slc
logo
Home   |    News
මාර්තු 23, 2025
කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. ලකුණු 599ක ඉලක්කයක් හඹා ගිය කොළඹ පිල තරගය නිමාකරද්දී කඩුලු 7ක් දැවී ලකුණු 313ක් ලබා සිටියේය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74ක් හා නායක චරිත් අසලංක ලකුණු 65ක් ලබාගත් අතර, තරගය නවත්වද්දී ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 39ක් හා කසුන් රාජිත නොදැවී ලකුණු 16ක් ලබා සිටියහ.

කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 460 පිළිතුරු ලෙස කොළඹ පිල පළමු ඉනිමේදී ලකුණු 106කට දැවී ගිය අතර, කැන්ඩි පිල දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 244ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ඉලක්කයක් ලබා දුන්නේය. එම අසීරු ඉලක්කය හඹාගොස් ජයග්‍රහණය සෙවීමට කොළඹ පිල විශාල උත්සහයක නිරතවනු දක්නට ලැබුණි. කොළඹ පිලේ දෙවැනි ඉනිමේ තෙවැනි කඩුල්ලට චරිත් අසලංක හා ළහිරු මධුසංඛ අතර පන්දු 178කදී ලකුණු 106ක සබඳතාවක් ගොඩනැගුණු අතර, 8 වැනි කඩුල්ලට ෂෙහාන් ප්‍රනාන්දු හා කසුන් රාජිත අතර, පන්දු 168කදී ලකුණු 55ක නොබිඳු සබඳතාවක් ගොඩනැගී තිබිණි.

කැන්ඩි දෙවැනි ඉනිමේදී ශතකයට ලකුණු 7ක් අඩුවෙන් තිබියදී ජනිෂ්ක ප්‍රනාන්දු ලකුණු 93කට දැවී ගිය අතර, ඔහු නුවනිඳු ප්‍රනාන්දු සමඟ එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 154කදී ලකුණු 121ක් එක් කිරීමට සමත් විය. සිව්වැනි කඩුල්ලට පන්දු 65කදී ලකුණු 82ක අඛණ්ඩ සබඳතාවක් නුවනිඳු ප්‍රනාන්දු හා සහන් ආරච්චිගේ ගොඩනගා තිබියදී ඉනිම අත්හිටුවීමට තීරණය විය. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 111කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ නොදැවී ලකුණු 100ක් හා සහන් ආරච්චිගේ බන්දු 27කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 29ක් ලබා සිටියහ.

හම්බන්තොටදී පැවැත්වෙන මෙම තරගයේදී කොළඹ පිලේ ඉනිම සුනුවිසුණු කළ ශිරාන් ප්‍රනාන්දු කඩුලු 4ක් හා සහන් නානායක්කාර කඩුලු 3ක් බිදහෙළුෑ අතර, චමිඳු වික්‍රමසිංහ කඩුලු 2ක් බිඳහෙලා දස්කම් දැක්වීය. කොළඹ පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා ලෙස නවෝද් පරණවිතාන ලකුණු 22ක් ලබාගත් අතර, ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 36කට බිද වැටුණි.

කැන්ඩි කණ්ඩායමේ කමිල් මිශාර මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි ශතකය වාර්තා කිරීම කැන්ඩි ලකුණු පුවරුවට විශාල ශක්තියක් වූවේය. පන්දු 217 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 172 ක් වර්තා කළේය. ඔහු පළමු තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 158 ක් ලබා තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලාභීන් අතර ඉදිරියට පැමිණියේය. නායක සහන්ආරච්චි පන්දු 125 කදී ලකුනු 68ක් හා රවිඳු ප්‍රනාන්දු පන්දු 69කදී ලකුණු 53ක් කැන්ඩි පිලට එක් කළේය.

‍කැන්ඩි පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 460 (ඔිවර් 111.2)
කමිල් මිශාර 172, ජනිශ්ක පෙරේරා 48, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා 24, චමිඳු වික්‍රමසිංහ 15, රවිඳු ප්‍රනාන්දු 53, අතිරේක 24 (කසුන් රාජිත 80/3, නිශාන් පීරිස් 101/3, දුෂාන් හේමන්ත 91/2)

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 106 (ඕවර් 43)
නවෝද් පරණවිතාන 22, අවිශ්ක ප්‍රනාන්දු 19, ධනංජය ලක්ෂාන් 17, අතිරේක 11 (ශිරාන් ප්‍රනාන්දු 49/4, චමිඳු වික්‍රමසිංහ 8/2, සහන් නානායක්කාර 18/3)

‍කැන්ඩි දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 244 – ඉනිම අත්හිටෙව්වා (ඕවර් 13)
පැතුම් නිශ්ශංක 18, ජනිෂ්ක පෙරේරා 93, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 100, සහන් ආරච්චිගේ ‍නොදැවී 29 (ළහිරු මධුසංඛ 19/1,නවෝද් පරණවිතාන 73/1, නිශාන් පීරිස් 41/1)

කොළඹ පිල දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 313 (ඕවර් 120)
නවෝද් පරණවිතාන 15, අවිශ්ක ප්‍රනාන්දු 74, ධනංජය ලක්ෂාන් 18, කවීන් බණ්ඩාර 32, චරිත් අසලංක 65, ළහිරු මධුසංඛ 39, ෂෙහාන් ප්‍රනාන්දු නොදැවී 39, කසුන් රාජිත නොදැවී 16 (ශිරාන් ප්‍රනාන්දු 59/2, මොහොමඩ් දිල්ෂඩ් 40/1, සහන් නානායක්කාර 76/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee