slc
logo
Home   |    News
ජූනි 10, 2025
සිව්දින තරගයේ ජය ශ්‍රී ලංකා නැගීඑන පිලට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දේශීයේ තරග සංචාරයකට සහභාගිව සිටින ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩම් කණ්ඩායම අතර පැවැති පළමු සිව්දින ක්‍රිකට් තරගයේදී තවත් පූර්ණ දිනයක් ඉතිරිව තිබියදීම ලකුණු 75 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ සමත්වූහ.

කූලිජ්හිදි පැවැති මෙම තරගයේදී පළමුව  පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 292 ක් ලබා ගත් අතර සත්කාරක කොදෙව් ඇකඩමි පිල සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තේය. ලකුණු 78 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුනු 219 ක් ලබා ජයග්‍රහණය වෙනුවෙන් ලකුනු 298 ක ඉලක්කයක් කොදෙව් ඇකඩම් පිල වෙත ලබා දෙන ලදී. එහෙත් එය හඹා යෑමේදී සත්කාරකයින්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි.

මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු 24 හැවිරිදි වියේ පසුවන දිලුම් සුදීර ලකුණු 51 ක් ඇතුළත කොදෙව් පිලේ කඩුලු 4 ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීමට සමත්වූවේය. ඔහුට අමතරව සුලාජ් සමුදිත ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දක්වද්දී අශේයින් ඩැනියල් ලකුණ 55 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

මෙම තරගයේදී පළමු ඉනිමේදී සොහාන් ද ලිවේරා ලකුණු 130 ක් ලබාගනිමින් පිතිකරණ අංශයෙන් කැපී පෙනෙද්දී පන්දු යැවීමේදී දුලාජ් සමුදිත ලකුණු 57 කට කඩලු 5 ක් දවා ගනිමින් කැපී පෙනුණේය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් කැපී පෙනුණු රවිඳු රසාන්ත ලකුණු 65 ක් සහ ෂෙවෝන් ඩැනියල් ලකුණ 50 ක් ලබා ගනිමින් අර්ධ ශතක වාර්තා කළහ.

දෙපිළ අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට්් තරගය මේ මස 14 වැනිදා කූලිජ්හිදීම ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (65.4) රවිඳු රසාන්ත 24, ශෙවෝන් ඩැනියෙල් 47, ජනිශ්ක පෙරේරා 38, සොහාන් ද ලිවේරා 130, සිතුම් දිසානායක නොදැවී 17, නේතන් එඩ්වර්ඩ්න් 58/2, කෙවින් පිට්මන් 28/7

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (50.4) අකීම් ඔගස්ටි, 24, කාලන් බොවෙන් 30, රිවාල්ඩෝ ක්ලාර්ක් 42, ජොෂුවා බිෂොප් 24, දුලාජ් සමුදිත 57/5, අශේන් ඩැනියෙල් 45/3

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 219 (58.2) රවිඳු රසාන්ත 65, ශෙවෝන් ඩැනියෙල් 50, ජනිශ්ක පෙරේරා 34, ධනංජය ලක්ෂාන් 28, සොහාන් ද ලිවේරා 26, ජොෂුවා බිෂොප් 41/3, නේතන් එඩ්වර්ඩ් 23/6

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 222 (50.5) අකීම් ඔගස්ටි 82, බෙකී ජොසප් 25, කාලන් බොවෙන් 43, රිවාල්ඩෝ ක්ලාර්ක් 36, දුලාජ් සමුදිත 46/3, දිලුම් සුදීර 51/4, අශේන් ඩැනියෙල් 55/3

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee