ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී එන්සීසී පිල ලකුණු 1ක තියුණු ජයක් පානදුර පිලට එරෙහිව ලබා ලකුණු සටහනේ අපරාජිතව පෙරමුණට පැමිණියේය. තරගාවලියේ පළමු වටය නිමාවීම සඳහා සියලු කණ්ඩායම්වලට තවත් එක් තරගය බැගින් ඇති අතර, එම තරග ලබන 8 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ අතර අද දිනයේ වේගවත් අර්ධ ශතක 8ක් අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වාර්තාවීම කැපී පෙණුනි.
පොලිස් ක්‍රීඩා සමාජයේ චතුරංග ජයතිලක පන්දු 33කදී හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 50ක්, ටැමිල් යූනියන් පිලේ තෙවිඳු සෙනරත්න පන්දු 34කදී හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 50ක්, බඳුරලිය ක්‍රීඩා සමාජයේ ෂෙහාන් මධුසංඛ පන්දු 51කදී හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 53ක් හා සීකුගේ ප්‍රසන්න පන්දු 25කදී හයේ පහර 6ක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 57ක්, සීසීසී පිලේ ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 31කදී හයේ පහර 5ක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 77, එන්සීසී පිලේ චාමික කරුණාරත්න පන්දු 28කදී හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 50ක්, පානදුර ක්‍රීඩා සමාජයේ විශේන් හැළඹගේ පන්දු 39කදී හයේ 5ක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 83ක්, ඒස් කැපිටල් පිලේ
ළහිරු දවටගේ පන්දු 29කදී හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 52ක් වාර්තා කිරීමට සමත් වූහ.
එන්සීසී පිලට ලකුණු 1ක තියුණු ජයක්
කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
එන්සීසී පිල කඩුලු 6 දැවී ලකුණු 159 (ඕවර් 20) – නිරෝෂන් දික්වැල්ල 44, ජීවක ෂශීන් 19, සහන් ආරච්චිගේ 12, චාමික කරුණාරත්න නොදැවී 50, කවීන් බණ්ඩාර 10 (දුෂාන් හේමන්ත 22/2)
පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 158 (ඕවර් 20) – එරංග ජයකොඩිගේ 13, විශේන් හැළඹගේ 83, විශ්ව ළහිරු 23, සෙනිත හැළඹගේ නොදැවී 11 ( සහන් ආරච්චිගේ 29/3)
බ්ලූම්ෆීල්ඩ් පිලට කඩුලු 3ක ජයක්
කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් පිල මුලින් පන්දුවට පහරදීමට පොලිස් ක්‍රීඩා සමාජයට ආරාධනා කළේය.
පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 145 (ඕවර් 20) – චතුරංග ජයතිලක 50, නදීර බාලසූරිය 25, රශ්මික හිරුෂාන් 16, අරූෂ ආකාෂ් 14 (ඒෂාන් මාලිංග 15/4, තරින්ද ගුරුගේ 26/2)
බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 7ක් දැවී ලකුණු 147 (ඕවර් 20) – රොන් චන්ද්‍රගුප්ත 28, නිපන් කරුණානායක 16, ළහිරු මධුසංඛ 29, තරින්ද ගුරුගේ 15, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 29 (ඉසිර ආයුපාල 25/2, නවීන් ප්‍රනාන්දු 29/3)
නුගේගොඩට ලකුණු 1ක තියුණු ජයක්
කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය මුලින් පන්දුවට පහරදීමට නුගේගොඩ පිලට ආරාධනා කළේය.
නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 142 (ඕවර් 20) – පුලිඳු පෙරේරා 19, ටී. එම්. සම්පත් 14, රාහුල් ගුණේකර 15, කෙවීන් පෙරේරා 26, සඳුන් මෙන්ඩිස් 21, පසිඳු පැතුම් 12 (ඩිල්ෂාන් මධුසංඛ 31/2, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 9/4)
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 141 (ඕවර් 20) – සංගීත් කුරේ 18, හිරුණ ගාල්ලගේ 15, දුනිත් වෙල්ලාලගේ 33, සනෝජ් දර්ශික 46, අතිරේක 16 (සුවත් මෙන්ඩිස් 18/3, සඳුන් මෙන්ඩිස් 11/2)
ටැමිල් යූනියන් පිලට ලකුණු 44ක ජයක්
එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් පිලේ ආරාධනාවෙන් ටැමිල් යූනියන් පිල මුලින් පන්දුවට පහර දුන්නේය.
ටැමිල් යූනියන් පිල කඩුලු 8ක් දැවී ලකුණු 150 (ඕවර් 20) – සිනෙත් ජයවර්ධන 26, තෙවිඳු සෙනරත් 50, සචිත ජයතිලක 41 (රවිඳු රත්නායක 26/2, තනුක දාබරේ 32/2, ඉරුෂ්ක තිමිර 20/2)
හලාවත මේරියන්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 106 (ඕවර් 18.4) – යශෝධ ලංකා 17, තනුක දාබරේ 16, හිරාන් ජයසුන්දර 31, සකුන ලියනගේ 23 (සිනෙත් ජයවර්ධන 13/3, තේෂාන් විතූෂාන් 12/2, විජේකාන්ත් වියෙස්කාන්ත 22/4 )
ඒස් කැපිටල් පිලට කඩුලු 2ක ජයක්
කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බඳුරලිය පිල මුලින් පන්දුවට පහරදීමටතීරණය කළේය.
බඳුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 170 (ඕවර් 20) – යුතික් දිල්රුක් 23, දිල්ෂාන් ද සොයිසා 16, ෂෙහාන් මධුසංඛ නොදැවී 53, සීකුගේ ප්‍රසන්න 57, කේසර නුවන්ත නොදැවී 13 (චමෝද් බැට්ටගේ 46/2)
ඒස් කැපිටල් පිල කඩුලු 8ක් දැවී ලකුණු 176 (ඕවර් 19.3) – ළහිරු දවටගේ 52, නිමේෂ් ගුරුසිංහ 36, වනුජ සහන් 36, දිනාල් හේමනන්ද නොදැවී 27 (අලංකාර අසංක 23/2, කේශර නුවන්ත 41/4)
සීසීසී පිලට ලකුණු 144ක දැවැන්ත ජයක්
එස්එස්සී ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් සීසීසී පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.
සීසීසී පිල කඩුලු 6ක් දැවී ලකුණු 200 (ඕවර් 20) – ලසිත් කෘෘස්පුල්ලේ 77, දුල්නිත් සිගේරා 48, රෙහාන් පීරිස් 23, ඉනුක කරන්නාගොඩ නොදැවී 32, ඉසුරු උදාන 13 ( ගයන වීරසිංහ 41/2, අරවින්ද ප්‍රේමරත්න 30/2)
කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 56 (ඕවර් 14.2) – ලියෝ ෆ්‍රැන්සිස්කො 9, ගයන වීරසිංහ 13 ( චතුරංග ද සිල්වා 6/2, ලක්ෂාන් සඳකැන් 12/3)