slc
logo
Home   |    News
ජූනි 9, 2025
එන්සීසී – මුවර්ස් – පානදුර – සීසීසී

sinhala editor

බීආර්සී – කෝල්ට්ස් – බ්ලූම්ෆීල්ඩ් – ටැමිල්

අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද මූලික වටයේ නිමාවත් සමඟ ‘ඒ‘ කාණ්ඩයෙන් එන්සීසී, මුවර්ස්, පානදුර හා සීසීසී කණ්ඩායම් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගත් අතර, ‘බී‘ කාණ්ඩයෙන් බීආර්සී, කෝල්ට්ස්, බ්ලූම්ෆීල්ඩ් හා ටැමිල් යූනියන් යන කණ්ඩායම් අර්ධ අවසන් වටයට පැමිණියහ.

ඒ අනුව එම අර්ධ අවසන් වටයේ තරග මේ 11 වැනිදා සීසීසී පිටියේදී හා පී සරා ඕවල් පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත. පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී එන්සීසී හා ටැමිල් යූනියන් හමුවන අතර, දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී බීආර්සී හා සීසීසී, තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී මුවර්ස් හා බ්ලුම්ෆීල්ඩ් සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් හා පානදුර ක්‍රීඩා සමාජය හමුවේ.

එම අර්ධ අවසන් වටයේදී ජයගන්නා කණ්ඩායම් 4 මේ මස 13 වැනිදා පැවැත්වෙන අවසන් පූර්වටයේදී හමුවී එයින් ජයගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් සටන මේ 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කොට ඇත.

පානදුර පිලට ලකුණු 7ක ජයක්

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් සීසීසී පිල මුලින් පන්දුවට පහරදීමට පානදුර ක්‍රීඩා සමාජයට ආරාධනා කළේය.

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 126 (ඕවර් 20) – නිසල තාරක 13, සසිඳු මල්ෂාන් 22, දුෂාන් හේමන්ත 59,  විශ්ව ළහිරු 25 (විශ්ව ප්‍රනාන්දු 14/2)

සීසීසී පිල කඩුලු 9කට ලකුණු 119 (ඕවර් 20) -නිශාන් මධුෂ්ක 52, ඉසුරු උදාන 23 (විශ්ව ළහිරු 7/2, විශේන් හැළඹගේ 25/3)

ටැමිල් යූනියන් පිලට කඩුලු 2ක ජයක්

කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් පිල මුලින් පන්දුවට පහරදීමට බ්ලූම්ෆීල්ඩ් පිලට ආරාධනා කළේය.

බ්ලූම්ෆීල්ඩ් පිල කඩුලු 8ක් දැවී ලකුණු 119 (ඕවර් 20) – හසිත අමරසිංහ 11, කිත්ම විදානපතිරණ 18, රොන් චන්ද්‍රගුප්ත 18,   ජනිත් ලියනගේ 11, ළහිරු මධුසංඛ 25, භවන්ත ජයසිංහ නොදැවී 12 (තේෂාන් විතූෂාන් 22/2, විහස් තෙව්මික 26/2, විජේකාන්ත් වියෙස්කාන්ත් 18/2)

ටැමිල් යූනියන් පිල කඩුලු 8ක් දැවී ලකුණු 120 (ඕවර් 18.4) – මිනෝද් භානුක 44, සිතාර හපුහින්න 14, සචිත ජයතිලක 16 (ඒෂාන් මාලිංග 28/3, කිත්ම විදානපතිරණ 17/2) 

මුවර්ස් පිලට කඩුලු 4ක ජයක්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් මුවර්ස් ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහරදීමට බඳුරලිය ක්‍රීඩා සමාජයට ආරාධනා කළේය.

බඳුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 9ක් දැවී ලකුණු 124 (ඕවර් 20) – ෂෙහාන් මධුසංඛ 21, කේසර නුවන්ත 57, ශානික දේශප්‍රිය නොදැවී 28 (ශිරාන් ප්‍රනාන්දු 27/2, ප්‍රවීන් ජයවික්‍රම 15/2, රමේෂ් මෙන්ඩිස් 19/2, මල්ෂ තරුපත් 21/2)

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 127 (ඕවර් 15) – ඔමේෂ් මෙන්ඩිස් 51, සදීර සමරවික්‍රම 41, විශාර ප්‍රනාන්දු 13 (සීකුගේ ප්‍රසන්න 19/2)

බීආර්සී පිලට කඩුලු 8ක ජයක්

කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය කඩුලු 7කට ලකුණු 121 (ඕවර් 20) – ෂම්මු අශාන් 14, කසුන් විදුර 17, හිරාන් ජයසුන්දර 25, සකුන ලියනගේ 35 ( මොවින් සුබසිංහ 15/3)

බීආර්සී පිල කඩුලු 2කට ලකුණු 127 (ඕවර් 11.5) – රවිජ සඳුරුවන් 51, ඉසුරු ප්‍රනාන්දු 36, මොවින් සුබසිංහ නොදැවී 32

එන්සීසී පිලට ලකුණු 3ක ජයක්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එන්සීසී පිල සියලු දෙනා දැවී ලකුණු 118 (ඕවර් 18.5) – නිරෝෂන් දික්වැල්ල 16, කමීල් මිෂාර 22, දිනෙත් ගුණවර්ධන 37 (නිමේෂ ගුණසිංහ 21/3, වනුජ සහන් 27/2, අනුක් විජේගුණවර්ධන 21/2, රවීන් ද  සිල්වා 14/2)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය කඩුලු 7කට ලකුණු 115 (ඕවර් 20) – නිමේෂ ගුණසිංහ 62, මාලිංග අමරසිංහ 17, වනුජ සහන් 10 (චාමික කරුණාරත්න 17/2, සම්පත් නිශ්ශංක 23/2, මතීෂ පතිරණ 21/2)

කෝල්ට්ස් පිලට ලකුණු 59ක ජයක්

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොල්ට්ස් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

කෝල්ට්ස් පිල කඩුලු 6කට ලකුණු 166 (ඕවර් 20) – සංගීත් කුරේ නොදැවී 93, හිරුන ගාල්ලගේ 18, සනෝජ් දර්ශික 10, දුනිත් වෙල්ලාලගේ 23 ( චාරුක ජයතිලක 25/2)

පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 9කට ලකුණු 107 (ඕවර් 20) – විශාද් රන්දික 29, චතුරංග ජයතිලක 30, නවීන් ප්‍රනාන්දු 10, දමිත් කප්පාගෝඩ නොදැවී 14 (ඩිල්ෂාන් මධුසංඛ 12/3, ශාම්‍යසුන්දර් ක්‍රිෂ්නශ්‍රීරාම් 13/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar