slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2025
නැෂනල් සුපර් ලීග් සිව්දින ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් ගාල්ල දිනාගනියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නැෂනල් සුපර් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගෝල් කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය. දඹුල්ල කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ගෝල් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගන්නා ලද්දේ පිට පිටම දෙවැනි වතාවට වීම ද කැපී පෙනෙයි. ශූරතාව දිනාගත් රමේෂ් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් කණ්ඩායමට ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50 ක ජය මල්ලක්ද හිමිවිය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ගෝල් කන්ඩඩායම ලකුණු 370 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 313 ක් පමණි. ලකුණු 57 ක පළමු ඉනිිමේ වාසියද සමග නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කළ ගෝල් කණ්ඩායම තරගයේ අවසන් සහ සිව්වැනි දිනය වූ අද (30 දා) වර්ෂාව හේතුවේ තරගය අතහැර දමනා විට කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් රැස් කරගෙන සිටියේය.

නායක රමේෂ් මෙන්ඩිස් ලකුණු 50 ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 59 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ ගෝල් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබවේය ඔහු පන්දු 138 කට මුහුණ දී හතරේ පහර 5 ක් ද සමඟ ලකුණු 64 ක් ලබාගත්තේය.

තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානයේදී තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් දඹුලු කණ්ඩායමේ අකිල ධනංජයද දක්ෂතම පිතිකරුවා ලෙසින් තරග 4 කදී ලකුණු 563 ක් වාර්තා කළ යාපනය කණ්ඩායමේ රවිඳු රසාන්තද සම්මාන දිනාගත්තේය. මූලික තරග වටයේදී තරග 4 කට ක්‍රීඩා කළ අකිල කඩුලු 35 ක් ලබා ගනිමින් දක්ෂතම පන්දු යවන්නාට අමතරව තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයටද හිමිකම් කීවේය.

මෙම ජය සංකේත ප්‍රධානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ තරග සංවිධාන කමිටුවේ සභාපති නලීන් අපෝන්සු යන මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ගෝල් පළමු ඉනිම පන්දුවාර 96.2 කදී සියලු දෙනා දැවී ලකුණු 370 යි – (ඔෂද ප්‍රනාන්දු 120, තුලින ඩිල්ෂාන් 07, දිනේෂ් චන්දිමාල් 80, නිපුන් ධනංජය 04, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ 34, නිසල තාරක 01, රමේෂ් මෙන්ඩිස් 31, සංතුෂ් ගුණතිලක 39, විජයකාන්ත් වියස්කාන්ත් 00 නිම්සර අතරගල්ල 118, මොහොමඩ් ශිරාස් 92/4, අකිල ධනංජය 92/2, ඉනුක කරන්නාගොඩ 38/1, චමිදු විජේසිංහ 48/1, විශ්ව ප්‍රනාන්දු 91/1)
දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 84.2 කදී සියලු දෙනා දැවී ලකුණු 313 යි (රොන් චන්ද්‍රගුප්ත 65, නිශාන් මදුෂ්ක 17, දිනුර කලුපහන 00, සම්මු අශාන් 35, ධනංජය ද සිල්වා 08, විශාද් රන්දික 124, චමිදු විජේසිංහ 28, ඉනූක කරන්නාගොඩ 04, අකිල ධනංජය 02, මොහොමඩ් ශිරාස් 11, විශ්ව ප්‍රනාන්දු 00, නිම්සර අතරගල්ල 101/5, විජයකාන්ත් වියස්කාන්ත් 28/2, රමේෂ් මෙන්ඩිස් 43/1, දුනිත් වෙල්ලාලගේ 31/1)

ගොල් දෙවැනි ඉනිම පන්දුවාර 83 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 246 යි – (දිනේෂ් චන්දිමාල් 64, නිපුන් ධනංජය 22, අවිශ්ක පෙරේරා 13, දුනිත් වෙල්ලාලගේ 59*, තුලින ඩිල්ෂාන් 07, ඔෂද ප්‍රනාන්දු 19, රමේෂ් මෙන්ඩිස් 50*, මොහොමඩ් ශිරාස් 35/2, විශ්ව ප්‍රනාන්දු 38/1, ඉනූක කරන්නාගොඩ 45/1, චමිඳු විජේසිංහ 23/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee