slc
logo
Home   |    News
ජූනි 25, 2025
කොදෙව්වෝ තරගාවලිය සම කරති

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සමග දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම සමත්විය. මේ සමඟම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස දෙපිළම සම තත්ත්වයට පැමිණ සිටියි.

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ඇකඩමි කණ්ඩඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 290 ක් රැස් කළ අතර එය හඹා යෑමේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 271 ක් පමණි.

ශ්‍රී ලංකා නැගීඑන පිල වෙනුවෙන් පිත්තෙන් සාර්ථක වුණු සහන් කෝසල පන්දු 87 කදී ලකුණු 75 ක් ලබා ඉනිමෙ වැඩිම ලකුණු ලාභියා වූවේය. ඔහුට අමතරව වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවා වූයේ නායක ධනංජය ලක්ෂාන් වන අතර ඔහු ලකුණු 30 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කොදෙව් පිතිකරුවන් ලකුණු 300 සීමාවට යන අතරතුර ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවා ගන්නා කඩුලු අතරින් ගරුක සංකෙත් කඩුලු 4 ක් දවා ගත්තේය. එහෙත් ඔහු යවන ලද පන්දුවාර 10 දී ලකුණු 63 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී  පිතිකරුවෝ සමත්වූහ.

පන්දුවට පහර දීමේදී රිවාල්ඩෝ ක්ලාක් (74) සහ කාල්ටන් බෝවෙන් (50) අර්ධ ශතක රැස් කළහ.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 290 යි – (රිවාල්ඩෝ ක්ලාර්ක් 74, කාල්ටන් බෝවෙන් 50, ටෙඩී බිෂොප් 34, ජුවෙල් ඇන්ඩෘ 45, ජොෂුවා බිෂොප් 24, අකීම් ඔගස්ටේ 19, ගරුක සංකෙත් 63/4, ධනංජය ලක්ෂාන් 53/2, මෙලන් හංසක 52/2)

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 271 යි – (සහන් කෝසල 75, ධනංජය ලක්ෂාන් 30, ෂෙවෝන් ඩැනියල් 28, නිපුන් ධනංජය 10, අංජල බණ්ඩාර 22, රවිඳු ප්‍රනාන්දු 25, ට්‍රෙවීන් මැතිව් 25, මෙලන් හංසක 16, මැකා මැකෙන්සි 70/3, ජොෂුවා බිෂොප් 44/2, නේතන් එඩ්වර්ඩ් 48/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee