slc
logo
Home   |    News
මැයි 22, 2025
දින 25 ක සංචාරයකට ශ්‍රී ලංකා නැගීඑන පිල කොදෙව් දේශයට

sinhala editor

නිල නොවන සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මසදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ජුනි මස 02 වැනිදා පස්වරුවේදී පිටත්ව යනු ඇත.

දෙපිළ අතර පැවැත්වෙන සිව්දින තරගාවලියෙන් තරගාවලිය ජුනි මස 07 වැනිදා ආරම්භ වන අතර එම තරග දෙකම කූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අනතුරුව තරග 3 කින් සමන්විත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතර එම තරග 3 ම ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දින 25 කින් සමන්විත මෙම තරගාවලිය නිමවට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩඩායම ජුනි මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

දිනයතරගයක්‍රීඩාංගණය
ජුනි 07 – 10පළමු සිව්දින තරගයකූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණය
ජුනි 14 – 17දෙවැනි සිව්දින තරගයකූලිජ් ක්‍රිකට් ක්‍රීඩාංගණය
ජුනි 21පළමු පන්දුවාර 50 තරගයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණය
ජුනි 24දෙවැනි පන්දුවාර 50 තරගයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණය
ජුනි 26තෙවැනි පන්දුවාර 50 තරගයශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee