නිල නොවන සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මසදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ජුනි මස 02 වැනිදා පස්වරුවේදී පිටත්ව යනු ඇත.
දෙපිළ අතර පැවැත්වෙන සිව්දින තරගාවලියෙන් තරගාවලිය ජුනි මස 07 වැනිදා ආරම්භ වන අතර එම තරග දෙකම කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අනතුරුව තරග 3 කින් සමන්විත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතර එම තරග 3 ම ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
දින 25 කින් සමන්විත මෙම තරගාවලිය නිමවට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩඩායම ජුනි මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
දිනය | තරගය | ක්‍රීඩාංගණය |
ජුනි 07 – 10 | පළමු සිව්දින තරගය | කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණය |
ජුනි 14 – 17 | දෙවැනි සිව්දින තරගය | කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණය |
ජුනි 21 | පළමු පන්දුවාර 50 තරගය | ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණය |
ජුනි 24 | දෙවැනි පන්දුවාර 50 තරගය | ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණය |
ජුනි 26 | තෙවැනි පන්දුවාර 50 තරගය | ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණය |