slc
logo
Home   |    News
මාර්තු 4, 2025
නැෂනල් යූත් ලීග් සිව්දින තරගාවලිය මාර්තු 13 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 13 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. තෙවැනි වතාවටත්ත පැවැත්රවෙන මෙවර තරගාවලිය අප්‍රේල් මස 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

ගාල්ල, මහනුවර, යාපනය, කොළඹ සහ දඹුල්ල යන කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වෙනු ඇත. හම්බන්තොට මහින්ද රාජපක්ෂ, ගාල්ල ජාත්‍යන්තර, රංගිරි දඹුල්ල, ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ ජාත්‍යන්තර සහ කොළඹ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වෙනු ඇත.  

සමාරම්භක දියය වන මාර්තු 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන තරග වලදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ගාල්ල සහ මහනුවර කණ්ඩායම්ද, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී යාපනය සහ කොළඹ යන කණ්ඩායම්ද තරග වැදීමට නියමිතව සිටිති.

තරගාවලියේ අවසන් මහ තරගය අප්‍රේල් මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට විධි විධාන යොදා තිබේ. මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් වරට පැවැති නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ගෝල් කණ්ඩායම සමත්විය. ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ කැන්ඩි කණ්ඩායමයි.  

වසරශූරතාවඅනුශූරතාවවැඩිම ලකුණුවැඩිම කඩුලු
2022කැන්ඩිජැෆ්නාකමිඳු මෙන්ඩිස් (886)ප්‍රභාත් ජයසූරිය (23)
2023දඹුල්ලගෝල්මිනෝද් භානුක (456)ශෂීක දුල්ෂාන් (22)
2024ගෝල්කැන්ඩිඕෂධ ප්‍රනාන්දු (885)නිශාන් පීරිස් (35)
     
තරග කාල සටහන
දිනයසත්කාරකආගන්තුකක්‍රීඩාංගණය
මාර්තු 13-16ගෝල්කැන්ඩිහම්බන්තොට
 ජැෆ්නාකලම්බුගාල්ල
මාර්තු 20-23කලම්බුකැන්ඩිහම්බන්තොට
 දඹුල්ලගෝල්ගාල්ල
මාර්තු 27-30කලම්බුදඹුල්ලරංගිරි දඹුල්ල
 කැන්ඩිජැෆ්නාආර්. ප්‍රේමදාස
අප්‍රේල් 03-06ජැෆ්නාගෝල්හම්බන්තොට
 කැන්ඩිදඹුල්ලආර්. ප්‍රේමදාස
අප්‍රේල් 2-23ගෝල්කලම්බුරංගිරි දඹුල්ල
 දඹුල්ලජැෆ්නාපල්ලේකැලේ
අප්‍රේල් 27-30අවසන් මහ තරගය එස්.එස්.සී.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar