slc
logo
Home   |    News
මාර්තු 14, 2025
අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ 17ක් සමඟ ලකුණු 144ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු තම පිල වෙනුවෙන් වේගවත් ආැරම්භයක් ලබාදීමට සමත් වූවේය. මේ හේතුවෙන් කොළඹ පිල පළමු දිනය නිමාවෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 374ක් ලබා ගත්තේය.

අවිශ්ක සමඟ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පළමු කඩුල්ලට පන්දු 88කදී ලකුණු 75ක් එක්කළ අතර, නවෝද් පන්දු 45කදී හතරේ 6ත් සමඟ ලකුණු 39ක් ලබා සිටියදී මොවින් අභිනාෂ් එවූ පන්දුවක් ‍කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. අංක තුන පිතිකරු ධනංජය ලක්ෂාන් ලකුණු 23කට දැවී යෑමෙන් පසු අවිශ්ක සමඟ එක්වූ කවින් බණ්ඩාර තෙවැනි කඩුල්ලට පන්දු 218කදී ලකුණු 172ක් එක්කරමින් ඉනිම වර්ණවත් කළේය.

බණ්ඩාර පන්දු 121කට මුහුණදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 77ක් ලබාගත් අතර, අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සිව්වැනි කඩුල්ලට දැවීයෑමෙන් ලකුණු වේගය තරමක් අඩාල වූවේය. නායක චරිත් අසලංක පන්දු 90කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 51ක් ලැබූ අතර, කුසල් මෙන්ඩිස් හා ළහිරු මධුසංඛ පිළිවෙලින් ලකුණු 3කට හා 5කට දවා ගැනීමට දකුණත් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සේ සමත් විය.

දිනය නිමාවෙද්දී දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 24ක් හා මුදිත ලක්ෂාන් නොදැවී ලකුණු 1ක් ලබා සිටියහ. අද තරග‍යේ දෙවැනි දිනයයි.

කොළඹ පිල පළමු ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 374 (ඕවර් 90)
අවිශ්ක ප්‍රනාන්දු 144, නවෝද් පරණවිතාන 39, ධනංජය ලක්ෂාන් 23, චරිත් අසලංක 51, කවින් බණ්ඩාර 77, තුසල් මෙන්ඩිස් 3, ළහිරු මධූසංඛ 5, දුෂාන් හේමන්ත නොදැවී 24, මුදිත ලක්ෂාන් නොදැවී 1 අතිරේක 7 ( මොවින් අභිනාෂ් 93/2, ජෙෆ්රි වැන්ඩර්සේ 84/4)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar