slc
logo
Home   |    News
අප්‍රේල් 4, 2025
පැතුම් නිශ්ශංක හා සොහාන් ලිවේරා ශතක ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (3) ආරම්භ වූ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ පළමු දිනය නිමාවෙද්දී කැන්ඩි පිලේ පැතුම් නිශ්ශංක හා සොහාන් ලිවේරා ශතක රැස්කරමින් දස්කම් දැක්වූහ.‍

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අතර මඟ දී නතර කරද්දී කඩුලු 4ක් දැවී ලකුණු 322ක් ලබා සිටියහ.

කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 160ක් ලබා සිටින අතර, වමතින් පන්දුවට පහර දෙන සොහාන් ද ලිවේරා හත‍ේ පහර12ක් සමඟ පන්දු 136කදී නොදැවී ලකුණු 110ක් ලබා සිටී.

පැතුම් තම පළමු පෙළ තරග දිවියේ 17 වැනි ශතකය වාර්තා කළ අතර, 24 හැවිරිදි ලිවේරා පළමු පෙළ තරගවලදී 5 වැනි ශතකය වාර්තා කළේය.

පැතුම් නිස්සංක සහ සොහාන් ද ලිවේරා කැන්ඩි 5 වැනි කඩුල්ලට පන්දු 237කදී නොබිඳුනු ලකුණු 198ක සබඳතාවක් ගොඩගමින් සිටීම කැපී පෙනේ.

තරගයේ 2 වැනි දිනය (4) හෙටයි.

කැන්ඩි පිල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 322 (ඕවර් 71)
පැතුම් නිස්සංක නොදැවී 160, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා නොදැවී 110 (අකිල ධනංජය 102/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee