slc
logo
Home   |    News
ජූනි 18, 2025
ශ්‍රී ලංකා නැගීඑන – කොදෙව් ඇකඩම් සිව්දින තරගාවලිය සම වෙයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නියැළී සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩම් කණ්ඩායම අතර පැවැති දෙවැනි සිව්දින ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පරදවා ඉනිමක සහ ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක කොදෙව් ඇකඩම් ක්‍රීඩකයෝ සමත්වූහ. තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ලකුණු 75 ක ජයක් වාර්තා කර ගත් හෙයින් දෙපිළ අතර තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විණ.

කූලිජ්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුනු 241 ක් රැස් කළ අතර එහිදී වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට අංජල බණ්ඩාර (56) පත්විය. පන්දු 104 කට මුහුණ දුන් අංජල 6 වැනි කඩුල්ල වෙනුවෙන් සොහාන් ද ලිවේරා සමග එක්ව ලකුණු 68 ක සම්බන්ධතාවක් පැවැත්වීමටද සමත්විය.  පන්දු 50 කට මුහුණ දුන් ලිවේරා හතරේ පහර 4 ක් ද සමගින් ලකුණු 41 ක් ලබා ගැනීමට සමත්වීය. මීට අමතරව අහන් වික්‍රමසිංහ පන්දු 63 කදී ලකුනු 48 ක් ලබා ශ්‍රී ලංකා නැගීඑන ඉනිම පෝෂණය කළහ.

පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි පිතිකරුවෝ පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 374 ක් ලබා ගත්තේ එම ඉනිමේ පිතිකරුවන් සිව් දෙනෙකුම අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත්වීමත් සමගිනි. ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූයේ 20 හැවිරිදි මවෙන්ද්‍ර ඩින්යාල් වන අතර ඔහු පන්දු 158 කදී ලකුණු 82 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී දිලුම් සුදීර ලකුනු 79 කට කඩුලු 4 ක් දවා ගනිද්දී අශෙයින් ඩැනියල් කඩුලු 3 ක් සහ දුලාජ් සමුදිත කඩුලු 2 ක් දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 133 කට පිටුපසින් සිට නැවතත් තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණක් බැවින් සත්කාරක පිළට යළිත් පන්දුවට පහර දීමට අවශ්‍යතාවක් පැන නොනැගිණ. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක ධනංජය ලක්ෂාන් පන්දු 34 කට මුහුණ දෙමින් ලකුණු 50 ක් රැස් කර ගත්තේය.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 241 – රවිඳු රසාන්ත 24, අහන් වික්‍රමසිංහ 48, සොහාන් ද ලිවේරා 41, අංජල බණ්ඩාර නොදැවී 56, රෙනිකෝ ස්මිත් 53/2, නේතන් එඩ්වර්ඩ්  44/2, ජොෂුවා බිෂොප් 68/3, සිශාන් මොටරා 32/2) 

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමු ඉනිම සියලුම දෙනා දැවී 374 – අකීම් ඔගස්ටේ 50, මවෙන්ද්‍ර දින්ද්‍යාල් 82, ටෙඩී බිෂොප් 50, කාලන් බෝවෙන් 27, රිවල්ඩෝ ක්ලාර්ක් 57, නේතන් එඩ්වර්ඩ් 37, දුලාජ් සමුදිත 70/2, අශේන් ඩැනියෙල් 74/3, දිලුම් සුදීර 79/4

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 107 – ධනංජය ලක්ෂාන් 50, කෙල්වින් පිටම්නා් 22/3, නේතන් එඩ්වර්ඩ් 36/2, රනෙකෝ ස්මිත් 29/2, සිශාන් මොටාරා 04/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee