slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2025
පානදුරට එරෙහිව ලියෝ කඩුලු 6 ක ජයක් වාර්තා කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ අවුරුදු 23 න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව අද පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ලියෝ ක්‍රීඩා සමාජය අද (06 දා) සමත්විය.

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවැති මේ තරගයෙන් ජය ගැනීමට ලියෝ ක්‍රිකට් කණ්ඩායමට දෙවැනි ඉනිමේ දී ලකුණු 249ක් අවශ්‍ය වු අතර ඔවුන් එම ඉලක්කය කරා කඩුලු 4 ක් පමණක් දැවී රැස් කර ගත්තේය. පළමුව පන්දුවට පහර දුන් පාණදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී ලකුණු 94කට දැවී ගිය අතර ලියෝ ක්‍රිකට් කණ්ඩායම ඊට පිළිතුරු සැපයුවේ ප්‍රථම ඉනිමට ලකුණු 171ක් ලබා ලකුණු 77ක් ඉදිරියෙන් පසුවෙමිනි.

පාණදුර ක්‍රීඩා සමාජය සිය දෙවන ඉනිමේ දී සාර්ථක පිතිහරඹයක නියැළෙමින් කඩුලු නවයකට ලකුණු 325ක් රැස් කර තම වාරය නතර කළේ ලියෝ කණ්ඩායමට ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් සපයමිනි.

පාණදුර කණ්ඩායම දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන අවස්ථාවේ ප්‍රථම දින තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 162ක් ලබා ප්‍රබල ස්ථානයක සිටියත් අද (06) නැවත තරගය ආරම්භවීමත් සමග නොදැවී ලකුණු 104ක් ලබා සිටි දුරන්ක ද සිල්වා පළමු පන්දු වාරයේ දී ම විශ්ව රාජපක්ෂගේ පන්දුවකට ස්ටීවන් ප්‍රනාන්දු දක්ෂ ලෙස උඩපන්දුවක් රැක ගැනීමෙන් ලකුණු 104 කටම දැවී ගියේය. පසුව පාණදුර කණ්ඩායමේ ඇසදිස ද සිල්වා ලකුණු 62ක් ද චාර්ය පරණවිතාන ලකුණු 50ක් ද රැස් කිරීමෙන් ඔවුනට කඩුලු 9කට ලකුණු 325ක් කරා යාමට අවස්ථාව උදා විණි.

ලියෝ ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් දෙවන ඉනිමේ දී දැඩි අධිෂ්ඨානයකින් ජයග්‍රහණය කරායාමේ අපේක්ෂාවෙන් පන්දුවට පහරදෙමින් ඉදිරිපෙළ පිතිකරුවන් සියල්ල ලකුණු අතරට පිවිසියහ.  එහිදී ආරම්භක පිතිකරු සළිඳු පතිරණ ලකුණු 86ක් ද අවින්ත ද අල්විස් ලකුණු 52ක් ද සහ රමිත් බණ්ඩාර නොදැවී ලකුණු 51ක් ද වශයෙන් අර්ධ ශතක රැස් කරද්දී පූර්ණ කල්හාර ලකුණු 47ක් ද රැස් කරමින් ලියෝ ජයග්‍රහණයට වැඩිම දායකත්වය දැක්වූ පිතිකරුවෝ බවට පත්වූහ.

ලකුණු පුවරුව

  • පාණදුර ක්‍රීඩා සමාජය – ලියෝ ක්‍රිකට් සමාජය (ලියේ කඩුලු හයකින් පාණදුර පරාජය කරයි)

පාණදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියල්ල දැවී 94යි (පන්දුවාර 24.2යි)

 (දුරන්ක සිල්වා 25, කවිඳු අමමෙත් 17, කාංචන ඩි ලිවේරා 15, සසිඳු මල්ෂාන් 13, පූර්ණ කල්හාර 25/6, ගිත්මින් කොළඹගේ 11/2, ඕෂද ගිම්හාන් 22/2)

 ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම සියල්ල දැවී 171යි (පන්දුවාර 33.4යි)

 (විශ්ව රාජපක්ෂ 43, ස්ටීවන් ප්‍රනාන්දු 37, රමිත් බණ්ඩාර 26, පූර්ණ කල්හාර 18, ඕෂද ගිම්හාන් 17, සෙනිත හැළඹගේ 65/4, මෙවිඳු කුමාරසිරි 34/3, විශ්ව ළහිරු කුමාර 71/2)

 පාණදුර ක්‍රීඩා සමාජය දෙවන ඉනිම කඩුලු 9ට 325යි (පන්දුවාර 64.5යි)

(දුරන්ක සිල්වා 104, ඇසදිස ද සිල්වා 62, චාර්ය පරණවිතාන 50, යෂාන් අවිශ්ක 30, සෙනිත හැළඹගේ 27, කවිඳු අමමෙත් 21, විශ්ව ළහිරු 16, නෙත්ම කරුණාරත්න 60/3, පූර්ණ කල්හාර 85/3, ඕෂද ගිම්හාන් 56/2, විශ්ව රාජපක්ෂ 40/1)

ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම කඩුලු 4ට 251යි (පන්දුවාර 51යි)

 (සළිඳු පතිරණ 86, අවින්ත ද අල්විස් 52, රමිත් බණ්ඩාර නොදැවී 51, පූර්ණ කල්හාර 47, යෂාන් අවිශ්ක 65/2, සෙනිත හැළඹගේ 86/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee