ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්රිකට් තරගාවලියේ අද දිනයේ පැවැති තරග අතුරින් ටැමිල් යුනියන් ක්රීඩා සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්රීඩා සමාජය ජයග්රහණ අත්කර ගනු ලැබීය.
ටැමිල් යුනියන් සහ බ්ලුම්ෆීල්ඩ් අතර තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර ටැමිල් යුනියන් කණ්ඩායම අවසානයේ ජය ගත්තේ කඩුල්ලකිනි. මේ තරගයෙන් ජය ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 170ක් අවශ්ය වු අතර ඔවුන් කඩුලු 9කට ලකුණු 173ක් රැස් කළේ තියුණු තරගයක නියැළෙමිනි.
ටැමිල් යුනියන් දෙවන ඉනිමේ පන්දුවට පහර දෙද්දී නායක ඉසිවර දිසානායක පන්දු 58ක දී හතරේ හයක් සහ හයේ පහරක් සමග ලකුණු 51ක් රැස් කරමින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට මුල් විණි. බ්ලුම්ෆීල්ඩ් පන්දුවට පහරදෙන අවස්ථාවේ ටැමිල් යුනියන් කණ්ඩායමේ මෙවන් දිසානායක ප්රථම ඉනිමේ ලකුණු 58කට කඩුලු පහක් දවා දෙවන ඉනිමේ දී ද කඩුලු හතක් දවාලුවේ ලකුණු 48ක් පමණක් දීමෙනි.
බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් ද ප්රබල පන්දු යැවීමක නිරත වු තරිඳු නිර්මාල් ටැමිල් යුනියන් පළමු ඉනිමේ දී ලකුණු 75කට කඩුලු අටක් ද දෙවන ඉනිමේ දී ලකුණු 89කට කඩුලු තුනක් ද දවා තරගයේ දී කඩුලු 11ක් දවාලමින් දස්කම් පෑවේය.
යුනයිටඩ් සදර්න් සහ ශ්රී ලංකා යුද හමුදාව අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් නායක සසංක නිර්මාල් තරගය පුරාම තුන් ඉරියව්වේම දස්කම් පාමින් කණ්ඩායමේ ජයග්රහණයේ නියමුවා බවට පත්විණි. සසංක නිර්මාල් ප්රථම ඉනිමේ දී ලකුණු 34ක් රැස් කර පසුව ලකුණු 77කට ප්රතිවාදී කඩුලු හයක්ම දවාලුවේය. දෙවන ඉනිමේ දී ද සසංක ලකුණු 32ක් රැස් කර පසුව ලකුණු 22කට කඩුලු දෙකක් දවාලීය.
මීට අමතරව බී.ආර්.සී. සහ නුගේගොඩ ක්රීඩා සහ සුබසාධක තරගයේ දී නුගේගොඩ කණ්ඩායමේ පුළිඳු පෙරේරා ලකුණු 146ක් ද ඒස් කැපිටල් – බදුරලිය තරගයේ දී ඒස් කැපිටල් කණ්ඩායමේ රනේෂ් සිල්වා ලකුණු 143ක් ද සී.සී.සී. – කෝල්ට්ස් තරගයේ දී සී.සී.සී. කණ්ඩායමේ පවන් රත්නායක නොදැවී ලකුණු 151ක් ද (පන්දු 133යි හතරේ 12යි හයේ පහරයි) සහ නිගම්බු – රාගම අතර තරගයේ දී නිගම්බු කණ්ඩායමේ කවීන් ප්රනාන්දු ලකුණු 167ක් ද (පන්දු 179යි හතරේ 19යි හයේ හතරයි) වශයෙන් ශතක රැස් කළහ.
පන්දු යැවීමේ දී හලාවත මේරියන්ස් – මුවර්ස් තරගයේ දී තරිඳු කෞශල්ය (මුවර්ස්) ලකුණු 45කට කඩුලු පහක් ද යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ සිතුක ගුණවර්ධන යුද හමුදා සමග තරගයේ දී ලකුණු නවයකට කඩුලු පහක් ද සී.සී.සී. – කෝල්ට්ස් තරගයේ දී සී.සී.සී. කණ්ඩායමේ තිසර වන්නිනායක ලකුණු 33කට කඩුලු හයක් ද කෝල්ට්ස් කණ්ඩායමේ තරණ විමලධර්ම ලකුණු 55 කට කඩුලු පහක් ද කැන්ඩි කස්ටම් – ගෝල් තරගයේ දී ගෝල් කණ්ඩායමේ මනිත රාජපක්ෂ ලකුණු 88කට කඩුලු හතක් ද දවා දස්කම් දැක්වීය.
ඒස් කැපිටල්, නුගේගොඩ ක්රීඩා සහ සුබසාධක සමාජය, හලාවත මේරියන්ස්, සී.සී.සී., කැන්ඩි කස්ටම් සහ නිගම්බු ක්රීඩා සමාජය පළමු ඉනිමේ ජය වාර්තා කළේය.
- බ්ලුම්ෆීල්ඩ් ක්රීඩා සමාජය – ටැමිල් යුනියන් ක්රීඩා සමාජය (ටැමිල් යුනියන් ක්රීඩා සමාජය කඩුල්ලකින් ජය ගනී)
බ්ලුම්ෆීල්ඩ් ක්රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 217යි (පන්දුවාර 56.4යි)
(අසිත වන්නිනායක 57, හසිත අමරසිංහ 33, මිනෙත් ප්රේමරත්න 32, පැතුම් රත්නායක 28, තරිඳු හර්ෂණ 15, දුලාජ් සමුදිත 15, කවීෂ පියුමල් 13, මෙවන් දිසානායක 58/5, විහස් තෙව්මික 93/4)
ටැමිල් යුනියන් ක්රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 156යි (පන්දුවාර 36.1)
(ඉසිවර දිසානායක 33, ශානුක ගලගොඩ 26, විහස් තෙව්මික 24, සිනෙත් ජයවර්ධන 23, තරිඳු ගුරුගේ 75/8)
බ්ලුම්ෆීල්ඩ් ක්රීඩා සමාජය දෙවන ඉනිම සියල්ල දැවී 108යි (පන්දුවාර 27.2යි)
(හසිත අමරසිංහ 25, දුලාජ් සමුදිත 25, සවිඳු රොද්රිගෝ 13, පැතුම් රත්නායක 11, මෙවන් දිසානායක 48/7, විහස් තෙව්මික 52/3)
ටැමිල් යුනියන් ක්රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 9ට 173යි (පන්දුවාර 40.4යි)
(ඉසිවර දිසානායක 51, සිනෙත් ජයවර්ධන 32, ශානුක ගලගොඩ 28, ෂාරුජන් ෂන්මුගනාදන් 19, කවීෂ පියුමාල් 40/3, තරිඳු ගුරුගේ 89/3)
- යුනයිටඩ් සදර්න් ක්රීඩා සමාජය – යුද හමුදා ක්රීඩා සමාජය (යුනයිටඩ් සදර්න් ක්රීඩා සමාජය ලකුණු 166කින් ජය ගනී)
යුනයිටඩ් සදර්න් ක්රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 8ට 279යි (පන්දුවාර 58.3යි)
(පෙසඳු සංජාන් 50, කවීෂ කල්පන 44, තරුෂ් දමිඳු 42, සසංක නිර්මාල් 34, ඩොමිනික් ප්රනාන්දු නොදැවී 32, චන්දුප ද සිල්වා 23, හංස මිහිරංග 21, සෙනිර ලිත්මින් 16, විහංග ඉරංජන 77/4, උමේෂ් ද සිල්වා 32/2)
යුද හමුදා ක්රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 206යි (පන්දුවාර 56.5යි)
(අශාන් සුදර්ශන 71, තරිඳු දිලංක 40, චමෝද් හේවාවිතාරණ 32, අමිල පෙරේරා 26, සසංක නිර්මාල් 77/6, හිමල් රවිහංස 71/3)
යුනයිටඩ් සදර්න් ක්රීඩා සමාජය දෙවන ඉනිම සියල්ල දැවී 162යි (පන්දුවාර 46.1යි)
(ඩොමිනික් ප්රනාන්දු 42, පෙසඳු සංජාන් 33, සසංක නිර්මාල් 32, හංස මිහිරංග 14, විහංග ඉරංජන 51/3, සෙනෙල් සමරතුංග 64/3, චමෝද් හේවාවිතාරණ 8/2, උමේෂ් ද සිල්වා 25/2)
යුද හමුදා ක්රීඩා සමාජය දෙවන ඉනිම සියල්ල දැවී 69යි (පන්දුවාර 16.2යි)
(තරිඳු දිලංක 26, අෂාන් සුදර්ශන 15,සිතුක ගුණවර්ධන 9/5, හිමාල් රවිහංස 38/3, සසංක නිර්මාල් 22/2)
- බදුරලිය ක්රීඩා සමාජය – ඒස් කැපිටල් ක්රිකට් සමාජය (ඒස් කැපිටල්ට පළමු ඉනිමේ ජය)
බදුරලිය ක්රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 388යි (පන්දුවාර 99.3යි)
(ශානක්ය දේශප්රිය 114, රුසඳු සිල්වා 79, ජනෙත් කෞෂාල් 70, යෙනුල දෙව්තුසා 34, අෂේන් රොද්රිගෝ 24, තෙවිඳු දික්වැල්ල 18, රවීන් ද සිල්වා 59/4, ට්රෙවීන්මැතිව් 58/2)
ඒස් කැපිටල් ක්රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 9ට 406යි (පන්දුවාර 71යි)
(රනේෂ් සිල්වා 143,දනාල් හේමානන්ද නොදැවී 84,පවන් පතිරාජ 78, වනුජ සහන් 40,ළහිරු දෙවටගේ 22, ළහිරු අබේසිංහ 15, සඳුන් මෙන්ඩිස් 88/4, මනස මධුභාෂණ 89/2)
- බී.ආර්.සී. ක්රීඩා සමාජය – නුගේගොඩ ක්රීඩා සහ සුබසාධක සමාජය (නුගේගොඩ ක්රීඩා සහ සුබසාධක සමාජයට පළමු ඉනිමේ ජය)
බී.ආර්.සී. ක්රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 284යි (පන්දුවාර 81.3යි)
(යසිරු රොද්රිගෝ 61, විශ්ව සුපුන් 52, කුසල් විජේතුංග 38, දිමත් අබේසිංහ 36, රුචිත් රුද්රිගෝ 24, තනුග පළිහවඩන 21 නිර්මල රත්නායක 121/4, අභිෂේක් ආනන්දකුමාර 34/3, පසිඳු පැතුම් 17/2)
නුගේගොඩ ක්රීඩා සහ සුබසාධක සමාජය පළමු ඉනිම කඩුලු 7ට 349යි (පන්දුවාර 69.4යි)
(පුළිඳු පෙරේරා 146, අභිෂේක් ආනන්දකුමාර 64, අක්රම් මුතාලිබ් 35, සඳුන් රත්නායක 13, තනුග පළිහවඩන 86/3, දිමත් අබේසිංහ 68/2)
- හලාවත මේරියන්ස් ක්රිකට් සමාජය – මුවර්ස් ක්රීඩා සමාජය (හලාවත මේරියන්ස් ක්රිකට් සමාජයට පළමු ඉනිමේ ජය)
හලාවත මේරියන්ස් ක්රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 7ට 420යි (පන්දුවාර 90යි)
(දර්ශක සංදීප් 118, සකුන ලියනගේ 115, හිරාන් ජයසුන්දර 56, දිලන දම්සර 36, තෙවින් අමරසිංහ 34, යසිරු ලක්ෂාන් නොදැවී 18, ගරුක සංකෙත් 74/3 ඔෂාන් ද සිල්වා 9/2)
මුවර්ස් ක්රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 164යි (පන්දුවාර 41.1යි)
(මල්ෂා තරුපති 36, ඔමේෂ් මෙන්ඩිස් 35, ඔෂාන් ද සිල්වා 22, රවිෂාන් ද සිල්වා 16, මෙලන හංසක 21/4, තිමිර ඉරුෂ්ක 47/4)
හලාවත මේරියන්ස් ක්රිකට් සමාජ දෙවන ඉනිම සියල්ල දැවී 230යි (පන්දුවාර 41යි)
( සකුන ලියනගේ 65, තෙවින් අමරසිංහ 42, යසිරු ලක්ෂාන් නොදැවී 39, දර්ශක සංදීප් 38, කවිඳු කෞශල්ය 45/5, හිවින් කෙනුල 14/2)
මුවර්ස් ක්රීඩා සමාජය දෙවන ඉනිම කිසිවෙකු නොදැවී දිනය නිම වන විට ලකුණු 30යි (පන්දුවාර 3.2යි)
(විශාර ප්රනාන්දු නොදැවී 26, රවිෂාන් ද සිල්වා නොදැවී 03)
- සී.සී.සී. ක්රීඩා සමාජය – කෝල්ට්ස් ක්රිකට් සමාජය (සී.සී.සී. ක්රීඩා සමාජයට පළමු ඉනිමේ ජය)
සී.සී.සී. ක්රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 214යි (පන්දුවාර 67.5යි)
(පවන් රත්නායක 52, තිසරු වන්නිනායක 40, පවන් සංදේශ් 28, සෙත්රු ප්රනාන්දු නොදැවී 22, අරෝෂ සිතුමිණ 18, තරණ විමලධර්ම 55/5, ප්රවීන් මනීෂ 75/3)
කෝල්ට්ස් ක්රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 139යි (පන්දුවාර 52.3යි)
(රුසඳ ගමගේ 73, හිරුන් කපුරුබණ්ඩාර 17, සවින්ද්ය රන්මිණ 16, තිසරු වන්නිනායක 33/6, ඉනුක කරන්නාගොඩ 36/2)
සී.සී.සී. ක්රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 3ට 328යි (පන්දුවාර 53යි)
(පවන් රත්නායක නොදැවී 151, සහන් කෝසල නොදැවී 70, අංජල බණ්ඩාර 42, අරෝෂ සිතුමිණ 39, තරණ විමලධර්ම 108/2)
- ගෝල් ක්රිකට් සමාජය – කැන්ඩි කස්ටම් ක්රීඩා සමාජය (ගෝල් ක්රිකට් සමාජය ලකුණු 35ක් ඉදිරියෙන්)
ගෝල් ක්රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 200යි (පන්දුවාර 77.1යි)
(සංදෙව් ඉඳුවර 57, යුරී කොට්ටිගොඩ 48, නිකිල් ජයවීර 20, අරෝෂ උදයංග 15, චමත් දිල්සර 14, හංසමන ද සිල්වා 14, කවීෂ ඉඳුවර 53/4, නඳුන් අසේල සිල්වා 34/3, ජනිඳු චාමික 46/2)
කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 247 (පන්දුවාර 78.5යි)
(කවීෂ ඉඳුවර 72, මිනිඳු පැහැසර සිල්වා 64, මහෞධෂ ප්රනාන්දු 39, චෙහාන් සුබසිංහ 22, සුධීර වීරරත්න 15, අයේෂ් ශෂිමාල් 15, මනිත රාජපක්ෂ 88/7, කවීන් රුක්ෂාන් 25/2)
ගෝල් ක්රිකට් සමාජය දෙවන ඉනිම කඩුලු 3ට 82යි (පන්දුවාර 21යි)
(නිකිල් ජයවීර නොදැවී 59, සුධීර වීරරත්න 43/2, ජනිඳු චාමික 1/1)
- රාගම ක්රිකට් සමාජය – නිගම්බු ක්රිකට් සමාජය (නිගම්බු ක්රිකට් සමාජයට පළමු ඉනිමේ ජය)
රාගම ක්රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 143යි (පන්දුවාර 48.3යි)
(රන්දුල් සමරහේවා 31, තිනුල ලියනගේ 28, මලීෂ සිල්වා 24, අසීම් මොහොමඩ් නොදැවී 21, ජනුත් අඹන්පොළ 16, ශෙහාන් ප්රමෝද් 29/4, අමිත පෙරේරා 52/3, හංසජ හිරුණ 32/2)
නිගම්බු ක්රිකට් සමාජය පළමු ඉනිම කඩුලු 9ට 321යි (පන්දුවාර 77යි)
(කවීන් ප්රනාන්දු 167, මොහොමඩ් මුර්ෂාඩ් නොදැවී 38, වගීෂ පෙරේරා 27, හසිඳු කවිරත්න 17, කෙවින් නානායක්කාර 64/4, දසිත් ගුණතිලක 116/3)
රාගම ක්රිකට් සමාජය දෙවන ඉනිම කඩුලු 8ට 146යි (පන්දුවාර 54යි)
(දෙනුර දිමන්සිත් 52, දසිත් ගුණතිලක 32, තිනුල ලියනගේ 22, අසීම් මොහොමඩ් නොදැවී 19, හංසජ හිරුණ 25/4, අමිත පෙරේරා 31/2)
- පොලිස් ක්රීඩා සමාජය – කුරුණෑගල තරුණ ක්රිකට් සමාජය (පොලිස් ක්රීඩාංගණයේ දී)
පොලිස් ක්රීඩා සමාජය පළමු ඉනිම කඩුලු 9ට 303යි (පන්දුවාර 84.1යි)
(රශ්මික හිරුෂාන් පෙරේරා 114, සංගීත් ෂෙහාර 52, ධනුජ ඉඳුවර 42, ඉරුෂ ආකාෂ් 33, විදුන විජේබණ්ඩාර 24, වතිල උදාර 72/3, ගයන වීරසිංහ 28/2, දිනුක තෙන්නකෝන් 88/2)
කුරුණෑගල තරුණ ක්රිකට් සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 8යි (පන්දුවාර 3යි)





