slc
logo
Home   |    News
මැයි 15, 2025
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලබාදෙන ත්‍යාග මුදල් මෙන්න

sinhala editor

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ජූනි 11 වැනිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවසන් මහ තරගයේ ජයග්‍රාහකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 108 ක් පිරිනැමීමට කටයුතු යොදා තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි.

2023-25 වසර කාලය ඇතුළත ක්‍රියාත්මක මෙවර ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේදී අවසන් මහ තරගය ඇතුළුව එම ශ්‍රේණිගත කිරීම්හි එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (15 දා) දිනයේදී නිකුත් කරන ලද නිවේදනයේ ඒ බව සඳහන් විය.

අනුශූරතාව දිනා ගනු ලබන කණ්ඩායමට ඩොලර් මිලියන 2.16 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 64 ක මුදලක් පිරිනැමෙන අතර මීට අමතරව එම ප්‍රසාද ලකුණු සටහනේ එක් එක් ස්ථාන අනුව මෙවර ද ත්‍යාග මුදල් බෙදා දෙනු ඇත.

පසුගිය අදියර දෙකට සාපේක්ෂව මෙවර තරගාවලියේදී පිරිනමනු ලබන ත්‍යාග මුදල දෙගුණයකටත් වඩා වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මූලික වටය අවසනදී 6 වැනි ස්ථානයට පත් වුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් අටලක්ෂ හතළිස් දහසක් (840,000) ක මුදලක් හිමිවන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 25 කට අධික අගයක් ගනු ඇත. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී ටෙස්ට් තරග 13 කට සහභාගිවී ප්‍රසාද ලකුණු 60 ක් ලබා හයවැනි ස්ථානයට පත්විය.

මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් ඉන්දියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.44 ක් හිමිවන අතර සිව්වැනි ස්ථානයට පත් නවසීලන්තයට ඇ.ඩො.මි. 1.2 ක් ද 5 වැනි ස්ථානයට පත් එංගලන්තයට ඇ.ඩො. 960,000 ක් හිමිවේ.

ඊට අමතරව 7 වැනිසහ 8 වැනි ස්ථානවලට පත් බංග්ලාදේශයට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ විසිදහසක් (720,000) සහ හය ලක්ෂයක් (600,000) ද සහ 9 වැනි ස්ථානයට පත් පාකිස්තානයට ඇ.ඩො. හාරලක්ෂ අසූදහසක් (480,000) හිමිවනු ඇත.

ස්ථානයකණ්ඩායමහිමිවන මුදල (ඇ.ඩො.)
ශූරතාවඔස්ට්‍රේලියාව/දකුණු අප්‍රිකාව3,600,000
අනුශූරතාවඔස්ට්‍රේලියාව/දකුණු අප්‍රිකාව2,160,000
තෙවැනි ස්ථානයඉන්දියාව1,440,000
සිව්වැනි ස්ථානයනවසීලන්තය1,200,000
පස්වැනි ස්ථානයඑංගලන්තය960,000
හයවැනි ස්ථානයශ්‍රී ලංකාව840,000
හත්වැනි ස්ථානයබංග්ලාදේශය720,000
අටවැනි ස්ථානයබටහිර ඉන්දීය කොදෙව්600,000
නවවැනි ස්ථානයපාකිස්තානය480,000

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee