කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පිටියේ විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබන අන්තර්ජාතික ක්‍රිකට් උත්තරීතර විනිසුරු පැනලයේ සාමාජික ඇලෙක්ස් වොෆ්, අසනීප තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව තරගයෙන් ඉවත්ව සිටියි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයේ අවසන් සැසියේදී වොෆ් අදාළ අසනීප තත්ත්වයට ගොදුරුවීම නිසා ඔහු පිටියෙන් ඉවත්ව ගියේය. ඒ මහතාගේ අසනීප තත්ත්වය යළි යථා තත්ත්වයට පත් වන තෙක් පිටියේ පිටියේ ප්‍රධාන විනිසුරුවරයා ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන ප්‍රගීත් රඹුක්වැල්ල කටයුතු කරනු ඇත.
කෙසේ වෙතත් වොෆ්ගේ නැවතත් තරගයේ රාජකාරී ආරම්භ කරන තෙක් බලපැවැත්වෙන පරිදි තරග විනිසුරු මණ්ඩලය පහත පරිදි යාවත්කාලීන කර තිබේ.
ප්‍රධාන විනිසුරුවරුන්
- අලහයුදීන් පලෙකර් (අන්තර්ජාතික ක්‍රිකට් උත්තරීතර විනිසුරු මඩුලු සාමාජික)
- ප්‍රගීත් රඹුක්වැල්ල (අන්තර්ජාතක ක්‍රිකට් විනිසුරු)
රූපවාහිනී විනිසුරු
- රොඩ් ටකර් (අන්තර්ජාතික ක්‍රිකට් උත්තරීතර විනිසුරු මඩුලු සාමාජික)
සිව්වැනි විනිසුරු
- රවීන්ද්‍ර විමලසිරි (අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු)





