slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2025
චරිත්ගෙන් නායකත්වයේ ඉනිමක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ තෙවැනි දිනයේදී සිය පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් කොළඹ කණ්ඩායමේ නායක චරිත් අසලංක දිනය අවසන් වද්දී කුණු 142 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

පන්දු 193 කදී වාර්තා වුණු චරිත්ගේ ඉනිම හතරේ පහර 17 කින් හයේ පහර 2 කින් වර්ණවත් විය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් ගෝල් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු 435 ට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම මේ වන විට කඩුලු 6 ක් දැවී ලකුණු 341 ක් ලබා සිටියි. ඒ අනුව කොළඹ කණ්ඩායම තවත් කඩුලු 4 ක් අතැතිව පළමු ඉනිමේදී තවත් ලකුණු 94 ක් පිටුපසින් සිටියි.

එක් කඩුල්ලක් දැවී ලකුණු 85 ක් ලබා සිටි කොළඹ කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙසින් ධනංජය ලක්ෂාන් ලකුණු 60 ක් ලබා සිටියදී දවා ගැනීමට සංතුෂ් ගුණතිලක සමත්විය. අනතුරුව අනෙක් ආරම්භක පිතිකරුවා වූ අවිශ්ක ප්‍රනාන්දු වද ලකුණු 54 කදී දවා ගනිමින් දිනයට සාර්ථක ආරම්භයක් ලබා දීමට ගෝල් නායක රමේෂ් මෙන්ඩිස් සමත්වූවේය.

නායක චරිත් අසලංකට අමතරව කවීන් බණ්ඩාර පන්දු 93 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් ලබා ගත් අතර ඔහු සහ චරිත් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු සංඛ්‍යාව 112 කි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ සහ නිසල තාරක කඩුලු දෙක බැගින් දවා ගනිද්දී සංතුෂ් ගුණතිලක සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ගෝල් කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 435 (136.2) – දිනේෂ් චන්දිමාල් 132, දුනිත් වෙල්ලාලගේ 21, රමේෂ් මෙන්ඩිස් 72, නිසල තාරක 76, දිලුම් සුදීර නොදැවී 66, ධනංජය ලක්ෂාන් 99/5

කොළඹ කන්ඩායම පළමු ඉනිමකඩුලු 6ක් දැවී 341 (96.0)  – අවිශ්ක ප්‍රනාන්දු 53, ධනංජය ලක්ෂාන් 60, චරිත් අසලංක නොදැවී 142, කවින් බණ්ඩාර 40, නිසල තාරක 69/2, දුනිත් වෙල්ලාලගේ 46/2

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee