slc
logo
Home   |    News
අගෝස්තු 29, 2025
17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් කිරුළ කොළඹ උතුරට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලිතුම් සෙනුජගේ නායකත්වයෙන් යුතු කොළඹ උතුරු පිල දිනා ගත්තේය. ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කොළඹ දකුණ පිලට තරගයෙන් ජය ගැනීම සඳහා ලකුණු 167ක ඉලක්කයක් එල්ල වුවද ඔවුන් ලකුණු 33ක් පිටුපසින් සියලු දෙනා දැවී ගියහ.

ශූරතාව දිනාගත් කොළඹ උතුරු පිලට රුපියල් ලක්ෂ 5ක් සමඟ ශූරතා කුසලානය හා අනුශූරතාව දිනාගත් කොළඹ දකුණ පිලට රුපියල් ලක්ෂ 3ක මුදල් තෑග්ගක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිරිනැමුණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැති  අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ දකුණ පිල මුලින් පන්දුවට පහරදීමට කොළඹ උතුර පිලට ආරාධනා කළ හෙයින් උතුර පිල සියලු දෙනා දැවී ලකුණු 164ක් ලබාගත් අතර, කොළඹ දකුණ පිල සියලු දෙනා ලකුණු 133කට දැවී ගියහ.

රෙහාන් පීරිස්ගේ නායකත්වයෙන් යුතු කොළඹ දකුණ පිලට එරෙහිව සාර්ථක පිතිකරණයක නිරත වූ කොළඹ උතුරු පිලේ අංක තුන පිතිකරු සන්තුල් විජේරත්න පන්දු 74කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 59ක් ලබාගනිමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. පළමු කඩුුලු 2 ම ලකුනු 23 ක් ඇතුළතදී බිඳ වැටී තිබියදී අංක 4 පිතිකරු මිහින් සොයිසා සමග එක් වුණු සන්තුල් විජේරත්න, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් පවත්වමින් සිය කණ්ඩායම අසීරු තාවයෙන් ගොඩ ගත්හ.

ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මෙම වමත් පිතිකරුවන් යුගලය අතුරින් තියුණු ලෙස දඟ කැවී ආ පන්දුව කඩුල්ල සොයා යෑම නිසා මිහින් සොයිසා දැවී ගියේය. තරගාවලියේ සාර්ථකම කඩුලු සම්බන්ධතාව බවට මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව සටහන් වද්දී පීඩනය දරාගනිමින් සංතුල්ට අනගි සහායක් ලබා දුන් මිහින් සොයිසා පන්දු 34 කදී ලකුණු 20 ක් රැස් කර ගත්තේය.

ඔහුට අමතරව  පසු පෙලින් පන්දුවට පහර දීමට පැමිණි ළහිරු ලක්මාල් පන්දු 35කදී හ‍යේ 2ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 27ක් ලබා ගත්තේය. නායක ලිතුම් සෙනුජ ලකුණු 15 ක් ලබා ගත්තේය.

ජයග්‍රහණය හඹා යමින් සිටි කොළඹ දකුණ පිල කඩුලු 2ක් බිඳ වැටී ලකුණු 92ක් ලබා ස්ථාවර තත්ත්වයක සිටියද, ලකුණු 21ක් තුලදී කඩුලු 6ක් බිද වැටීමෙන් අසීරුතාවට ලක් වූවේය. මෙහිදී 15 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට කොළඹ දකුණු කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 92 ක් ලබා ප්‍රභල තත්ත්තවයක පසුවූවේය. කෙසේ වෙතත් නායක රෙහාන් පීරිස්ව දවා ගැනීමට ශවීන් පෙරේරා සමත්වීමත් සමග කොළඹ දකුණු පිලේ කඩා වැටීම ඇරැඹිණ. රෙහාන් දැවී යන විට පන්දු 42 කදී ලකුණු 37 ක්ද සමීන් අනුහස් පන්දු 35 කදී ලකුණු 28 ක්ද රැස් කරගත්හ.  

කොළඹ උතුරු පිලේ මිනුග නෙත්සර ලකුණු 37කට කඩුලු 4ක් බිඳහෙලා කොළඹ දකුණ පිලේ බලාපොරොත්තු සුන් කළේය. එමෙන්ම ළහිරු ලක්මාල් කඩුලු 3ක් හා ෂවීන් පෙරේරා කඩුලු 2ක් බිඳ‍හෙලා පීඩනය වැඩි කළහ.

ඉකුත් වසරේ ශූරයන්ව සිටි කොළඹ දකුණු කණ්ඩායම මෙවර තරග වාරයේ මූලික වටයේ තරග 4න් 3ක්  ජය ගනිමින් හා කොළඹ උතුරු කණ්ඩායම තරග 2ක් ජය ගනිමින් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික කිත්සිරි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණි. අවසන් තරගයේ වීරයා සම්මානය සමඟ රුපියල් 50,000ක මුදල් තෑග්ග කොළඹ උතුරු පිලේ ළහිරු ලක්මාල්ට හිමිවූ අතර, තරග 5කදී කඩුලු 10ක් බිදහෙලූ මහනුවර පිලේ චනුල් කොඩිතුවක්කු තරගාවලියේ හොදම පන්දු යවන්නාට හිමි සම්මානය සමඟ රුපියල් 75000ක මුදල් තෑග්ග, තරග 5කදී ලකුණු 196ක් ලබාගත් මහනුවර පිලේ සනිඳු ගුණතිලක තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානය සමඟ රුපියල් 75000ක මුදල් තෑග්ග දිනා ගත්හ. තරගාවලිය පුරා ලකුණු 124ක් රැස්කර ගනිමින් හා කඩුලු 10ක් බිඳ‍හෙලා තරගාවලියේ වීරයා සම්මානය සමඟ රුපියල් 100000ක මුදල් තෑග්ග දිනා ගැනීමට මහනුවර පිලේ චනුල් කොඩිතුවක්කු සමත් විය.

කොළඹ උතුරු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 164 (ඕවර් 36.5)‍

කෞෂික තිලකරත්න 5, කවිත් ද සිල්වා 3, සන්තුල් විජේරත්න 59, මිහින් සොයිසා 20, ෂවීන් පෙරේරා 7, සනුල් වීරරත්න 3, දුමීන් ලියනාරච්චි 1, ලිතුම් සෙනුජ 15, ළහිරු ලක්මාල් 27, මිනුග නෙත්සර 6, (ගිම්හාන් මෙන්ඩිස් 25/2, සෙහඳු සූරියආරච්චි 31/2, රුසඳු සිල්වා 16/4)

කොළඹ දකුණ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 133 (ඕවර් 26.4)‍

හිරුන් මතීෂ 15, රෙහාන් පීරිස් 37, සීමන් අනුහස් 28, රුසඳු සිල්වා 2, හිමරු දේශාන් 15, තෙවිඳු වේවැල්වල 1, මතීෂ අපෝන්සු 4, ගිම්හාන් මෙන්ඩිස් 6,  ඕෂධ මනහර 1, සෙහඳු සූරියආරච්චි නොදැවී 3 ( මිනුග නෙත්සර  37/4,  ළහිරු ලක්මාල් 26/3, ෂවීන් පෙරේරා 9/2)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee