slc
logo
Home   |    News
අගෝස්තු 30, 2025
මුවර්ස් කඩුලු හතකින් එන්.සී.සී. පරාජය කරයි

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (29) අවසන් වු තරග දහයක් අතුරින් මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් එන්. සී. සී. කණ්ඩායමට එරෙහිව කඩලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

මෙම තරගයේදී දෙපිළම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු අතර එන්.සී.සී. පළමු ඉනිමේ රැස් කළ ලකුණු 175ට පිළිතුරු ලෙස මුවර්ස් ද පළමු ඉනිමේ රැස් කළේ ලකුණු 190කි. මුවර්ස් කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ හේතුව මත එන්.සී.සී. ට දෙවන ඉනිමේ දී ද රැස් කර ගත හැකි වුයේ ලකුණු 111ක් පමණකි.

එන්.සී.සී. ප්‍රථම ඉනිමේ දී ලකුණු 38කට කඩුලු හතක් දවාලු මුවර්ස් කණ්ඩායමේ ළහිරු අමරසේකර දෙවන ඉනිමේ දී ද ලකුණු 36කට කඩුලු තුනක් දවා සම්පූර්ණ තරගයේ දී ලකුණු 74කට කඩුලු දහයක් දවාලමින් මුවර්ස් ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දැක්වීය. දෙවන ඉනිමේ දී මුවර්ස් ජයග්‍රහණයට අවශ්‍ය වු ලකුණු 97 ඔවුන් පිතිකරුවන් තිදෙනෙකු පමණක් දැවී රැස් කර ගැනීමට සමත් විණි.

මේ අතර එස්.එස්.සී. සහ බ්ලුම්ෆීල්ඩ් අතර තරගයේ දී එස්.එස්.සී. පළමු ඉනිමේ රැස් කළ ලකුණු 223ට පිළිතුරු ලෙස බ්ලුම්ෆීල්ඩ් කඩුලු හයකට ලකුණු 419ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලැබීය.

බ්ලුම්ෆීල්ඩ් අංක හතර පිතිකරු තරිඳු හර්ෂණ නොදැවී ලකුණු 114ක් ද (පන්දු 188 හතරේ 13යි) අංක හය පිතිකරු අසිත වන්නිනායක ලකුණු 109ක් ද (පන්දු 188යි හතරේ 12යි හයේ පහරයි) ලැබීය. මොවුන් දෙදෙනාගේ පස්වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 114කි.

මොවුන් දෙදෙනාටා අමතරව තවත් පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කළහ. මැලේ ක්‍රීඩා සමායේ පුලස්ති අතපත්තු ලකුණු 101 ක්ද, කෝල්ට්ස් කණ්ඩායමේ හිරුණ ගාල්ලගේ  ලකුණු 108 ක්ද සහ කුරුණෑගල යූත් කණ්ඩායමේ රශ්මික මදුශංක ලකුණු 102 ක් වශයෙන් අද දිනයේ ශතක වාර්තා කරන ලද පිතිකරුවෝ බවට පත්වූහ.

පන්දු යැවීමේදී යුනයිට් සදර්න් කණ්ඩායමේ හිමල් රවිහංස ලකුණු 69 කට කඩුලු 7 ක් දවා ගනිමින් දිනයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. ඒ හැරුණු කොට එන්. සී. සී. කණ්ඩායමේ ශක්ති උදාර ලකුණු 81 කට කඩුලු 6 ක්ද, සී. සී. සී. කණ්ඩායමේ ඉනුක කරන්නගෙඩ ලකුණු 24 කට කඩුලු 5 ක්ද, කුරුණෑගල යූත් කණ්ඩායමේ දිනූක තෙන්නකෝන් ලකුණු 42 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනුණහ.

 වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී ටැමිල් යුනියන් සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ විහස් තෙව්මික තුන් ඉරියව්වේම විශිෂ්ට දක්ෂතා දැක්වීය. ටැමිල් යුනියන් පළමු ඉනිමේ දී ලකුණු 65ක් රැස් කර විහස් තෙව්මික පසුව පන්දු යැවීමේ දී පොලිසියේ පළමු ඉනිමේ දී ලකුණු 37කට කඩුලු අටක්ම දවාලීමට සමත් විය. විහස් තෙව්මික මේ ක්‍රිකට් වාරය පුරාම පන්දු යැවීමේ දී විශිෂ්ට දක්ෂතා අතර සිටී.

 යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ හිමල් රවිහංස ලකුණු 69කට කඩුලු හතක් ද එන්.සී.සී. කණ්ඩායමේ ශක්ති උදාර මුවර්ස් පළමු ඉනිමේ දී ලකුණු 81කට කඩුලු හයක් ද දවාලුහ.  බදුරලිය – කොළඹ මැලේ තරගයේ දී මැලේ කණ්ඩායමේ කවීෂ සත්සර ලකුණු 77කට කඩුලු හතක් දවාලීය.

 සී.සී.සී. සහ රාගම අතර තරගයේ දී සී.සී.සී. ට අත්කර ගැනීමට තිබු පහසු ජයග්‍රහණයක් කාලවේලාව මදිකමින් මග හැරිණි. පළමු ඉනිමේ දී රාගම රැස් කළ ලකුණු 122ට පිළිතුරු ලෙස සී.සී.සී. ලකුණු 193ක් ලැබීය. සී.සී.සී. පළමු ඉනිමේ ලකුණු 71කින් ඉදිරියෙන් සිටි අතර රාගම දෙවන ඉනිමේ දී තරගය නිම වන විට කඩුලු 8ක් දැවී ලබා සිටියේ ලකුණු 87කි.

 බදුරලිය කණ්ඩායමේ පුලස්ති අතපත්තු ලකුණු 101 ක්ද පානදුර ක්‍රීඩා සමාජයේ මේ හිරුණ ගාල්ලගේ ලකුණු 108ක් ද කුරුණෑගල කණ්ඩායමේ රශ්මික මධුශංක ලකුණු 102ක් ද වශයෙන් ශතක රැස් කළහ.

  • එන්.සී.සී. – මුවර්ස් – (මුවර්ස් කඩුලු හතකින් ජය ගනී)

එන්.සී.සී. ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 175යි (පන්දුවාර 47.1යි)

 (විනුක රූබසිංහ 67, නදීෂ් යසිරු 37, ජීවක ශෂින් 34, ළහිරු අමරසේකර 38/7, හිවින් කෙනුල 21/1)

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම  සියල්ල දැවී 190  (පන්දුවාර 57.3යි)

   (මල්ෂා තරුපති 51, ඔෂාන් ද සිල්වා 50, දනාල් අනුරාධ 25, විෂාර ප්‍රනාන්දු 21, ළහිරු අමරසේකර 16, ශක්ති උදාර 81/6, නදීෂ් යසිරු 30/2යි )

එන්.සී.සී. ක්‍රිකට් සමාජය දෙවන ඉනිම සියල්ල දැවී 111යි (පන්දුවාර 29.5යි)

 (සරිත් සුදීන 34, ජීවක සශින් 21,  ගවිරු සෙන්හස් 21, ළහිරු අමරසේකර 36/3, කවිඳු කෞශල්‍ය 52/3, තරුෂ රණසිංහ 7/2)

මුවර්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම  කඩුලු 3ට 98 (පන්දුවාර 9.3යි)

 (ඔමේෂ් මෙන්ඩිස් 54, රවිෂාන් ද සිල්වා 15, රෆායල් හෙට්ටිගේ 11/1)

  • ඒස් කැපිටල් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය (නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය පළමු ඉනිම ඉදිරියෙන්)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 282 යි (පන්දුවාර 64 යි)

 (වනුජ සහන් නොදැවී 119, තීරක රණතුංග 55, පවන් පතිරාජ 36, රනේෂ් සිල්වා 34, දනාල් හේමානන්ද 15, නිර්මල රත්නායක 76/5, දහම් නිර්මාල් 75/2 )

නුගේගොඩ ක්‍රීඩා සහ සුබසාධක සමාජය පළමු ඉනිම කඩුලු 8ට 315  යි  (පන්දුවාර 96යි)

 (අක්රම් මුතාලිබ් 83, අභිෂේක් ජයවීර නොදැවී 59, පුළිඳු පෙරේරා 35, දහම් නිර්මල 30, කුස්මිත සිල්වා 24, නිර්මල රත්නායක 22, වනුජ සහන් 98/2, තිසර ඒකනායක 50/2යි )

  • බදුරලිය ක්‍රීඩා සමාජය – කොළඹ මැලේ කණ්ඩායම ( කොළඹ මැලේ කණ්ඩායමට පළමු ඉනිමේ ජය)

බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 229යි  (පන්දුවාර 88.4 යි)

 (සඳුන් මෙන්ඩිස් 83, ශානික්‍ය ද සිල්වා 41, මනස මධුභාෂණ 25, ෂෙහාන් මධුශංක 19, කවීෂ් සත්සර 77/7)

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම කඩුල 9ට 275යි (පන්දුවාර 93)

 (පුලස්ති අතපත්තු 101, කෙවින් සැමුවෙල් 64, දිනිත් ද සිල්වා 25, සවිඳු උත්සර 23, නිමන් උමේෂ් 20, සඳුන් මෙන්ඩිස් 55/3, යෙනුල දෙව්තුසා 66/3, කෙවිඳු වික්‍රමසිංහ 35/2)

  • යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය – බී.ආර්.සී. (යුනයිටඩ් සදර්න් පළමු ඉනිම ඉදිරියෙන්)

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 241යි (පන්දුවාර 69.3 යි)

 ( කවින් ෂෙහාර 45, ඩොමිනික් ප්‍රනාන්දු 45, තමිඳු ප්‍රදීප්ත 39, කවීෂ කල්පන 37, චන්දුප ද සිල්වා 32, හංස මිහිරංග 16, තනුග පළිහවඩන 62/5, තරුක්ෂ අසේල් 34/2, ළකිඳු සචින් 45/2)

බී.ආර්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම  සියල්ල දැවී 225යි (පන්දුවාර 70.4 යි)

(කුසල් විජේතුංග 68, විශ්ව සුපුන් 61, සචිර වැලිවත්ත 20, තනුග පිළිහවඩන 19, හිමල් රවිහංස 69/7, සිතුක ගුණවර්ධන 59/2)

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 6ට 163යි (පන්දුවාර 38.4යි)

 (පෙසඳු සංජන් නොදැවී 53, කවීෂ කල්පන 54, හංස මිහිරංග 30, දිමත් අබේසිංහ 44/3, තනුග පළිහවඩන 48/2)

  • හලාවත මේරියන්ස් – සෙබස්ටියනයිට්ස් (හලාවත මේරියන්ස් පළමු ඉනිම ඉදිරියෙන්)

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 300යි (පන්දුවාර 92.4යි)

(තරිඳු අමරසිංහ 98, දිලන දම්සර 53, සකුණ ලියනගේ 51, තෙවින් අමරසිංහ 45,  හිරුන් ජයසුන්දර 31, නුවන් දිනෙත් 54/4, තාරුක සූරියආරච්චි 40/2, මලිත හපුආරච්චි 67/2 )

සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 203යි (පන්දුවාර 56.5යි)

 (චාරුක පීරිස් 36, මනස ද සිල්වා 32, මනුප මන්මිත 25, තාරුක සූරියආරච්චි 21, නුවන් දිනෙත් 21, කවිඳු ගයත්‍ර 21, මෙලන් හංසක 45/4, දිලන දම්සර 38/3, කනිෂ්ක රංගන 62/3)

හලාවත ක්‍රිකට් සමාජය දෙවන ඉනිම කඩුලු 3ට 180යි (පන්දුවාර 27.5)

 (දිලන දම්සර නොදැවී 64,සකුණ ලියනගේ 51, තරිඳු අමරසිංහ 48, චමිඳු පෙරේරා 30/1)

  • පාණදුර ක්‍රීඩා සමාජය – කෝල්ට්ස් (කොල්ට්ස් පළමු ඉනිමේ ජය   )

පාණදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 233  (පන්දුවාර 67යි)

   (සසිඳු මල්ෂාන් 91, යෂාන් අවිෂ්ක 58, චාර්ය පරණවිතාන 18, විශ්ව ළහිරු 18, කවිඳු අමාමෙත් 16, තරණ විමලධර්ම 60/5, රයන් දිසානායක 86/3)

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම  සියල්ල දැවී 276 (පන්දුවාර 87.3යි)

  (හිරුණ ගාල්ලගේ 108, රන්දුනු ගංගානාත් 57, හිරුන් කපුරුබණ්ඩාර 33, හරින් අචින්ත 17, රිෂ්ම අමරසිංහ 15, සෙනිත හැළඹගේ 69/4, විශ්ව ළහිරු කුමාර 81/3යි)

පාණදුර ක්‍රීඩා සමාජය දෙවන ඉනිම ලකුණු 83  (පන්දුවාර 22යි)

 (දුරන්ක සිල්වා නොදැවී 50, කවිඳු අමාමෙත් නොදැවී 30)

  • රාගම ක්‍රීඩා සමාජය – සී.සී.සී. ( සී.සී.සී.ට පළමු ඉනිමේ ජය)

රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 122යි  (පන්දුවාර 35.3යි)

   (දසිත් ගුණතිලක 32, මලීෂ සිල්වා 27, නිසලිත සංදෙව් 16, හිරුෂ දෙව්මික 23/3, දුවිඳු රණතුංග 34/3, සෙත්රු ප්‍රනාන්දු 18/3)

සී.සී.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 193යි  (පන්දුවාර 50.5යි)

 (අංජල බණ්ඩාර 57, පවන් සංදේශ් 50, සහන් කෝසල 24, එෂාන් විතානගේ 22, සුමේධ ප්‍රසාද් 32/4, මලීෂ සිල්වා 40/3, දසිත් ගුණතිලක 58/3)

රාගම ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 8ට 87යි  (පන්දුවාර 32යි)

 (සුමේධ ප්‍රසාද් 17, ජනුත් අඹන්පොළ නොදැවී 15, ඉනුක කරන්නාගොඩ 24/5 හිරුෂ දෙව්මික 12/2)

  • ටැමිල් යුනියන් – පොලීස් ක්‍රීඩා සමාජය ( ටැමිල් යුනියන් පළමු ඉනිමේ ජය)

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 351 (පන්දුවාර 87.2) 

  (ෂාරුජන් ෂන්මුගනාදන් 121, ශානුක ගලගොඩ 71, විහස් තෙව්මික 65, නරේන් මුරලිදරන් 23, ඉසිවර දිසානායක 20, කවිඳු නිර්මාණ 16, භාතිය සංදීප 67/4, රශ්මික පෙරේරා 51/2, සදීප රත්නායක 69/2)

පොලීස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 174 (පන්දුවාර 60.3) 

 (සංගීත් ෂෙහාර 75, ධනුජ ඉඳුවර 32, අවීෂ ෂමාෂ් 19, විහස් තෙව්මික 37/8)

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 9ට 125යි (පන්දුවාර 27යි) 

 (ඉසිවර දිසානායක 57, කවිඳු නිර්මාණ 16, සචිරු හංසල 15, පූර්ණ සුලක්ෂණ 11/3)

  • එස්.එස්.සී. – බ්ලුම්ෆීල්ඩ් (බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිමේ ජය)

එස්.එස්.සී ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 223 (පන්දුවාර 55යි)

 (දිනුර කළුපහන 85, නදීෂ ආකාෂ් 36, සදීෂ රාජපක්ෂ 24, රනුක් ජයසූරිය 22, චමිඳු  වික්‍රමසිංහ  22, ගිෂාන් ප්‍රනාන්දු 15, තරිඳු ගුරුගේ 76/6, දුලාජ් සමුදිත 38/2, මිහිරංග නිම්සර 43/2)

බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 6ට 419 (පන්දුවාර 101.2යි)

(තරිඳු හර්ෂණ නොදැවී 114, අසිත වන්නිනායක 109, සවිඳු රුද්‍රිගෝ 58, සදීෂ රාජපක්ෂ 61/2, ගිෂාන් මල්ෂා ප්‍රනාන්දු 94/2)

එස්.එස්.සී ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 6ට 117 (පන්දුවාර 13යි)

 (ෂෙහාන් හසරංග 69, චමිඳු වික්‍රමසිංහ 38, තරින්ද නිර්මාල් ගුරුගේ 52/5)

  • කැන්ඩි කස්ටම් – කුරුණෑගල තරුණ ( කුරුණෑගල තරුණ පළමු ඉනිමේ ජය)

කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 154යි (පන්දුවාර 48.4යි)

  (නඳුන්  අසේල සිල්වා 39, මිනිඳු පැහැසර සිල්වා 32, ප්‍රමේශ් මධුභාෂණ 31, වෙන්කට් රාජේන්ද්‍රන් නොදැවී 17, වතිල උදාර  30/8, ඔලිත නෙරංජන් 36/1)

කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 7ට 326 (පන්දුවාර 64.1යි)

 (රශ්මික මධුශංක නොදැවී 102, චනිරු සේනාරත්න 74, ගයන වීරසිංහ 40, අනන්තන් කජන් 37, අමේෂ් තෙන්නකෝන් 33, නඳුන් සිල්වා 62/3, වෙන්කට් රාජේන්ද්‍රන් 53/2යි)

කැන්ඩි කස්ටම් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 7ට 128යි (පන්දුවාර 45)

 (ප්‍රමේෂ් මධුභාෂණ 34, අර්ෂාන් ජෝසප් 33, මිනිඳු පැහැසර සිල්වා 19, දිනුක තෙන්නකෝන් 42/5)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee