slc
logo
Home   |    News
මාර්තු 12, 2025
නැෂනල් සුපර් ලීග් පුහුණුකරුවන්ගේ ලැයිස්තුව

sinhala editor

හෙට දිනයේදී ආරම්භ වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් වල පුහුණුකරුවන් සහ සහාය පුහුණුකරුවන් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

ඒ අනුව යාපනය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන ද, ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු දර්ශන ගමගේද, දඹුල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන තිළිණ කණ්ඩම්බිද, කොළඹ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග ද සහ මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන අවිශ්ක ගුණවර්ධනවද පත් කර තිබේ.

මේ අතර ඔවුන්ගේ සහායක පුහුණුකරුවන් ලෙසින්, තාමර අබේරත්න, සචිත් පතිරණ, චමිල ගමගේ, ධම්මික සුදර්ශණ සහ සජීව වීරකෝන් යන පුහුණුකරුවන් පත් කිරීමට පියවර ගෙන තිබේ.

තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය හෙට දිනයේදී (13 දා) ගාල්ල සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ද යාපනය සහ කොළඹ අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද ආරම්භ වේ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee