slc
logo
Home   |    News
අගෝස්තු 24, 2025
ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ස්ථානවලට එන්න තුන්කොන් සටනක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (24 දා) දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීද ලකුණු 28 ක ජයක් වාර්තා කළ කොළඹ දකුණු කණ්ඩායම මෙවර තරග වාරයේ පිට පිටම තෙවැනි තරග ජයග්‍රහණය වාර්තා කරමින් කිසිදු අපහසුවකින් තොරවම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව පෙරමුණේ පසුවන්නේය. කෙසේ වෙතත් මූලික වටය යටතේ සහභාගි වූ තරග 4 න් 4 ම පරාජයට පත් වුණු දඹුල්ල කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය අහිමි වන අතර ඔවුන් හෙට (25 දා) යළි සිය නිවෙස් බලා පිටත්ව යනු ඇත.

මේ අතර අද පැවැති තරගයකදී කොළඹ උතුරු කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායම ලකුණු 117 ක ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමග අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථානයන්ට පත් වන්නේ කවුරුන්ද යන්නට දැන් ඇත්තේ තුන්කොන් සටනකි.

දඹුල්ල කණ්ඩායම හැරුණු කොට සෙසු කණ්ඩායම් 4 ටම මූලික වටය යටතේ ලබන 26 වැනිදා තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින අතර එම තරග වලදී ඒ ඒ කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කරන ආකාරය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථානය තීන්දු වනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට තමන් ක්‍රීඩා කරළ තරග 3 න් තරග 2  බැගින් ජය ගෙන සිටින මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැඳී සිටිති. සහභාගි වූ තරග 3 න් එක් තරගයක් පමණක් ජය ගෙන සිටින කොළඹ කණ්ඩායම එම සටහනේ සිව්වැනි ස්ථානයට පත්ව සිටින්නේය.

මෙහිදී කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 221 ක් ලබා ගත් නමුත් එම ඉලක්කය හඹා යෑමේදී කොළඹ උතුරු කණ්ඩායම පන්දුවාර 29.5 කදී සියලු දෙනාම ලකුණු 104 කට දවාලීමට කැන්ඩි පන්දු යවන්නෝ සමත්වූහ. මෙම තරගයේදී දෙපිළේම එකම අර්ධ ශතකයක් හෝ වාර්තා නොවීම කැපී පෙනෙයි.

මේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දඹුල්ල පිලට එරෙහිව ලකුණු 28 ක ජයක් වාර්තා කළ කොළඹ දකුණු කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රඳවා ගැනීමට සමත්ව සිටියි. පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 කට ලකුණු 226 ක් රැස් කරන ලදුව එම ඉලක්කය හඹා යෑමේදී ප්‍රතිවාදී දඹුලු කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 198 ක් පමණි.

මෙම තරගයේදී කොළඹ දකුණ කණ්ඩායම වෙනුවෙන් තෙවිඳු වේවැල්වල (84) සහ හිමරු දේශාන් (නොදැවී 80) අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වූහ. පළමු කඩුලු 5ම ලකුණු 63 ක් ඇතුළතදී බිඳ වැටී තිබියදී 6 වැනි කඩුල්ලට එක් වුණු මේ පිතිකරුවන් දෙදෙනා පන්දු 153 කදී ලකුණු 132 ක් රැස් කරමින් කොළඹ ලකුණු පුවරුව ඉහළට රැගෙන ගියහ. මෙහිදී තෙවිඳු සිය ලකුණු 84 සදහා හයේ පහරක් සහ හතරේ පහර 7 ක් එල්ල කරන ලද්දේ පන්දු 119 කට මුහුණ දෙමිනි. ඔහුට අමතරව ලකුණු 80 ක් ලබාගත් හිමරු දේශාන් පන්දු 83 කට මුහුණ දුන්නේ  හතරේ පහර 10 ක් සමගිනි.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලද එකම පිතිකරුවා බවට පත්වූයේ ඉෂාන් ඛාන් වන අතර ඔහු පන්දු 69 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 53 ක් රැස් කළේය. මෙය ඉෂාන් මෙම තරග වාරයේ රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය විය.

කොළඹ දකුණට ලකුණු 28 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 50 දී කඩුලු 6 කට ලකුණු 226 යි – (තෙවිඳු වේවැල්වල 84, රුසඳ සිල්වා 25, හිමරු දේශාන් 80*, ස්ටීවොන් පීරිස් 11, දිහාන් මුණසිංහ 30/3)

දඹුල්ල පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවීි ලකුණු 198 යි – (අමල් පෙරේරා 22, ෂෙනන් ප්‍රනාන්දු 40, පුදසර අයෝද්‍ය 34, ඉෂාන් ඛාන් 53, චමෝද් ප්‍රභාෂ 14, රුසඳ සිල්වා 38/3, මතීෂ අපෝන්සු 21/2, හිමරු දේහාන් 15/2, ඔෂද මනහර 34/2)

මහනුවරට ලකුණු 117 ක ජයක්

මහනුවර පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 221 යි – (යෙනුල හේවාවිතාරණ 23, චනුල් කොඩිතුවක්කු 36, ගවේෂ් පූර්ණ 24, දිනුල් විජේසිංහ 12, ප්‍රවීන් ගමගේ 10, පියුමක කරුණාරත්න 25, සනිතු ගුණතිලක 37, ළහිරු ලක්මාල් 37/2, ශවීන් පෙරේරා 20/2, සවිඳු සත්සර 56/2)

කොළඹ උතුර ප්දුවාර 29.5 කදී සියලු දෙනා දැවී ලකුණු 104 යි – (සන්තුල් විජේරත්න 33, ලිතුම් සෙනුජ 10, සෙනුල් වීරරත්න 12, ශවීන් පෙරො 27*, දිල්මිත් විමෝෂ් 13/2, සනිතු ගුණතිලක 14/2, කෙනුල පිහිලිංග 27/2, චනුල් කොඩිතුවක්කු 25/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee