slc
logo
Home   |    News
මාර්තු 16, 2025
කොළඹ පිලට ලකුණු 87ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු 87ක ජයක් හිමි විය. යාපනය පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 454ක ඉලක්කයක් එල්ල වුවද සියලු දෙනා ලකුණු 366කට දැවී යෑමෙන් පරාජය වැළද ගන්නට සිදුවුණි.

කොලඹ පි‍ලේ මුදිත ලක්ෂාන් කඩුලු 4ක් හා නිශාන් පීරිස්, චරිත් අසලංක හා දුෂාන් හේමන්ත කඩුලු දෙක බැගින් බිඳහෙලා යාපනය පිල ‍දවැනි ඉනිමේදී අසරණ කළහ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස යාපනය පිල ලකුණු 246ක් ලබාගත් අතර, කොළඹ පිල දෙවැනි ඉනිම  කඩුලු 6ක් දැවී ලකුණු 313ක් ලබා ඉනිම අත්හිටුවා යාපනය යළි පිටියට කැදවීය. ඊයේ තෙවැනි දිනය නිමා වෙද්දී යාපනය පිල වෙනුවෙන් ෂෙවොන් ඩැනියෙල් නොදැවී ලකුණු 32ක් හා රවිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 39ක් ලබා සිටි අතර අද දිනයේ මේ දෙදෙනා ලකුණු 161ක සබඳතාවක් දෙවැනි කඩුල්ලට ගොඩ නැගූහ. ඩැනිපෙල් ලකුණු 82ක් වාර්තා කරද්දී ප්‍රනාන්දු අගනා ලකුණු 107ක් ලැබීය.

පළමු ඉනිමේදී ලකුණු 88ක් ලබාගත් අංජල බන්ඩාර දෙවැනි ඉනි‍මේදී ලකුණු 51ක් හා චාමික කරුණාරත්න ලකුණු 51ක් ලබා ගත්හ.

මෙම තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු කොළඹ පිල වෙනුවෙන් ශතකයක් වාර්තා කළ අතර ඔහු පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ 17ක් සමඟ ලකුණු 144ක් ලබා ගත්තේය.

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 386 (ඕවර් 95)

අවිශ්ක ප්‍රනාන්දු 144, නවෝද් පරණවිතාන 39, ධනංජය ලක්ෂාන් 23, චරිත් අසලංක 51, කවින් බණ්ඩාර 77, තුසල් මෙන්ඩිස් 3, ළහිරු මධූසංඛ 5,  දුෂාන් හේමන්ත31, මුදිත ලක්ෂාන් 1, නිශාන් පීරිස් නොදැවී 4, අතිරේක 8 (මොවින් අභිනාෂ් 93/2, ජෙෆ්රි වැන්ඩර්සේ 86/6, ඉසිත විජේසුන්දර 46/1)

යාපනය පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 246 (ඕවර් 90.5)

තනුක දාබරේ 4, ෂෙවෝන් ඩැනියෙල් 13, රවිඳු රෂාන්ත 13, අහන් වික්‍රමසිංහ 9, ජනිත් ලියනගේ 51, අංජල බණ්ඩාර 88, චාමික කරුණාරත්න 29, ජෙෆ්රි වැන්ඩර්සේ 18, නිමේෂ් විමුක්ති 13, අතිරේක 6 (කසුන් රාජිත 34/2, නිශාන් පීරිස් 59/5)

කොළඹ පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 313 (ඕවර් 58)

අවිශ්ක ප්‍රනාන්දු 41, නවෝද් පරණවිතාන 15, ධනංජය ලක්ෂාන් 75, චරිත් අසලංක 1 කවීන් බණ්ඩාර 57, ළහිරු මධූසංඛ නොදැවී 30,  දුෂාන් හේමන්ත නොදැවී 58, අතිරේක 19 (නි‍මේෂ් විමුක්ති 92/2, මොවින් අභිනාෂ් 63/2, ජෙෆ්රි වැන්ඩර්සේ 85/2)

යාපනය පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 366 (ඕවර් 111.5)

ෂෙවෝන් ඩැනියෙල් 82, රවිඳු රෂාන්ත 107, අහන් වික්‍රමසිංහ 22, අංජල බණ්ඩාර 51, චාමික කරුණාරත්න 51, ජෙෆ්රි වැන්ඩර්සේ 17, අතිරේක 11  (නිශාන් පීරිස් 109/2, මුදිත ලක්ෂාන් 84/4, චරිත් අසලංක 56/2, දුෂාන් හේමන්ත 46/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee