slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2025
නිගම්බු ජයග්‍රහණයට මුල් වු ශෙහාන් ප්‍රමෝද් කඩුලු 15ක් ම දවාලයි

sinhala editor

අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ දෙදින නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේදී නිගම්බු ක්‍රිකට් කණ්ඩායමේ ශෙහාන් ප්‍රමෝද්  විසින් ලියෝ ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගයේදී පළමු ඉනිමේ දී ලකුණු 43කට කඩුලු හතක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 50කට කඩුලු අටක් දවාලමින් දැක් වු විශිෂ්ට දස්කම් මත නිගම්බු කණ්ඩායම ලකුණු 120කින් ලියෝ ක්‍රිකට් සමාජය පරදා පහසු ජයක් අත්කර ගත්තේය.  කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී ශෙහාන් ප්‍රමෝද් ලකුණු 93කට කඩුලු 15ක් දවාලීමට සමත්වූවේය.

 ප්‍රථම දින නිම වන විට නිගම්බු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රථම ඉනිමේ ලකුණු 217ට පිළිතුරු ලෙස කඩුලු හතරකට ලකුණු 71ක් ලබා සිටි ලියෝ ක්‍රිකට් කණ්ඩායමට අද (01) උදෑසන ඉතිරි කඩුලු හය දැවී රැස් කර ගත හැකි වුයේ තවත් ලකුණු 70ක් පමණකි.

 නිගම්බු ක්‍රීඩා සමාජය දෙවන ඉනිම සඳහා කඩුලු හතරකට ලකුණු 152ක් රැස් කර තරගයෙන් ජය ගැනීමට ලියෝ කණ්ඩායමට ලකුණු 229ක ඉලක්කයක් පිරිනැමීය. එහෙත් පන්දු යැවීමේ දී නැවත ක්‍රියාත්මක වු ශෙහාන් ප්‍රමෝද් දෙවන ඉනිමේදීත් ලකුණු 50කට ලියෝ පිතිකරුවන් අට දෙනෙකුම දවාලීමෙන් ලියෝ දෙවන ඉනිම ලකුණු 108කට සීමා විණි.

 ලියෝ ප්‍රථම ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වුයේ ජනිත් මිහිරංග (25) සහ ඕෂද ගිම්හාන්ය (20).

 නිගම්බු දෙවන ඉනිමේ දී දැඩි ප්‍රහාරයක් එල්ල කළ ලෙෂ්ටර් ජයවීර පන්දු 19ක දී ලකුණු 43ක් රැස් කළේ හතරේ පහරක් සහ හයේ පහර පහක් සමගය. මීට අමතරව වැඩිම ලකුණු ලාභියා වු කවීන් ප්‍රනාන්දු පන්දු 76කට මුහුණ දී හතරේ හයක් හයේ දෙකක් සමග ලකුණු 64ක් ලැබීය.

 ලියෝ දෙවන ඉනිමේ දී නායක නෙත්ම කරුණාරත්න පන්දු 40ක දී හතරේ තුනක් සහ හයේ එකක් සමග ලකුණු 33ක් ද විශ්ව රාජපක්ෂ පන්දු 25ක දී හතරේ දෙකක් හයේ තුනක් සමග ලකුණු 33ක් ද රැස් කළහ.

ලකුණු විස්තරය

  • නිගම්බු ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය (නිගම්බු ක්‍රීඩා සමාජය ලකුණු 120කින් ජය ලබයි)

නිගම්බු ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 217යි (පන්දුවාර 64.2යි)

(කවීන් ප්‍රනාන්දු 52, ලෙෂ්ටර් ජයවීර 42, තත්සර එෂාන් 38, හංසජ හිරුණ 37, ඕෂද ගිම්හාන් 77/4, පූර්ණ කල්හාර 61/3)

ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 141යි (පන්දුවාර 56.2යි)

(ජනිත් මිහිරංග 25, ඕෂද ගිම්හාන් 20, නෙත්ම කරුණාරත්න 17, රමිත බණ්ඩාර 14, ශෙහාන් ප්‍රමෝද් 43/7, අමිත පෙරේරා 52/2)

නිගම්බු ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 4ට 152යි (පන්දුවාර 22යි)

(කවීන් ප්‍රනාන්දු 64, ලෙෂ්ටර් ජයවීර 43, වගීෂ පෙරේරා 23, ගිත්මින් කොළඹගේ 23/2, ඕෂද ගිම්හාන් 60/2)

ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම සියල්ල දැවී 108යි (පන්දුවාර 31.5)

(විශ්ව රාජපක්ෂ 33, නෙත්ම කරුණාරත්න 33, රමිත බණ්ඩාර 28, ශෙහාන් ප්‍රමෝද් 50/8)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee