ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු ලබාගත් ලකුණු 460 පිළිතුරු ලෙස කොළඹ පිල පළමු ඉනිමේදී ලකුණු 106කට දැවී ගියේය. කැන්ඩි පිල දවැනි දිනය නිමා වෙද්දී සිය දෙවැනි ඉනිමට කිසිවෙකු නොදැවී ලකුණු 26ක් ලබා සිටියේය.
හම්බන්තොටදී පැවැත්වෙන මෙම තරගයේදී කොළඹ පිලේ ඉනිම සුනුවිසුණු කළ ශිරාන් ප්‍රනාන්දු කඩුලු 4ක් හා සහන් නානායක්කාර කඩුලු 3ක් බිදහෙළුෑ අතර, චමිඳු වික්‍රමසිංහ කඩුලු 2ක් බිඳහෙලා දස්කම් දැක්වීය. කොළඹ පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා ලෙස නවෝද් පරණවිතාන ලකුණු 22ක් ලබාගත් අතර, ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 36කට බිද වැටුණි.
කැන්ඩි කණ්ඩායමේ කමිල් මිශාර මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි ශතකය වාර්තා කිරීම කැන්ඩි ලකුණු පුවරුවට විශාල ශක්තියක් වූවේය. පන්දු 217 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 172 ක් වර්තා කළේය. ඔහු පළමු තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 158 ක් ලබා තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලාභීන් අතර ඉදිරියට පැමිණියේය.
නායක සහන්ආරච්චි පන්දු 125 කදී ලකුනු 68ක් හා රවිඳු ප්‍රනාන්දු පන්දු 69කදී ලකුණු 53ක් කැන්ඩි පිලට එක් කළේය.
අද (22) මෙම තරගයේ තෙවැනි දිනයයි.
කැන්ඩි පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 460 (ඔිවර් 111.2)
කමිල් මිශාර 172, ජනිශ්ක පෙරේරා 48, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා 24, චමිඳු වික්‍රමසිංහ 15, රවිඳු ප්‍රනාන්දු 53, අතිරේක 24 (කසුන් රාජිත 80/3, නිශාන් පීරිස් 101/3, දුෂාන් හේමන්ත 91/2)
කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 1206 (ඕවර් නවෝද් පරණවිතාන 22, අවිශ්ක ප්‍රනාන්දු 19, ධනංජය ලක්ෂාන් 17, අතිරේක 11 (ශිරාන් ප්‍රනාන්දු 49/4, චමිඳු වික්‍රමසිංහ 8/2, සහන් නානායක්කාර 18/3)
කැන්ඩි දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී ලකුණු 26 (ඔිවර් 13)
පැතුම් නිශ්ශංක නොදැවී 10, ජනිෂ්ක පෙරේරා නොදැවී 15