slc
logo
Home   |    News
ජූනි 16, 2025
පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිලට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිල දිනා ගත්තේය. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) අද (15) විදුලි ආලෝක ධාරා මැද පැවැති අවසන් මහා තරගයේදී පන්දු 14ක් ඉතිරිව තිබියදී පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 6කින් පරාජය කිරීමට වනිඳු හකරංග ප්‍රමුඛ සීසීසී ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් ශූරතාව දිනූ සීසීසී පිලට රුපියල් මිලියන 2ක මුදල් තෑග්ගක් සමඟ ශූරතා කුසලානය පිරිනැමූ අතර, අනුශූරතාව දිනාගත් පානදුර පිලට රුපියල් මිලියන 1.5ක මුදලක් හිමිවිය.

අවසන් මහා තරගයේ වීරයා ලෙස සීසීසී පිලේ ලසිත් කෘෘස්පුල්ලේ රුපියල් ලක්ෂ 5ක් හා කුසලානය, තරගාවලියේ හොඳම පිතිකරු පානදුර ක්‍රීඩා සමාජයේ විශේන් හැළඹගේට රුපියල් ලක්ෂ 7.5ක් සමඟ කුසලානය, හොඳම පන්දු යවන්නා එන්සීසී පිලේ සම්පත් නිශාන්තට රුපියල් ලක්ෂ 7.5ක් සමඟ කුසලානය, තරගාවලියේ තුන් ඉරියව් ක්‍රීඩකයා පානදුර පිලේ නායක දුෂාන් හේමන්තට රුපියල් මිලියනයක් සමඟ කුසලානය හා තරගාවලියේ වීරයා පානදුර ක්‍රීඩා සමාජයේ විශේන් හැළඹගේට රුපියල් මිලියනයක් සමඟ කුසලානය පිරිනැමුණි.

ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්නෙ, ලේකම් බන්දුල දිසානායක, හා විධායක කමිටු සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති නලීන් අපොන්සු යන මහත්වරු අතින් සිදු කෙරුණි. 

අවසන් මහා තරග‍ේ කාසියේ වාසිය දිනාගත් සීසීසී පිල මුලින් පන්දුවට පහරදීමට පානදුර ක්‍රීඩා සමාජයට ආරාධනා කළ හෙයින් ඕවර් 20 තුලදී කඩුලු 8කට ලකුණු 172ක් එක්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සීසීසී පිල කඩුලු 4ක් දැවී ලකුණු 174ක් ලබා ගැනීමට සමත් විය.

සීසීසී පිල ජයග්‍රහණය කරා රැ‍ගෙන යෑමට අඩිතාලම දැමූ ලසිත් කෘෘස්පුල්ලේ හා දුල්නෙත් සිගේරා එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 67කදී ලකුණු 106ක් ලබා ගැනීම කැපී පෙණුනි. ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 38කදී හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 78ක් ලබාගත් අතර, දුල්නෙත් සිගේරා පන්දු 34කදී හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 38ක් ලපා ගත්තේය.

නායක වනිඳු හසරංග පන්දු 13කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 25ක් ලබා ගනිද්දී ඔහුගේ සහෝදර චතුරංග ද සිල්වා ජයග්‍රහණය ඉක්මන් කරමින් පන්දු 10 කදී හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.

පානදුර ක්‍රීඩා සමාජය අවසන් මහා තරගය දක්වා රැගෙන ඒමට ප්‍රබල දායකත්වයක් දැක්වූ ආරම්භක පිතිකරු විශේන් හැළඹගේ  මෙම තීරණාත්මක අවසන් මහා තරගයේදී පන්දු 37කදී හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 73ක් ලබා ගැනීම පානදුර ඉනිමට විශාල ශක්තියක් විය. නායක දුෂාන් හේමන්ත හා විශේන් හැළඹගේ අතර 5 වැනි කඩුල්ලට පන්දු 37කදී ලකුණු 64ක සබඳතාවක් ගොඩනැගුණු අතර, විශ්ව ළහිරු හා සෙනිත හැළඹගේ අතර 8 වැනි කඩුල්ලට පන්දු 29කදී ලකුණු 55ක් එක් විය. විශ්ව ළහිරු පන්දු 18කදී ලකුණු 20ක් හා සෙනිත හැළඹගේ පන්දු 17කදී නොදැවී ලකුණු 36ක් පානදුර පිලේ ඉනිමට එක් කළහ. පිට පිට පන්දු 2කදී කඩුලු 2ක් දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වූ අතර, චතුරංග ද සිල්වා කඩුලු 2ක් දවා ගත්තේය.

පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 8කට ලකුණු 172 (ඕවර් 20) – විශේන් හැළඹගේ 73, දුෂාන් හේමන්ත 16, ගිමඳ මල්කන් 14, විශ්ව ළහිරු 20, සෙනිත් හැළඹගේ නොදැවී 36, අතිරේක 10 (විශ්ව ප්‍රනාන්දු 7/2, චතුරංග ද සිල්වා 26/2, ඉසුරු උදාන 51/2, වනිඳු හසරංග 35/1, ඉනුක කරන්නාගොඩ 17/1)

සීසීසී පිල කඩුලු 4ක් දැවී ලකුණු 174 (ඕවර් 17.4) – ලසිත් කෘෘස්පුල්ලේ 78, දුල්නෙත් සිගේරා 38, චතුරංග ද සිල්වා නොදැවී 20, වනිඳු හසරංග නොදැවී 25 ( නිමේෂ් විමුක්ති 26/1, නිසල තාරක 28/1, දුෂාන් හේමන්ත 33/1, සෙනිත හැළඹගේ 24/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee