slc
logo
Home   |    News
ජූනි 6, 2025
විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ වේගවත් අර්ධ ශතක 5ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරග සියල්ල විසදුමක් සහිතව නිමාවට පත්වූ අතර වේගවත් අර්ධ ශතක 5ක් එක්වීම විශේෂත්වයකි.

පානදුර ක්‍රීඩා සමාජයේ 20 හැවිරිදි විශේන් හැළඹගේ පන්දු 33කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 51ක් ලබා ගන්දිදී, හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ යශෝධ ලංකා පන්දු 44කදී හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 62ක්, පොලිස් ක්‍රීඩා සමාජයේ චතුරංග ජයතිලක පන්දු 41කදී හයේ හා හතරේ පහර දෙක බැගින් එල්ල කොට ලකුණු 50ක්, නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජයේ ටී. එම්. සම්පත් පන්දු 49කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 56ක් හා කෙවීන් පෙරේරා පන්දු 40කදී හයේ පහර 4න් හා හතරේ පහර 5ක සමඟ නොදැවී ලකුණු 58ක් අද දිනයේ වාර්තා කළහ.

ඒස් කැපිටල් පිලට කඩුල්ලක ජයක්

කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඒස් කැපිටල් පිල මුලින් පන්දුවට පහරදීමට කුරුණෑගල තරුණ ක්‍රිකට් පිලට ආරාධනා කළේය.

කුරුණෑගල තරුණ ක්‍රිකට් පිල සියලු දෙනා දැවී ලකුණු 81 (ඕවර් 15.5) – ලක්වින් අබේසිංහ 15, ලියෝ ෆ්‍රැන්සිස්කො 23, ගයන වීරසිංහ 11 (දනාල් හේමනන්ද 12/2, වනුජ සහන් 9/4)

ඒස් කැපිටල් පිල කඩුලු 8ක් දැවී ලකුණු 98 (ඕවර් 20) – ළහිරු දවටගේ 23දනාල් හේමනන්ද නොදැවී 19 (දිනුක තෙන්නකෝන් 25/2, ගයන වීරසිංහ 14/2, චතුමාල් නිමේෂ් 11/2)

එන්සීසී පිලට කඩුලු 4ක ජයක්

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එන්සීසී පිල මුලින් පන්දුවට පහරදීමට මුවර්ස් ක්‍රීඩා සමාජයට ආරාධනා කළේය.

මුවර්ස් ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 114 (ඕවර් 20)

ලසිත් ඇඹුල්දෙනිය 11, සිතාර ගිම්හාන 42, රමේෂ් මෙන්ඩිස් 24, ෂිරාන් ප්‍රනාන්දු නොදැවී 13 (සම්පත් නිශ්ශංක 19/5, දුෂ්මන්ත චමීර 21/2)

එන්සීසී පිල කඩුලු 6ක් දැවී ලකුණු 118 (ඕවර් 14.1)

නිරෝෂන් දික්වැල්ල 40, චාමික කරුණාරත්න නොදැවී 49, කවීන් බණ්ඩාර 10 (ෂිරාන් ප්‍රනාන්දු 11/1)

පානදුරට ලකුණු 4ක ජයක්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බඳුරලිය ක්‍රීඩා සමාජය මුලින් පන්දුවට පහරදීමට පානදුර ක්‍රීඩා සමාජයට ආරාධනා කළේය.

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 149 (ඕවර් 20) – විශේන් හැළඹගේ 51, එරංග ජයකොඩිගේ 18, සසිඳු මල්ෂාන් 22, ගිමඳු මල්කන් 12, නිමේෂ් විමුක්ති 19, විශ්ව ළහිරු නොදැවී 15 (යෙනුල දේවතුස 7/2, කේෂර වනුවන්ත 37/2)

බඳුරලිය ක්‍රීඩා සමාජය සියලු දෙනා දැවී ලකුණු 145 (ඕවර් 19 ) – දිල්ෂාන් ද සොයිසා 13, යුතික දිල්රුක් 26, යෙනුල දේවතුස නොදැවී 46, රොස්කෝ තාතිල් 20, සීකුගේ ප්‍රසන්න 17 (අසංක මනෝජ් 29/2, දුෂාන් හේමන්ත 21/2, විශ්ව ළහිරු 6/2)

බීආර්සී පිලට කඩුලු 2ක ජයක්

කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් පිල මුලින් පන්දුවට පහරදීමට  බීආර්සී පිලට ආරාධනා කළේය.

බ්ලූම්ෆීල්ඩ් පිල සියලු දෙනා දැවී ලකුණු 96 (ඕවර් 19.1) – ජනිත් ලියනගේ 17, ළහිරු මධුසංඛ 41, තරිඳු නිර්මාල් 13 (සුවින් අභිනාෂ් 12/3, කරුක්ෂ අසේල් 11/2, චමීර දිසානායක 16/2)

බීආර්සී පිල කඩුලු 8ක් දැවී ලකුණු 99 (ඕවර් 19.2) – තරුක්ෂ අසෙල් 14, මොවින් සුබසිංහ 21, මොවින් අභීනාෂ් 19 ( තරින්ද නිර්මාල් 17/2, කවීෂ පියමාල් 19/4)

නුගේගොඩට කඩුලු 7ක ජයක්

කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ (සීසීසී) ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ටැමිල් යූනියන් පිල කඩුලු 9ක් දැවී ලකුණු 139 (ඕවර් 20) – මොහොමඩ් සමාස් 15, භානුක රාජපක්ෂ 42, කවිඳු නිර්මාණ 21, සචිත ජයතිලක 12, කවිඳු දිල්හාර නොදැවී 18 (මියුර හේෂාන් 23/2, ටී. එම්. සම්පත් 18/2, සුවත් මෙන්ඩිස් 36/2) 

නුගේගොඩ ක්‍රීඩා හා සුබ සාධක ක්‍රීඩා සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 142 (ඕවර් 18.2) – ටී. එම්. සම්පත් නොදැවී 56, කෙවීන් පෙරේරා නොදැවී 58 (විජේකාන්ත් වියෙස්කාන්ත් 21/1)

හලාවත මේරියන්ස් පිලට ලකුණු 40ක ජයක්

පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත්  හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 178 (ඕවර් 20) – යශෝධ ලංකා 62, කරිඳු අමරසිංහ 16, කසුන් විදුර 45, සම්මු අශාන් 10, රවිඳු රත්නායක 18 ( දමිත් කප්පාගොඩ 25/6, නදීර බාලසූරිය 36/2, චාරුක ප්‍රෙමා්ද් 35/3)

පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 9ක් දැවී ලකුණු 138 (ඕවර් 20) – විශාද් රන්දික 14, චතුරංග ජයතිලක 50, නවීන් ප්‍රනාන්දු 13, දමිත් කප්පාගොඩ 26 (තමීර ඉරුෂික 7/3, තනුක දාබරේ 24/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee