slc
logo
Home   |    News
මාර්තු 22, 2025
කැන්ඩි ලකුණු 460ට එරෙහි කොළඹ 106ට දැවීයයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු ලබාගත් ලකුණු 460 පිළිතුරු ලෙස කොළඹ පිල පළමු ඉනිමේදී ලකුණු 106කට දැවී ගියේය. කැන්ඩි පිල ‍දවැනි දිනය නිමා වෙද්දී සිය දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 26ක් ලබා සිටියේය.

හම්බන්තොටදී පැවැත්වෙන මෙම තරගයේදී කොළඹ පිලේ ඉනිම සුනුවිසුණු කළ ශිරාන් ප්‍රනාන්දු කඩුලු 4ක් හා සහන් නානායක්කාර කඩුලු 3ක් බිදහෙළුෑ අතර, චමිඳු වික්‍රමසිංහ කඩුලු 2ක් බිඳහෙලා දස්කම් දැක්වීය. කොළඹ පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා ලෙස නවෝද් පරණවිතාන ලකුණු 22ක් ලබාගත් අතර, ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 36කට බිද වැටුණි.

කැන්ඩි කණ්ඩායමේ කමිල් මිශාර මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි ශතකය වාර්තා කිරීම කැන්ඩි ලකුණු පුවරුවට විශාල ශක්තියක් වූවේය. පන්දු 217 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 172 ක් වර්තා කළේය. ඔහු පළමු තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 158 ක් ලබා තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලාභීන් අතර ඉදිරියට පැමිණියේය.

නායක සහන්ආරච්චි පන්දු 125 කදී ලකුනු 68ක් හා රවිඳු ප්‍රනාන්දු පන්දු 69කදී ලකුණු 53ක් කැන්ඩි පිලට එක් කළේය.

අද (22) මෙම තරගයේ තෙවැනි දිනයයි.

‍කැන්ඩි පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 460 (ඔිවර් 111.2)
කමිල් මිශාර 172, ජනිශ්ක පෙරේරා 48, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා 24, චමිඳු වික්‍රමසිංහ 15, රවිඳු ප්‍රනාන්දු 53, අතිරේක 24 (කසුන් රාජිත 80/3, නිශාන් පීරිස් 101/3, දුෂාන් හේමන්ත 91/2)

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 1206 (ඕවර් නවෝද් පරණවිතාන 22, අවිශ්ක ප්‍රනාන්දු 19, ධනංජය ලක්ෂාන් 17, අතිරේක 11 (ශිරාන් ප්‍රනාන්දු 49/4, චමිඳු වික්‍රමසිංහ 8/2, සහන් නානායක්කාර 18/3)

‍කැන්ඩි දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 26 (ඔිවර් 13)
පැතුම් නිශ්ශංක නොදැවී 10, ජනිෂ්ක පෙරේරා නොදැවී 15

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee