slc
logo
Home   |    News
ජූනි 22, 2025
පළමු එක්දින තරගයෙන් නැගීඑන පිලට කඩුලු 5 ක ජයක්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත්විය.

ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් කණ්ඩායමට පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 237 ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා නැගීඑන පිතිකරුවෝ පන්දුවාර 39.4 කදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

ශ්‍රී ලංකා නැගීඑන පිල වෙනුවෙන් සුපිරි පිති හරඹයක් දියත් කළ අහන් වික්‍රමසිිංහ හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් පන්දු 79 කදී වේගවත් ලකුණු 103 ක් රැස් කර ගත්තේය. දුවද්දී දැවී යෑමකට හසුව අහන් පිටියෙන් පිවිසෙන විට ශ්‍රී ලංකා නැගීඑන ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 02 ක් පමණි.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු නිපුන් ධනංජය ලකුණු 88 ක් ලබා ගනිමින් පිත්තෙන් කැපී පෙනිණ. පන්දු 125 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ඊට හයේ පහර 2 ක් සහ හතරේ  පහර 7 ක් ඇතුළත් කර තිබුණේය.

පන්දු යැවීමේදී ගරුක සංකෙත් සහ ට්‍රෙවීන් මැතිව් කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත්වූ අතර ඔවුන් දෙදෙනාට පිළිවෙලින් ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 40 සහ 45 බැගින් ලබාගෙන තිබිණ.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් කණ්ඩායම පන්දුවාර 46.2 කදී සියලු දෙනා දැවී ලකුණු 236 යි – (අකීම් ඔගස්ටේ 66, කාල්ටන් බොවෙන් 55, රිවාල්ඩෝ ක්ලාර්ක් 51, නේතන් එඩ්වර්ඩ් 25, ට්‍රෙවීන් මැතිව් 40/3, ගරුක සංකෙත් 45/3, දිලුම් සුදීර 56/1, චමිඳ විජේසිංහ 30/1, ධනංජය ලක්ෂාන් 26/1) 

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම පන්දුවාර 39.4 කදී කඩුලු 5 කට ලකුණු 238 යි – (අහන් වික්‍රමසිංහ 103, නිපුන් ධනංජය 88, ෂෙවෝන් ඩැනියල් 11, සහන් කෝසල 19, නේතන් එඩ්වර්ඩ්ස් 44/2, මැකන් ක්ලාර්ක් 40/1, මිකා මැකෙන්සි 30/1)

Active filters

Recent Posts

  • අවිශ්කගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ට ජයග්‍රාහී ගමනක්
    ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසු නැවතත් තම දක්ෂතා ඔප්පු කිරීමට අධිෂ්ඨානශීලීව උත්සාහ දරන අවිශ්ක ප්‍රනාන්දු තවත් වරක් තමන්ගේ වටිනාකම අද (13 3දා) පිටියේදීම සනාථ කළේය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අහිමිහිරි පරාජයක්
    එංගලන්තයේ බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්තය හමුවේ ලකුණු 87ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කාසියේ වාසිය දිනාගත් […]
  • හසිනි සහ හංසිමා අතර තේරීම් සටන මැද විශ්මි ඉදිරියට
    ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන 2026 තරගාවලියේ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (12) බර්මින්හැම්හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගය සඳහා නම් […]
  • කමිඳුගේ අර්ධ ශතකය අපතේ යයි
    ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේඅද (12 දා) පෙරවරුවේ (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පෙරමුණ […]
  • අඛණ්ඩ ජයග්‍රහණ පහක විශ්වාසය සමඟ ශ්‍රී ලංකා කාන්තා පිල හෙට ලෝක කුසලාන ගමන අරඹයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට (12 වැනිදා) එංගලන්තයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලයේ ලැබූ සාර්ථක ප්‍රතිඵල රැසකින් ගොඩනැගුණු ආත්මවිශ්වාසයත්, අත්දැකීම් සහ තරුණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee