slc
logo
Home   |    News
මැයි 26, 2025
නැගීඑන කණ්ඩායමේ නායකත්වය ධනංජය ලක්ෂාන්ට

sinhala editor

ජුනි මස 07 වැනිදා සිට බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ නායකයා ලෙස විසිහය හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම එම තරගාවලිය යටතේ සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීමට නියමිතය. පළමුව පැවැත්වෙන සිව්දින තරගාවලිය ජුනි මස 07 වැනිදා සිට ජුනි මස 17 වැනිදා දක්වා කූලිජ් හිදීද තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ සියලුම තරග ජුනි මස 21, 24 සහ 26 යන තෙදින ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම – ධනංජය ලක්ෂාන් (නායක), ජනිෂ්ක පෙරේරා, ෂෙවෝන් ඩැනියල්, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, අංජල බණ්ඩාර, සොහාන් ද ලිවේරා, සහන් කෝසල, රවිඳු ප්‍රනාන්දු, චමිදු වික්‍රමසිංහ, දුලාජ් සමුදිත, ගරුක සංකෙත්, සිතුම් දිසානායක, දිලුම් සුදීර, ට්‍රෙවීන් මැතිව්, අෂෙයින් ඩැනියල්, මෙලන් හංසක.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee