ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (4) අයහපත් කාලගුණය මැද තරගය නතර කරද්දී පළමු ඉනිමට පන්දුවට පහර දෙන ගෝල් පිල කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා ජැෆ්නා පිලට වඩා තවත් ලකුණු 45ක් පසුපසින් සිටී.
හම්බන්තොටදී පැවැත්වෙන ජැෆ්නා හා ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 305ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කරමින් සිටින ගෝල් ක්‍රීඩකයෝ අද දෙවැනි දිනයේදී ඕවර් 54.2කට පමණක් මුහුණ දුන්හ.
ඊයේ පළමු දිනය නිමාවෙද්දී ඕෂධ ප්‍රනාන්දු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 13ක් ලබා සිටි අතර, අද දිනයේ ඔහු ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය. ඒ වෙනුවෙනු පන්දු 107ක් වැය කළ ඔෂධ හතරේ පහර 5ක් තම ඉනිමට එක් කළේය. අගනා ඉනිමක් දියත් කරමින් සිටින දුනිත් වෙල්ලාලගේ පන්දු 86කදී හතරේ 8ක් සමඟ නොදැවී ලකුණු 68ක් හා රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 36ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.
ගෝල් ඉනිමට තර්ජනයක් ගෙන ආ සිතුම් දිසානායක ලකුණු 39කට කඩුලු 3ක් බිදහෙළූ අතර, චාමික කරුණාරත්න, අසංක මනෝජ් හා නිමේෂ් විමුක්ති කඩුල්ල බැගින් බිඳහෙලා ගත්හ.
ජැෆ්නා ඉනිමේ 2 වැනි කඩුල්ලට පන්දු 151ක දී ලකුණු 134ක සබඳතාවක් ගොඩ නැගීමට ෂෙවෝන් ඩැනියෙල් සහ තනුක දාබරේ සමත්වූ අතර, දාබරේ පන්දු 80කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 81ක්, ෂෙවෝන් ඩැනියෙල් පන්දු 88කදී හතරේ පහර 8ක් සමඟ ලකුණුු 56ක් ද ලබා ගත්තේය. අනතුරු ව පිටියට පිටිසි ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 96කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූවේය.
දිලුම් සුදීර ලකුණු 60කට කඩුලු 5ක් හා දුනිත් වෙල්ලාලගේ, උදිත් මදුශාන්, රමේෂ් මෙන්ඩිස්, නිසල තාරක, නිම්සර අතරගල්ල කඩුල්ල බැගින් දවා ගත්හ.
මෙම තරගයේ තෙවැනි වැනි දිනය (5) හෙටයි
ජැෆ්නා පිල පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 305 (ඕවර් 69.1)
ෂෙවෝන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, චාමික කරුණාරත්න 35, නිමේෂ් විමුක්ති 16 (දිලුම් සුදීර 60/5)
ගෝල් පිල පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 260 (ඕවර් 61)
නිපුන් ධනංජය 14, ඕෂධ ප්‍රනාන්දු 62, දිනේස් චන්දිමාල් 40, දුනිත් වෙල්ලාලගේ නොදැවී 68, රමේෂ් මෙන්ඩිස් නොදැවී 36, අතිරේක 25 ( සිතුම් දිසානායක 39/3)