්.සී.සී. ප්‍රථම කඩුල්ලට පන්දුවාර 21.2ක දී ලකුණු 154ක සබඳතාවයක් තබා ගැනීමට සමත් විණි. පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේදී විශ්ව ළහිරු, සහන් මිහිර සහ මොහොමඩ් ඩිල්ෂාඩ්ගේ කඩුලු දවා ගනිමින් උපුල් සිය කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය. මෙම පන්දු යැවීම ප්‍රධාන කොට ඔහු එම ඉනිමේදී ලකුණු 40 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්වූවේය.
සී.සී.සී.- කුරුණෑගල තරුණ අතර තරගයේ දි සී.සී.සී. කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ ලකුණු 68කට කඩුලු හයක් දවා පන්දු යැවීමෙන් සහ ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 158ක දී හතරේ 15ක් සමග ලකුණු 112ක් රැස් කිරීමෙන් සී.සී.සී. කණ්ඩායමට දිනය නිම වන විට ප්‍රබලම තත්ත්වයකට පත්වීමට අවස්ථාව උදා විණි.
එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – ටැමිල් යුනියන් තරගයේ දී එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවෝන් ඩැනියල් ලකුණු 142ක් ද (පන්දු 168යි හතරේ 11යි හයේ පහර පහයි) චරිත් අසංලක නොදැවී ලකුණු 102ක් ද (පන්දු 91යි හතරේ දහයයි හයේ දෙකයි) දක්ෂ පිතිහරඹයක නියැලෙනු දක්නට ලැබිණි. මෙම ඉනිමත් සමඟ අසලංක පළමු පෙළ ලකුණු 2000 සීමාව ඉක්මවාලීමටද අද දිනයේදී සමත්වූවේය.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන හලාවත මේරියන්ස් – බදුරලිය තරගයේ දී හලාවත මේරියන්ස් පළමු ඉනිමේ දී ලකුණු 131කට දැවී ගිය අතර දෙවන ඉනිමේ දී කඩුලු 7කට ලකුණු 164ක් පමණක් ලබා පරාජය අභියස පසු වේ.
එස්.එස්.සී. – ටැමිල් යුනියන් (එස්.එස්.සී. ප්‍රබල තත්ත්වයක)
එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවොන් ඩැනියල් පන්දු 168ක දී හතරේ පහර 11ක් හයේ පහර පහක් සමග ලකුණු 142ක් ද චරිත් අසලංක පන්දු 91ක දී හතරේ දහයක් හයේ දෙකක් සමග නොදැවී ලකුණු 102ක් ද රැස් කර ශතක ලැබීමෙන් එස්.එස්.සී. මේ වන විට ප්‍රබල තත්ත්වයක පසු වේ.
එස්.එස්.සී. දෙවන කඩුල්ලට ෂෙවෝන් ඩැනියල් සහ ක්‍රිෂාන් සංජුල ලකුණු129ක් ද පස්වන කඩුල්ලට චරිත් අසලංක (නොදැවී 102) සහ නුවනිඳු ප්‍රනාන්දු (නොදැවී 75යි) ලකුණු 165ක නොදැවුණු සබඳතාවයක් ද පැවැත් වුහ.
ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 320යි – (තුලින දිල්ෂාන් 66, රමිත උපමල් 60, තරිඳු රත්නායක 50, කළණ පෙරේරා 46, තරිඳු හර්ෂණ 29, සිනෙත් ජයවර්ධන 24, ළහිරු සමරකෝන් 21, චරිත් අසලංක 112/6, චමිඳු වික්‍රමසිංහ 19/1)
එස්.එස්.සී. පළමු ඉනිම දෙවන දින තරගය නිම වන විට කඩුලු 4ට 432යි -(ෂෙවොන් ඩැනියල් 142, චරිත් අසලංක නොදැවී 102, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 75, ක්‍රිෂාන් සංජුල 48, අවිශ්ක ප්‍රනාන්දු 39, තරිඳු රත්නායක 161/2)
- කෝල්ට්ස් – පොලීසිය
පොලීසිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙද්දී කෝල්ට්ස් කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ලකුණු 47කට කඩුලු හයක් දවාලීමෙන් පොලීසියේ ප්‍රථම ඉනිම ලකුණු 184කට සීමා විණි.
පොලිසියේ ප්‍රියමල් පෙරේරා පළමු ඉනිමේ දී පන්දු 35ක දී හතරේ පහර පහක් හයේ පහරක් සහ ලකුණු 49ක් රැස් කර වැඩිම ලකුණු රැස් කළේය.
කෝල්ට් පළමු ඉනිම සියල්ල දැවී 246 – (ධනංජය ලක්ෂාන් 63, මුදිත ලක්ෂාන් 54, අකිල ධනංජය 41, සනෝජ් දර්ශික 40, කවිෂ්ක අංජුල 11, දිලුම් සුධීර 96/6, නලින් ප්‍රියදර්ශන 75/3)
පොලීසිය පළමු ඉනිම සියල්ල දැවී 184යි – (ප්‍රියමල් පෙරේරා 49, විෂාඩ් රන්දික 43, අවිශ්ක තරිඳු 33, මුදිත ලක්ෂාන් 47/6, කවිශ්ක අංජුල 28/3)
කෝල්ට්ස් දෙවන ඉනිම කඩුලු 6ට 142යි – (සංගීත් කුරේ 50, යොහාන් මෙන්ඩිස් 42, රවිඳු රසන්ත 29, නලින් ප්‍රියදර්ශන 47/4, නදීර බාලසූරිය 20/2)
- බ්ලුම්ෆීල්ඩ් – ඒස් කැපිටල් (බ්ලුම්ෆීල්ඩ් ප්‍රථම ඉනිමේ ඉදිරියෙන්)
බ්ලුම්ෆීල්ඩ් මේ වන විට දෙවන ඉනිමේ කඩුලු හයක් ඉතිරිව ඒස් කැපිටල් ප්‍රථම ඉනිමට වඩා ලකුණු 296ක් ඉදිරියෙන් පසු වේ.
බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම වෙනුවෙන් රොන් චන්ද්‍ර ගුප්ත පන්දු 83ක දී හතරේ දහයක් සමග ලකුණු 74ක් රැස් කළේය.
බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම සියල්ල දැවී 308 – (රවිඳු ප්‍රනාන්දු 94, අසිත වන්නිනායක 52, කසුන් අබේරත්න 40, තරිඳ ගුරුගේ 34, ඉසිත විජේසුන්දර 18, යොහාන් ද සිල්වා 22, මෙලන් හංසක 92/5, රොහාන් ජයතිස්ස 77/2යි)
ඒස් කැපිටල් පළමු ඉනිම සියල්ල දැවී 162යි – (ෂම්මු අෂාන් 79, වනුජ සහන් 26, තනුක දාබරේ 19, සහන් නානායක්කාර 33/4, ළහිරු මධුශංක 39/3)
බ්ලුම්ෆීල්ඩ් දෙවන ඉනිම දෙවන දින තරගය නිම වන විට කඩුලුු 4ට 144යි -(රොන් චන්ද්‍ර ගුප්ත 74, අසිත වන්නිනායක 49, යොහාන් ද සිල්වා 10, රොෂාන් ජයතිස්ස 22/1, රවිඳු රත්නායක 26/1, ෂම්මු අෂාන් 25/1)
- මීගමුව – පාණදුර
මීගමුව කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරි පාණදුර ප්‍රථම ඉනිමේ දී ලකුණු 40කට කඩුලු 7ක් දවාලීමෙන් පාණදුර ප්‍රථම ඉනිම ලකුණු 136කට සීමා විය. පාණදුර වැඩිම ලකුණු ලාභියා වු නායක සහ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු පන්දු 35ක දී හතරේ 11ක් සමග ලකුණු 51ක් ලබා වැඩිම ලකුණු ලැබීය.
මීගමුව දෙවන ඉනිමේ දී ඇන්ජලෝ ජයසිංහ නොදැවී ලකුණු 73ක් රැස් කළේ පන්දු 119ක් දී හතරේ හතක් සමගය.
මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 240 – (හිමාෂ ලියනගේ 73, උමේෂ් ලක්ෂාන් නොදැවී 35, ඇන්ජලෝ ජයසිංහ 32, පසිඳු ලක්ශංක 17, ප්‍රමෝද් මධුවන්ත 16, මාධව වර්ණපුර 15, මොහමඩ් දිල්ෂාඩ් 37/5, දුෂාන් හේමන්ත 68/3යි)
පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 136යි – (ඕෂද ප්‍රනාන්ද 51, රුමේෂ් බුද්ධික නොදැවී 35, නිමේෂ් විමුක්ති 18, උපුල් ඉන්ද්‍රසිරි 40/7, ෂෙෂාන් ප්‍රනාන්දු 50/2යි)
මීගමුව දෙවන ඉනිම දෙවන දින තරගය නිම වන විට කඩුලු 4ට 231යි – (ඇන්ජලෝ ජයසිංහ නොදැවී 73, හිමාෂ ලියනගේ 57, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 28, උමේෂ් ලක්ෂාන් 26, දුෂාන් හේමන්ත 49/2)
- හලාවත මේරියන්ස් – බදුරලිය (බදුරලිය ජයග්‍රහණ අභියස)
හලාවත මේරියන්ස් ප්‍රථම ඉනිමේ දී ලකුණු 131ක් ද දෙවන ඉනිමේ දී ලකුණු 164කට කඩුලු 7ක් දැවී සිටින හෙයින් ඔවුන් බදුරලිය පළමු ඉනිමට වඩා මේ වන සිටින්නේ කඩුලු තුනක් පමණක් ඉතිරිව ලකුණු 36ක් පමණක් ඉදිරියෙනි.
මේ තරගය ඉරිදා දිවා ආහාරයට පෙර නිම වනු ඇතැයි අපේක්ෂිතය.
හලාවත මේරියන්ස් පළමු ඉනිම සියල්ල දැවී 131යි – (තීක්ෂණ ද සිල්වා 54, දුෂාන් විමුක්ති 20, දුවිඳු තිලකරත්න 17, චානක කොමසාරු 45/4, චානක රුවන්සිරි 59/4)
බදුරලිය පළමු ඉනිම 259යි – (චානක රුවන්සිරි 84, රනේෂ් සිල්වා 56, දුනිත් ජයතුංග 38, , ගීත් කුමාර 17, චලන ද සිල්වා 17, අනුක් ප්‍රනාන්දු 14, දුරිඳු තිලකරත්න 107/4, දුෂාන් විමුක්ති 59/3)
හලාවත මේරියන්ස් දෙවන ඉනිම කඩුලු 7ට 164 – (කසුන් මධුශංඛ නොදැවී 46, රවීන් යසස් 42, සුමිඳ ලක්ෂාන් නොදැවී 23, චානක කොමසාරු 42/2, චලන ද සිල්වා 33/2, කවිඳු අමන්ත 26/2)
- එන්.සී.සී. – මුවර්ස් (එන්.සී.සී. ප්‍රථම ඉනිමේ දී ඉදිරියෙන්)
එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර මේ තරගයේ දී පන්දු 214ක දී හතරේ පහර 21ක් හයේ පහර පහක් සමග ලකුණු 201ක් රැස් කිරීමට සමත්විය.
ළහිරු උදාර සහ නිරෝෂන් දික්වැල්ල (69) ආරම්භක කඩුල්ලට ලකුණු 154ක් රැස් කළේ පන්දුවාර 21.2ක් තුළදීය.
මුවර්ස් පළමු ඉනිම සියල්ල දැවී 256යි – (පසිඳු සූරියබණ්ඩාර නොදැවී 106, ජනිෂ්ක පෙරේරා 52, මිලාන් රත්නායක 31, යේසිත් රූපසිංහ 29, අෂේන් ඩැනියල් 61/4, චාමික කරුණාරත්න 28/2)
එන්.සී.සී. පළමු ඉනිම දෙවන දින තරගය නිම වන විට කඩුලු 5ට 409යි – (ළහිරු උදාර 206, සහන් ආරච්චිගේ නොදැවී 62, නිරෝෂන් දික්වැල්ල 69, චානුක දිල්ෂාන් 88/2, රොහාන් සංජය 66/2යි)
- සී.සී.සී. – කුරුණෑගල තරුණ (සී.සී.සී. සුවිශේෂ දක්ෂතා දක්වති)
සී.සී.සී. කණ්ඩායමේ ඉනුක කරන්නාගොඩ ප්‍රථම ඉනිමේ දී ලකුණු 68කට කඩුලු හයක් දවාලීමෙන් කුරුණෑගල තරුණ පළමු ඉනිම ලකුණු 193කට සීමා විණි. අද දිනයේ අද (08) කුරුණෑගල තරුණ අවසාන කඩුලු නවයම දැවී ගියේ ලකුණු 82ක් පමණක් එක් වද්දීය.
සී.සී.සී. දෙවන ඉනිමේ දී ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 158ක දී හතරේ 15ක් සමග ලකුණු 112ක් රැස් කළේය.
සී.සී.සී. පළමු ඉනිම සියල්ල දැවී 262යි – (මිනෝද් භානුක 80, නිමේෂ ගුණසිංහ 47, අංජල බණ්ඩාර 32, ඉනුක කරන්නාගොඩ 23, චමිඳු විජේසිංහ 15, කවික දිල්ෂාන් 121/6, ළහිරු ජයරත්න 38/3)
කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 193යි – (ගයාන් මනීෂාන් 76, ගයන වීරසිංහ 50, රශ්මික මධුශංක නොදැවී 27, ඉනුක කරන්නාගොඩ 68/6, චමිඳු විජේසිංහ 26/2යි)
සී.සී.සී. දෙවන ඉනිම කඩුලු 6ට 273 – (නිශාන් මධුෂ්ක 112, මිනෝද් භානුක 89, පවන් රත්නායක 35, අංජල බණ්ඩාර 21, කවිති දිල්ෂාන් 101/2, සමීර සඳමල් 57/2යි)
- නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය – කැන්ඩි කස්ටම්
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම දෙවන දින නිම වන විට පළමු ඉනිමේ ලකුණු 107කින් ඉදිරියෙන් පසු විණි.
එම කණ්ඩායමේ තිලකරත්න සම්පත් ප්‍රථම ඉනිමේ දී දෙවන දින නිම වන විට ලකුණු 85කට කඩුලු හතක් බිඳ දැමුවේය.
නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය පළමු ඉනිම සියල්ල දැවී 365යි- (අවිශ්ක පෙරේරා 109, රොෂාන් විජේනායක 103, අක්රම් මුතාලිබ් 64, ෂෙෂාන් ප්‍රනාන්දු 57, උමේෂ් උදයංග 80/4, සචිත්‍ර පෙරේරා 71/4)
කැන්ඩි කස්ටම් පළමු ඉනිම කඩුලු 8ට 258 – (ෂෙහාන් ප්‍රනාන්දු 57, මිතුන් ජයවික්‍රම 44, සහන් කෝසල 29, තිලකරත්න සම්පත් 85/5, චාමික එදිරිසිංහ 58/2)