slc
logo
Home   |    News
මැයි 21, 2025
විස්සයි-20 අවසන් පූර්ව සහ අවසන් මහ තරග විදුලි ආලෝකය මධ්‍යයේ

sinhala editor

පවතින වර්ෂා තත්ත්වය හේතුකොට ගෙන දින සංශෝධනයකට ලක් කෙරුණු අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහ තරග කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සී.සී.සී.) විදුලි ආලෝක ධාරා මධ්‍යෙය් පැවැත්වෙනු ඇත. සී.සී.සී. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක පද්ධතිය ස්ථාපනය කිරීමෙන් අනතුරුව මෙහි පවත්වනු ලබන  පළමු දිවා/රාත්‍රී තරගය වන්නේ අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ලබන ජුනි මස 08 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග දෙක වේ.

ඒ අනුව අදාළ අවසන් පූර්ව තරග වටය යටතේ පැවැත්වෙන පළමු තරගය එදින ප.ව. 3.00 ටද දෙවැනි තරගය එදින ප.ව. 7.30 ට ද පැවැත්වෙනු ඇත. අදාළ තරගාවලිය යටතේ ජුනි මස 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතය. මෙම අවසන් මහ තරගය පැවැත්වෙන දිනදී වර්ෂාවෙන් බාධා පැමිණියහොත් ඒ වෙනුවට ඊට පසු දෙන හෙවත් ජුනි මස 12 වැනිදා අතිරේක දිනයක් ලෙසින් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.

මූලික වටය යටතේ මැයි මස 19 වැනිදා සි 22 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරග සියල්ලම අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමීමට තරගාවලි සංවිදායක කමිටුව තීරණය කිරීමත් සමග තරග කාලසටහනේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකෙරිණ.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ තරග ලබන ජුනි මස 03 වැනිදා පැවැත්වෙන තරගවලින් අනතුරුව අවසන් වන අතර අර්ධ අවසන් පූර්ව තරග එම මස 05 වැනිදා කොළඹ පී. සරා සහ සී.සී.සී. ක්‍රීඩාංගණවල පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee