slc
logo
Home   |    News
මාර්තු 16, 2025
කොළඹ පිලට ලකුණු 87ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු 87ක ජයක් හිමි විය. යාපනය පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 454ක ඉලක්කයක් එල්ල වුවද සියලු දෙනා ලකුණු 366කට දැවී යෑමෙන් පරාජය වැළද ගන්නට සිදුවුණි.

කොලඹ පි‍ලේ මුදිත ලක්ෂාන් කඩුලු 4ක් හා නිශාන් පීරිස්, චරිත් අසලංක හා දුෂාන් හේමන්ත කඩුලු දෙක බැගින් බිඳහෙලා යාපනය පිල ‍දවැනි ඉනිමේදී අසරණ කළහ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස යාපනය පිල ලකුණු 246ක් ලබාගත් අතර, කොළඹ පිල දෙවැනි ඉනිම  කඩුලු 6ක් දැවී ලකුණු 313ක් ලබා ඉනිම අත්හිටුවා යාපනය යළි පිටියට කැදවීය. ඊයේ තෙවැනි දිනය නිමා වෙද්දී යාපනය පිල වෙනුවෙන් ෂෙවොන් ඩැනියෙල් නොදැවී ලකුණු 32ක් හා රවිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 39ක් ලබා සිටි අතර අද දිනයේ මේ දෙදෙනා ලකුණු 161ක සබඳතාවක් දෙවැනි කඩුල්ලට ගොඩ නැගූහ. ඩැනිපෙල් ලකුණු 82ක් වාර්තා කරද්දී ප්‍රනාන්දු අගනා ලකුණු 107ක් ලැබීය.

පළමු ඉනිමේදී ලකුණු 88ක් ලබාගත් අංජල බන්ඩාර දෙවැනි ඉනි‍මේදී ලකුණු 51ක් හා චාමික කරුණාරත්න ලකුණු 51ක් ලබා ගත්හ.

මෙම තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු කොළඹ පිල වෙනුවෙන් ශතකයක් වාර්තා කළ අතර ඔහු පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ 17ක් සමඟ ලකුණු 144ක් ලබා ගත්තේය.

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 386 (ඕවර් 95)

අවිශ්ක ප්‍රනාන්දු 144, නවෝද් පරණවිතාන 39, ධනංජය ලක්ෂාන් 23, චරිත් අසලංක 51, කවින් බණ්ඩාර 77, තුසල් මෙන්ඩිස් 3, ළහිරු මධූසංඛ 5,  දුෂාන් හේමන්ත31, මුදිත ලක්ෂාන් 1, නිශාන් පීරිස් නොදැවී 4, අතිරේක 8 (මොවින් අභිනාෂ් 93/2, ජෙෆ්රි වැන්ඩර්සේ 86/6, ඉසිත විජේසුන්දර 46/1)

යාපනය පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 246 (ඕවර් 90.5)

තනුක දාබරේ 4, ෂෙවෝන් ඩැනියෙල් 13, රවිඳු රෂාන්ත 13, අහන් වික්‍රමසිංහ 9, ජනිත් ලියනගේ 51, අංජල බණ්ඩාර 88, චාමික කරුණාරත්න 29, ජෙෆ්රි වැන්ඩර්සේ 18, නිමේෂ් විමුක්ති 13, අතිරේක 6 (කසුන් රාජිත 34/2, නිශාන් පීරිස් 59/5)

කොළඹ පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 313 (ඕවර් 58)

අවිශ්ක ප්‍රනාන්දු 41, නවෝද් පරණවිතාන 15, ධනංජය ලක්ෂාන් 75, චරිත් අසලංක 1 කවීන් බණ්ඩාර 57, ළහිරු මධූසංඛ නොදැවී 30,  දුෂාන් හේමන්ත නොදැවී 58, අතිරේක 19 (නි‍මේෂ් විමුක්ති 92/2, මොවින් අභිනාෂ් 63/2, ජෙෆ්රි වැන්ඩර්සේ 85/2)

යාපනය පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 366 (ඕවර් 111.5)

ෂෙවෝන් ඩැනියෙල් 82, රවිඳු රෂාන්ත 107, අහන් වික්‍රමසිංහ 22, අංජල බණ්ඩාර 51, චාමික කරුණාරත්න 51, ජෙෆ්රි වැන්ඩර්සේ 17, අතිරේක 11  (නිශාන් පීරිස් 109/2, මුදිත ලක්ෂාන් 84/4, චරිත් අසලංක 56/2, දුෂාන් හේමන්ත 46/2)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee