සිව්වැනි වතාවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් ශම්මි සිල්වා මහතා අද (31 දා) පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී සිය ධුයේ වැඩ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය. අද පෙරවරුවේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රෙය්දී පැවති 64 වැනි වාර්ෂික මහ සභා වාරයේදී 2025-2027 වසර දක්වා කාලය සඳහා අදාළ ධුරයට ශම්මි සිල්වා මහතා නිතරගයෙන් පත්වූවේය. ඒ මහතා සිය ධුරයේ වැඩ රාජකාරි ආරම්භ කරන විට එම නිලවරණයෙන් නිතරගයෙන් පත් සෙසු නිලධාරීන්ද ඒ අතර වූහ.
ශම්මි සිල්වා මහතා අදාළ සභාපති අසුන් වැඩ රාජකාරි භාර ගනු ලැබවේ පිට පිටම තෙවැනි වතාවටත් නිතරගයෙන් පත්වීමෙන් වීම විශේෂත්වයක් වේ. ශම්මි සිල්වා මහතාගේ උප සභාපතිවරුන් ලෙස ආචාර්ය ජයන්ත ධර්මදාස සහ රවීන් වික මරත්න මහත්වරුන්ද, ලේකම්වරයා වශයෙන් බන්දුල දිසානායක මහතාද භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියැද්ද මහතාද උප ලේකම්වරයා ලෙස ක්‍රිෂාන්ත කපුවත්ත මහතාද සහ උප භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතාද නිතරගයෙන් තේරී පත්වූහ. ඒ මහතා වැඩභාර ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවට පත් මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියහ.