slc
logo
Home   |    News
මාර්තු 12, 2025
නැෂනල් සුපර් ලීග් පුහුණුකරුවන්ගේ ලැයිස්තුව

sinhala editor

හෙට දිනයේදී ආරම්භ වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් වල පුහුණුකරුවන් සහ සහාය පුහුණුකරුවන් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ඒ අනුව යාපනය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන ද, ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු දර්ශන ගමගේද, දඹුල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන තිළිණ කණ්ඩම්බිද, කොළඹ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග ද සහ මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන අවිශ්ක ගුණවර්ධනවද පත් කර තිබේ.

මේ අතර ඔවුන්ගේ සහායක පුහුණුකරුවන් ලෙසින්, තාමර අබේරත්න, සචිත් පතිරණ, චමිල ගමගේ, ධම්මික සුදර්ශණ සහ සජීව වීරකෝන් යන පුහුණුකරුවන් පත් කිරීමට පියවර ගෙන තිබේ.

තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට දිනයේදී (13 දා) ගාල්ල සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ද යාපනය සහ කොළඹ අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද ආරම්භ වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee