slc
logo
Home   |    News
ජූනි 23, 2025
මිලාන්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි – විශ්ව සහ දුනිත් කණ්ඩායමට

sinhala editor

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මේ මස 25 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායකට අහිමිව තිබේ. පළමු ටෙස්ට් තරගය අතරතුරදී වම් ඇලපත ආශ්‍රිත මස්පිඬු ආබාධයකට ගොදුරුවීම ඊට හේතු වී තිබේ.

ජය  පැරදුමෙන් තොරව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේදී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට මිලාන් රත්නායක සමත්විය. මෙහිදී පළමු ඉනිමේදී පන්දුවට පහර දෙමින් ලකුණු 39 ක් රැස් කිරීමට සමත්වන මිලාන් පන්දු යැවීමේදී පළමු ඉනිමේදී ලකුනු 39 කට කඩුලු 3 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 26 කට කඩුල්ලක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනිණි.

කෙසේ වෙතත් නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වමත් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විතව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින විශ්ව ප්‍රනාන්දු පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට ඇතුළත් කර නොතිබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 27 කට ක්‍රීඩා කර ඇති විශ්ව ටෙස්ට් කඩුලු 79 ක් බිඳ හෙළීමට සමත්ව සිටින්නේය.

කෙසේ වෙතත් වේග පන්දු යවන්නන්ට එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ලබාදෙනු ලබන වාසිය ප්‍රධාන කොට වමත් වේග පන්දු යවන්නාව කණ්ඩායමට එක් කර තිබේ. ඊට අමතරව කණ්ඩායමට අලුතින්ම එක්ව සිටින දුනිත් වෙල්ලාලගේ මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානයට එරෙහිව 2022 වසරේදී එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබේ.

පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග දිවියට සමුදීම නිසා කණ්ඩායමෙන් ඉවත්ව යන අතර ඒ වෙනුවට, පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක පිතිකරුවන් ලෙස ශ්‍රී ලංකා සංචිතයට කල් තියාම එක් කර තිබුණි.

දෙවැනි ටෙස්ට් තරගය මෙම ජුනි මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණය ගේට්ටු අංක 3 සහ 4 විවෘතව තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඔෂධ ප්‍රනාන්දු, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිදූ සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත, ඉසිත විජේසුන්දර, විශ්ව ප්‍රනාන්දු.  

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee