slc
logo
Home   |    News
අගෝස්තු 21, 2025
මහනුවර සහ ගාල්ල පළමු ජයග්‍රහණ වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ගාල්ලේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් සීමිත පන්දුවාර පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (21 දා) පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට ගාල්ල සහ මහනුවර කණ්ඩායම් සමත්වූහ.

සහභාගිවූ පළමු තරගයේදී පරාජයට පත් වුවද කොළඹ උතුරු කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයේදී සුපුරුදු දක්ෂතා අතරට පිවිසි ගාල්ල කණ්ඩායම කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළේ හඹා ගිය ලකුණු 208 ක ඉලක්කය කඩුලු 3 ක් පමණක් දැවී ගොස් තිබියදීය. පන්දුවාර 33.4 කදී ගාලු ක්‍රීඩකයෝ ඉලක්කය සපුරා ගන්නා විට සෙහස් අශිංස පන්දු 57 කදී ලකුණු 54 ක් ද සඳරු මල්ෂාන් පන්දු 34 කදී ලකුණු 25 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ. ඊට අමතරව නායක අරෝෂ් සිතුමින පන්දු 51 කදී ලකුණු 51 ක් ලබා ගත්තේ තම ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් කර ගනිමිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොළඹ උතුරු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කවිත් ද සිල්වා පන්දු 86 කදී ලකුණු 53 ක් රැස් කර ගත්තේය. ඔහු හැරුණු කොට ලකුණු 25 සීමාව ඉක්මවා ලීමට සමත් වූයේ අංක 9 පිතිකරු මිනුග නෙත්සර (29) පමණි.

කොළඹ උතුරු කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වුණු රුමේන් පීරිස් ලකුණු 37 කට කඩුලු 4 ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත් වද්දී කවික මදුසංක ලකුණු 28 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනෙකු දවාලූවේය.

කොළඹ උතුරු කණ්ඩායමේ පළමු කඩුලු 8 ලකුණු 139 ක් ඇතුළතදී බිඳ වැටුණද අවසන් කඩුලු දෙකට සවිඳු සත්සර (15) සමග එක් වුණු මිනුග නෙත්සර සහ ජනුල් ධම්හිරු (21) පිළිවෙළින් 9 වැනි සහ 10 වැනි කඩුලු වෙනුවෙන් ලකුණු 34 ක කඩුලු සම්බන්ධතා පැවැත්වීිමට දායකත්වය දැක්වූහ.

මේ අතර කරන්දෙනිය යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක් ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්වූවේය. මෙය මහනුවර කණ්ඩායම මෙම තරගාවලිය යටතේ සහභාගි වූ පළමු තරගය විය.

පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 48.2 කදී ලකුණු 201 කට සීමා කිරීමට සංජන සචින්ද්‍ර (28/4) ප්‍රමුඛ මහනුවර පන්දු යවන්නෝ සමත්වූහ. සංජනට අමතරව චනුල් කොඩිතුවක්කු සහ ඉමෙත් රාජපක්ෂ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. මොවුන් පන්දුවෙන් දක්ෂතා දක්වද්දී දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුලු 7 ම ලකුණු 121 කදී බිඳ වැටී තිබියදී පිටියට එක් වුණු ඉෂාන් ඛාන් (62), ෂෙනන් ප්‍රනාන්දු (26) සහ අංක 9 පිතිකරු චමෝද් ප්‍රභාෂන (46*) එක්ව ලකුණු රැස් කිරීම නිසා ලකුණු 200 සීමාව ඉක්මවාලීමට දඹුල්ල කණ්ඩායමට අවකාශ උදාවිය.

කෙසේ වෙතත් එම ඉලක්කය හඹා ගිය මහනුවර කණ්ඩායමේද පළමු කඩුලු 5 ලකුණු 69 කදී බිද දැමීමට දඹුලු පන්දු යවන්නන් සමත් වුවද 6 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වුණු සනිතු ගුණතිලක සහ ප්‍රවීන් ගමගේ දෙදෙනා එක්ව පන්දු 159 කදී නොබිඳුණු ලකුණු 133 ක සම්බන්ධතාවක් පවත්වමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

මෙහිදී සනිතු ගුණතිලක පන්දු 118 කදී නොදැවී ලකුණු 93 ක් රැස් කරන ලද්දේ හයේ පහරක් සහ හතරේ පහර 8 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.  සනිතු රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේදී පිතිකරුවක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. ඔහුට අනගි සහායක් ලබා දුන් ප්‍රවීන් ගමගේ පන්දු 66 කදී ලකුණු 43 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

මෙම සම්බන්ධතාව ප්‍රධාන කොට ලකුණු 202 ක ඉලක්කය මහනුවර කණ්ඩායම රැස් කර ගන්නා ලද්දේ පන්දුවාර 45.2 ක් අවසනදී කඩුලු 5 ක් පමණක් දැවී ගොස් තිබියදීය.

 ගාල්ල කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

කොළඹ උතුර පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 207 යි – (කවිත ද සිල්වා 53, කෞෂික තිලකරත්න 21, නවනිඳු හෙට්ටිආරච්චි 22, ලිතුම් සෙනුජ 10, දුමීන් ලියනාරච්චි 10, මිනුග නෙත්සර 29, සවිඳු සත්සර 15, ජනුල් ධම්හිරු 12*, රුමේන් පීරිස් 37/4, කවික මදුසංක 28/3)

ගාල්ල කණ්ඩායම පන්දුවාර 33.4 කදී කඩුලු 3 ට ලකුණු 208 යි – (සෙහස් අහිංස 54*, පුල්ජිත් වත්සුක 51, අරෝෂ් සෙතුමිණ 51, සඳරු මල්ෂාන් 25, මිනුග නෙත්සර 60/2)

මහනුවර කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

දඹුල්ල කණ්ඩායම පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 201 යි – (අමල් පෙරේරා 24, ඉෂාන් ඛාන් 62, ෂෙනන් ප්‍රනාන්දු 26, චමෝද් ප්‍රභාෂ 46, සංජන සචින්ද්‍ර 28/4, චනුල් කොඩිතුවක්කු 38/2, ඉමෙත් රාජපක්ෂ 36/2)

මහනුවර පන්දුවාර 45.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 202 යි – (සනිතු ගුණතිලක 93*, ප්‍රවීන් ගමගේ 43*, දිනුල් විජේසිංහ 20, යෙනුල හේවාවිතාරණ 11, දිහාන් මුණසිංහ 29/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee