slc
logo
Home   |    News
අගෝස්තු 28, 2025
අවු. 17 න් පහළ පළාත් ශූරතාව සොයා කොළඹ උතුර සහ දකුණ ගැටෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (29 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගාවලියේ ශූරතාව වෙනුවෙන් කොළඹ කණ්ඩායම් දෙකක් වන රෙහාන් පීරිස්ගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණ සහ ලිතුම් සෙනුජගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු පිල තරග වදිති

ඉකුත් වසරේ ශූරයන් වන කොළඹ දකුණු කණ්ඩායම මෙවර තරග වාරයේ මූලික වටයේ තරග වැදි තරග 4 න් 3 ක්  ජය ගනිමින්ද කොළඹ උතුරු කණ්ඩායම තරග 2 ක් ජය ගනිමින් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලදහ. එම තරග වටයේදී කොළඹ උතුරු පිල විසින් මහනුවර කණ්ඩායම ලකුණු 71 කින් පරාජයට පත් කරමින් අවසන් මහ තරග වරම ලබද්දී කොළඹ දකුණු කණ්ඩායම සහ ගාල්ල අතර තරගය තරගය ප්‍රතිඵල රහිත විය. කෙසේ වෙතත් මූලික තරග වටයේදී ගාලු කණ්ඩායමට වඩා වැඩි ජයග්‍රහණය සංඛ්‍යාවක් කොළඹ දකුණු කණ්ඩායම වාර්තා කර තිබීම නිසා ඔවුන්ට අවසන් මහ තරග අවස්ථාව සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවිය.

කොළඹ දකුණ කණ්ඩායම – රෙහාන් පීරිස් (නායක), හිරුන් මතීෂ, චමත් වෙල්ලාලගේ, ජනිරු ඇතුළත්මුදලි, තෙවිඳු වේවැල්වල, ස්ටීවන් පීරිස්, සීමන් අනුහස්, හිමරු දේශාන්, රුසඳු සිල්වා, තාරුක දමන්ජිත්, මතීෂ අපෝන්සු, ඕෂධ මනහර, ගිම්හාන් මෙන්ඩිස්, සෙහඳු සූරියආරච්චි, චනිතු කංකානම්ගේ, සන්විඳු අබේවර්ධන. චමින්ද කොඩිකාර (ප්‍රධාන පුහුණුකරු), අමිල පෙරේරා (සහාය පුහුණුකරු) ජනුදික ශ්‍රියාපාල (සහාය පුහුණුකරු), ඩී.එම්. රාජරත්න (කළමනාකරු)

කොළඹ උතුරු කණ්ඩායම – ලිතුම් සෙනුජ (නායක), කවිත් ද සිල්වා, නවිඳු හෙට්ටිආරච්චි, සනුල් වීරරත්න, සන්තුල් විජේරත්න, මිහින් සොයිසා, හංසක පෙරේරා, දුමින් ලියනාර්චචි, ළහිරු ලක්මාල්, කෞෂික තිලකරත්න, දසිත් පෙරේරා, ශවීන් පෙරේරා, මිනුග නෙත්සර, සවිඳු සත්සර, ජනුල් දම්හිරු, පංචම ජයවර්ධන. හර්ෂ ගමාධිකාරී (ප්‍රධාන පුහුණුකරු), නිශාන් ලියනගේ (සහාය පුහුණුකරු), මාලක ද සිල්වා (සහාය පුහුණුකරු), ග්‍රේෂන් ප්‍රසාද් (කළමනාකරු)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar