slc
logo
Home   |    News
ජූනි 14, 2025
පානදුර – සීසීසී පළමු පෙළ විස්සයි20 අවසන් ගැටුමට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පානදුර ක්‍රීඩා සමාජය හා සීසීසී පිල සමත් වූහ.

කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) අද (13) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එන්සීසී පිල ලකුණු 48කින් පරාජය කිරීමට පානදුර ක්‍රීඩකයෝ සමත් වූහ. පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 7ක් දැවී ලකුණු 165ක් ලබාගත් අතර, වර්ෂාව හේතුවෙන් එන්සීසී පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යය යටතේ ඕවර් 13කදී ලකුණු 123ක් ලබාගත යුතුව තිබුණද වාර්තා වූයේ කඩුලු 7කට ලකුණු 74ක් පමණි.

විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට කටයුතු යොදා තිබූ තරගය වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් ඉනිමක් ඕවර් 8කට සීමාවූ සීසීසී හා මුවර්ස් අතර තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට සීසීසී පිල සමත් වූවේය.

ඒ අනුව සීසීසී හා පානදුර කන්ඩායම් අතර අවසන් මහා තරගය හෙට විදුලි ආලෝක ධාරා මැද කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මුවර්ස් – එන්සීසී තරගයේදී ආරම්භක පිතිකරු විශේන් හැළඹගේ පන්දු 26කදී හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 55ක් ලබා ලකුණු පුවරුව ශක්තිමත් කළ අතර, නිමේෂ් විමුක්ති පන්දු 36කදී හයේ පහර 2ක් හා හතරේ 3ක් සමඟ ලකුණු 43ක් ලබා ගත්තේය.

එන්සීසී පිලේ ප්‍රබල පිතිකරුවන් ඇඳ බැඳ තැබීමට සමත් වූ සෙනිත් හැළඹගේ හා දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින්, විශ්ව ළහිරු කඩුලු 3ක් බිඳහෙලීමට සමත් වූහ.

සීසීසී – මුවර්ස් අතර තරගයේදී සීසීසී ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක පන්දු 20කදී හයේ 3ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 47ක් ලබාගත් අතර, චතුරංග ද සිල්වා පන්දු 12කදී හයේ පහර 3ක් හා හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 30ක් ලබා ජයග්‍රහණය පහසු කරවීය.

මුවර්ස් – එන්සීසී

මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 86 (ඕවර් 8) – විශාර ප්‍රන්නාදු 16, සදීර සමරවික්‍රම 17, සිතාර ගිම්හාන 14, රමේෂ් මෙන්ඩිස් නොදැවී 28, මල්ෂ තරුපති 11 (ඉසුරු උදාන 20/2)

සීසීසී පිල කඩුලු 2ක් දැවී ලකුණු 89 (ඕවර් 6.4) – නිශාන් මධුෂ්ක 47, චතුරංග ද සිල්වා ‍නොදැවී 30 (මල්ෂ තරුපති 16/2)

පානදුර – එන්සීසී

පානදුර ක්‍රීඩා සමාජය  කඩුලු 7ක් දැවී ලකුණු 165 (ඕවර් 20) – එරංග ජයකොඩිගේ 12, විශේන් හැළඹගේ 55, නිමේෂ් විමුක්ති 43, දුෂාන් හේමන්ත 21, අතිරේක 20 (දුෂ්මන්ත චමීර 17/2)

එන්සීසී පිල කඩුලු 7ක් දැවී ලකුණු ලකුණු 74 (ඕවර් 13) – නිරෝෂන් දික්වැල්ල 19, ජීවක ශෂීන් 22, කවීන් බන්ඩාර 11 (සෙනිත හැළඹගේ 23/2, දුෂාන් හේමන්ත 21/2, විශ්ව ළහිරු 14/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee