slc
logo
Home   |    News
අප්‍රේල් 4, 2025
පැතුම් නිශ්ශංක හා සොහාන් ලිවේරා ශතක ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (3) ආරම්භ වූ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ පළමු දිනය නිමාවෙද්දී කැන්ඩි පිලේ පැතුම් නිශ්ශංක හා සොහාන් ලිවේරා ශතක රැස්කරමින් දස්කම් දැක්වූහ.‍

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අතර මඟ දී නතර කරද්දී කඩුලු 4ක් දැවී ලකුණු 322ක් ලබා සිටියහ.

කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 160ක් ලබා සිටින අතර, වමතින් පන්දුවට පහර දෙන සොහාන් ද ලිවේරා හත‍ේ පහර12ක් සමඟ පන්දු 136කදී නොදැවී ලකුණු 110ක් ලබා සිටී.

පැතුම් තම පළමු පෙළ තරග දිවියේ 17 වැනි ශතකය වාර්තා කළ අතර, 24 හැවිරිදි ලිවේරා පළමු පෙළ තරගවලදී 5 වැනි ශතකය වාර්තා කළේය.

පැතුම් නිස්සංක සහ සොහාන් ද ලිවේරා කැන්ඩි 5 වැනි කඩුල්ලට පන්දු 237කදී නොබිඳුනු ලකුණු 198ක සබඳතාවක් ගොඩගමින් සිටීම කැපී පෙනේ.

තරගයේ 2 වැනි දිනය (4) හෙටයි.

කැන්ඩි පිල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 322 (ඕවර් 71)
පැතුම් නිස්සංක නොදැවී 160, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා නොදැවී 110 (අකිල ධනංජය 102/3)

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee