slc
logo
Home   |    News
අප්‍රේල් 5, 2025
පැතුම් නිශ්ශංක‍ගෙන් ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ අද (4) දෙවැනි දිනය නිමාවෙද්දී දඹුල්ල පිල පළමු ඉනිමේදී කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 246ක් පසුපසින් සිටී.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 453ක් ලබාගත් අතර, ගෝල් පිල අද දිනය නිමාවෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 207ක් ලබා සිටියේය.

කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 160ක් ඊයේ ලබා සිටි අතර, අද දිනයේදී තම ද්විත්ව ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූවේය. පැතුම් පන්දු 260කට මුහුණදී හතරේ 19ක් සමඟ ලකුණු 202ක් ලබා ගත්තේය. වමතින් පන්දුවට පහර දෙන සොහාන් ද ලිවේරා හතරේ පහර 17ක් සමඟ පන්දු 169කදී ලකුණු 142ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ දෙදෙනා අතර, 5 වැනි කඩුල්ලට පන්දු 300කදී ලකුණු 245ක සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුණි. අකිල ධනංජය ලකුණු 140කට කඩුලු 5ක් දවා ගත්තේය.

දඹුල්ල පළමු ඉනිමේ මුල් කඩුලු දෙක ලකුණු 49කදී බිදවැටී ගිය අතර, ධනංජය ද සිල්වා ‍නොදැවී ලකුණු 81 හා දසුන් ශානක නොදැවී ලකුණු 34ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

තරගයේ 3 වැනි දිනය (5) හෙටයි.

කැන්ඩි පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 453 (ඕවර් 97)
පැතුම් නිස්සංක 202, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා 142, රවිඳු ප්‍රනාන්දු 37, අතිරේක 14 (දිනුර කළුපහන 64/2, අකිල ධනංජය 140/5, චමිඳු විජේසිංහ 59/3)

දඹුල්ල පිල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 207 (ඕවර් 54)
රොන් චන්ද්‍රගුප්ත 17, ධනංජය ද සිල්වා ‍නොදැවී 81, සහන් කෝසල 34, දසුන් ශානක නොදැවී 34 (අශේන් ඩැනියෙල් 62/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee